උන් දෙන්නාත් හිටියා නම්
(මතක ඇත,ලියා නැත 02)
එකෙක් හිත හොඳ එකෙක් අනිකා හරි,අහිංසකයෙක් .උන් දෙන්නා කොහෙ ගියාද කියලා දන්නෙ නැ.උන් දෙන්නා මට මතක විදිහට අවුරුදු දෙක තුනක් වයස් පරතරයක් ඇති.එකෙක් ගේ උඩු රැවුලක් තිබුනා.තලඑලලුයි.අනිකා සුදුයි.දෙමස්සිනො. එගොඩ මෙගොඩ තමයි හිටියේ .උන් දෙන්නා ගේ කිරිඅප්පලා,අයියො මලයො.එකෙක්,පස්සරට නැකම් කියන කොට අනිකා, අහිංසකයා බිබිලෙගමට නැකම් කිව්වා.අහිංසකයා ගෙ අම්මා ,අපෙ තාත්තා ගෙ,ලොකු අම්මා ගෙ බාල දුව.මම පොඩි කාලෙ තමයි දැරිය අපේ ගෙදරට ඇවිත් තියෙන්නෙ.ඔහොම ඉන්න කොට මේ ඇත්ති ගමේ හිටිය දඩබ්බර “නිලමෙ”ට පෙම් බැන්දා,බඩල්කුබුරෙ ලේකම් මහත්තයගෙ ගෙදරට අපි නැදැයො ඔක්කොමත් එක්ක ගියේ ,වරාදොල වත්තෙ තේ දලු අදින ලොරියෙන් . කසාද බදින්න ජොඩුව ගියේ ඔසෙන් මුදලාලිගේ Morris minor කාර් එකේ.විවාහ ලේකම්වරයා අපේ කිරිඅප්පා කෙනෙක් .දහවල් මගුල් කැම එහෙන්. ජොඩුව එගොඩ “හෙල වලව්වේ “ පදිංචියට ගියා.එහෙ ලොකු නිලමෙ,ගමේ ගමරාළ නිලමේ ගේ(මියගිය )බිරිඳ නාවල හිංමැනිකෙගෙ පවුලත්,බිරිඳ මියගිය ,කොන්ඩෙ බැදපු ,නිලමේ කෙනෙක් හිටියා. පවුල් කිහිපයකට සරිලන විදිහට මැද මිදුලක් එක්ක ,කටුමැටි යෙන් වලව්ව හදලා තිබුණේ ..අනික වෙන් කරලා තිබුනෙ,දඩබ්බර නිලමේට .මේ ජොඩුවගෙ කුලුදුල් පුතා ඉපදුනේ ,බිබිලෙගම ඉස්පිරිතාලෙදි.අම්මාගෙ මහ ගෙදර “බුලත්ලන්දෙ”,මාස තුනක් විතර පස්සෙ හෙලවලව්වට එක්ක ආවා.
අනිකා ඉපදුනේ පස්සර ඉස්පිරිතාලෙ .ඉස්පිරිතාලෙන්,පහලට බැස්ස ගමන් ,නඩුදාන මහාත්තයලා ගේ මහගෙදර .ඉස්සර නඩු දාන මහත්තයා කියලා තනතුරක් තිබුනා.ගම්වල තමන්ගේ ලමයි ඉස්කෝලෙ යවන්නෙ නැතුව ,හේනෙ,කුඹුරේ වැඩවලට තියාගන්න දෙමාපියනට නඩු දාන්න.කලු කෝට් ,ඇන්ද,සියා,බොරිච්චි හැට්ටය ඇන්ද ආච්චි ,මිටි යුවතියන් ටිකක් එහෙ හිටියෙ.මාස කිහිපයක් අර ළදරුවා එහෙ තියාගෙන හිටියා .ඒවෙනකොට පහල ගෙදර හදන ගමන් තිබුණේ .සිරිතක් විදිහට බඩ දරු අම්මාවරු ඉන්නකොට ගෙවල් හදන්නේ නැ. ඔය ලදරුවා ලබෙනකොට ඒ පවුලෙ ලොකු එකිට අවුරුදු දෙකක් විතර ඇති. ගමේ ආරච්චිමහත්තයගෙ ලමාතැනි හින්මැණිකේ,උන්ගේ කිරි අම්මගෙ උකුලෙ තමයි,ලොකු එකි හැදුණු වැඩුණේ ,ඒ කන්දෙගෙදර.සුදු පුංචි අම්මා එක්ක සෙල්ලම් කරනකොට,කිරිඅප්පා,මාමලා තුන් දෙනාම හුරතල් කලා .දැන් ඉතින් පහල ගෙදර හදලත් ඉවරයි .ගංගොඩේ,කිරිපනික්කයා ගුරුන්නාන්සේ ගේ නැකතකට පහළ ගෙදරට ගෙවදිලා ,කාලය ගෙවෙද්දී ,තවත් දගකාර කොල්ලෙක්,සුදු කලු කෙල්ලො තුනක් පහල ගෙදරට ,කොහෙන්දොආවා.බිලිං ගහේ ඔන්චිල්ලා ව,සිසොව,පහලගෙදර ට ඇතුළු වෙනකොටම කඩුල්ල අද්දර තිබුනා.නඩු දාන මහත්තයා හරි නිර්මාන කාරයෙක් .කිතූල් කදක් දෙබෑ කර දෙපැත්තේ හිටවලා,කදන් හතරක් දාන විදිහට සිදුරු කරලා කඩුල්ල හදලා තිබුනේ. කිතුල් කදෙන් හදපු කනප්පු දෙකකුත් තිබුනා ගෙදර .
දෙයියන් ගෙ කුබුරෙ,තමයි ආරච්චි මහත්තයගෙ ලොකු දුව හිටියෙ.ඉස්කෝලේ දෙවැනි මහත්තයා බින්න බැහලා පදිංචි උනෙ,එහෙ.උන්නැහේ ගේ පවුලේ හයෙන් ,තුනක් ඒ කාලේ තරුණ වියේ නිසා මේ කන්ඩායමට අයිති වුනේ නැ.හැබැයි ,අනික් තුන්දෙනා රැලේ සාමාජිකයෝ.එකි නොකි ,ගමේ කොල්ලො ,කෙල්ලො ,රැනට එකතු උනේ,හරියට children’s park එකට එනව වගේ .උන් දැන් ටිකක් ලොකුයි.ගමේ ඉස්කෝලෙට ගියේ පාට පාට ඇදුම් ඇදගෙන .සපත්තු නම් නැ.බැග්,තිබ්බෙත් නැ.පිපාසයට වතුර බිව්වෙ ලිදෙන් ඇදලා පනිට්ටු වෙන්.
උන්ගෙ ඉස්කෝලෙ වැඩ ගැන එතරම් මතකයේ නැ.කොල්ලොකුරුට්ටො හවසට ඉස්කෝලේ ගිහින් ආව ගමන් වැඩියෙන්ම ,තෙම්පරාදු කොස්,කිරි හොදි එක්ක බත් ගිල දාලා,පිජාමා සරමක් ඇදගෙන හූවකුත් දා ගෙන මැදවෙලට දුවන්නේ ,එල්ලෙ ගහන්න.එක හුවට පිලිතුරු හු එනවා එගොඩ ,මෙගොඩ හැම පැත්තෙන් .හැඩිදැඩි කොල්ලො හැන්දැ වෙනකං සෙල්ලම් කරනවා.පොඩි කොල්ලො ටිකක්,හිස් HORLICKS බෝතල් ඇරන් උල්පතට යන්නේ ,පොඩි මාලුවෝ අල්ලාගෙන බෝතලයට දාලා විනොදයට ඇති කරන්න.අපේ පන්සලේ නායක හාමුදුරුවෝ එහෙට මෙහෙට වෙනකල් ඉදලා පන්සලේ “ඇබිත්තයා” රැලට එන්නේ ,හිස් අතින් නොවේ .අතුරු පස ,කෙසෙල් ගෙඩි මල්ලක් ඇරගෙන.ඇලට ගිහින් ඇගපත හෝදාගෙන ගෙදරවල් වලට යනකොට ,කෙල්ලො ,කුප්පි ලාම්පු ,චිමිනි ලාම්පු පත්තු කරලා. ලාම්පු තෙල් නැත්නම් ඇල දිගේ “රැඩපිච්චෙගෙ” කඩේට ගිහින්,තෙල් ටික ගේනවා.හැබැයි පරිප්පු හොද්ද තෙම්පරාදු කරන සුවද කුස්සියෙන් එනකල් පාඩම් කරනවා බලේට.
දෙයියන්ගෙ කුබුරේ ගෙදර හිටියා උන් දෙන්නගෙ වයසෙ එකෙක් . බාල කෙල්ල උන්ට අවුරුදු දෙකක් තුනක් බාලඇති.බඩ පිස්සකුත් හිට්යා .මිනිහට වෙනම රැලක් හිටියා.පිහිල්ලපිටියෙ හිටියා ,හෙලවලව්ව පරපුරේ දෙවැනියා .පාරේ යන්නේ බිමබලා ගෙන.ඒ නිලමේගේ ලොකු කෙල්ලත්,බාල කොලු වත් අර දෙන්නත් එක්ක හරිම යාලුයි. සමහර වෙලාවට උන් ඔක්කොම එනවා දෙයියන්ගෙ කුබුරේ ගෙදරට .මිදුලේ තිබුනා හොඳට අතු විහිදුණු “great fruit “ ගහක්.ගෙඩිය දොඩම් ගෙඩියක් වගේ. ගහේ කටු නැ.ඔක්කොම නැගලා ඉන්නෙ ඒ ගහ උඩ හරියට වදූරු රැලක් වගේ .හවස් වෙනකොට ගෙදර ලොකු එකී,ඉරිගු මුට්ටියක් තම්බා ගෙන ඇවිල්ලා “කාපල්ලා”කියලා මිදුලේ තියලා යනවා.ඒ , සමහර වෙලාවට වැලි මුට්ටියේ bake karapu cake බෙදන්නෙ හරිම ආදරයෙන්.අපට රහට කන්න දුන්න “ලොකු එකිත් “කොහේ ගියාද ?දන්නෙ නැ.හරිම දුකක්. එහෙ හිටිය ඉස්කොලේ හාමිනේ වැඩි සද්දයක් නැතිව ගෙදර හිටියා .රැලේ එවුන් පොල්ලකින් ගහලා අබ කඩන කොට සරම් කොටේ ගැල වෙනකොට කෙල්ලො ටික හු කියනවා.ලුනු කැටත් එක්ක කනකොට,,කෙල්ලො,කොල්ලො,ඒක රස කරන්නෙ විහිලු තහලු කරමින්.
ඔය අතර මහිලා සමිතියත් රැස් වෙනවා ඒ,ඒ කුස්සි වල .කන්දේ ගෙදර හිං මැනිකේ අනුශාසක .සාමජිකයො,පිලිවෙලෙන්,දෙයියන්ගෙ කුබුරේ ගෙදර ,පහල ගෙදර ,හෙලඉඩම නියෝජනය කලා.
අයිනෝනා ආච්චි ගෙ හා ගම්සභා මැම්බර් උන්නැහේ ගේ යෝජනා ,ස්තිරත්වයෙන් ,හීල් ඔයෙන් ගමට එකුතුවුනු උන්දැත් මහිලා සමිතියේ සාමාජිකයකු උනා.සමිතියේ සාමජිකාවන් සීට්ටු දාලා ගෙදරට ඕනෑ කරන ,තම්මුට්ටි ,පිගන් බඩු ගන්නවා.
උන්ගෙ කාලේ කන්දේ ගෙදර හිංමැනිකේ ,මිනිබිරියෝ එක්ක කැලේට දරට ගිහින් එකඑකාට දර මිටිය ගානෙ හදනවා .එතකන් උන් ටික ,නෙල්ලි,කඩනවා .ගවුමට උඩින් චීත්තයක් ඇදලා දරමිටි ඔලුවේ තියගෙන එන කාලයක් අපේ ජිවිත කාලේ කවදාවත් දකින්න වෙන්නෙ නැ.පහල ගෙදර කලු ටිකක් කට්ට කෙල්ල,හීංමැනිකෙත් එක්ක මාසයකට සැරයක් යනවා පස්සරට පැන්සන් එක ගන්න.දම්සිරි හෝටලයෙන් බනිස් එකක් කාලා,ටින්කිරි තේ කෝප්පයක් බොන්න.
කොල්ලො ටික කෝස් එකට ගිහින් පැය ගානක් දියබුන් ගහනකොට,කෙල්ලෝ ටික රෙදි පොට්ටනිය ඔලුවේ තියාගෙන අම්මලා එක්ක ,පිහිල්ලපිටියට යනවා.අම්මලත් ඔලුවේ හොඩපොල්ලන් ගා ගෙන කෙල්ලන් ගේ ඔලුවේත් අතුල්ලනවා . කෙල්ලො ටික ගල උඩට වෙලා ,ඕපාදූප කතා කතාකර කර ඉන්න වෙලාවේ අම්මාවරු රෙදි අපුල්ලනවා .කෙල්ලො sunlight ගාලා ,පිහිල්ලට ඔලුව අල්ලලා,පොට්ටනිය ඔලුවේ තියාගෙන එන කොට
යකෙක් කන්න බඩ ගිනියි.කන්දගෙදර මද්දුම යා දැන් බුද්දම ග්‍රාමසේවක .හද්ද් පිටිසර . ඉරිගු ,ලිමා එක්කපොල් හැදි ගාලා,ලුනුමිරිස් එක්ක උදේ කෑම . දවල් කෑමට තලප සමග වේලපු දඩ මස් දාපු කොල්ලු මාලුව දෙහි කෑල්ලක් දාලා දෙසාබානවා
හැන්දෑවට රා පොල්කට්ටෙ රස බලනවා .රෑට දඩමස් සමඟ ඇල්හාලේ බත් .කාලා,කාලා බෙල්ලයි නිකටයි පූට්ටු වෙලා .ඇගපත පුරා ගෝමර.හිස් අතින් කවදාවත් ගෙදර එන්නේ නැ.ගේන වේලපු දඩමස් මහ ගෙදරට ,අක්කලා ගේගෙවල් වලට දෙනවා හැමෝගෙම දුම්මැස්සෙ දඩමස්.නාන්න යන්න කලින් දඩ මස් දාලා කොල්ලු මාලුව හදලා යන්නේ .ගෙදරට ගොඩ උන ගමන්අම්මා,රෙදි ටික වැලට දාන්න කියලා කුස්සියට යන්නේ තලප හැදිගාන්න.අද මහිලා සමිතිය පහල ගෙදර .කොල්ලා කුරුට්ටෝ බිලින් ගහ යට .ඔන්චිල්ලාව පදිනවා .සන්ගුඩුවා පුවක් කොලේ ,තියාගෙන එකෙක් මිදුල වටේ ඇදගෙන යනවා.මොකක් දෝ ,කාගෙ හරි ඇද කුදයක් මතක් වෙලා කෙල්ලො ටික හිනා වෙනවා. පොඩි කෙල් ලෝ දෙතුන් දෙනෙක් සාලය මැද තියල තිබුණු TELEFUNCAN රේඩියෝ වෙන් ලමාමන්ඩපය අහනවා.කුක්කු කු ,සද්දෙන් මහපාර පැත්තෙන් මහා සද්දයක් .කුකුළන් හැමතැනම දුවනවා .මහිලා සමිතිය ටික වේලාවකට කල් තැබු මහිලාවෝ කුස්සියේ ඉදන් මිදුලට දුවගෙන ආවේ,බාගෙට හදපු බත් අග්ගලා ගුලි නොකර,කලබලේ මොකද්ද බලන්න.නෙයිනා මුදලාලි ,දෙල් ගැටයක් අතේ තියාගෙන කැඩිච්ච සිංහලෙන් “බලන්නකො නෝනා,කොලු එකෙක් දෙල් ගැටෙන්,මේකෙන්,(දෙල් ගෙඩියක් පෙන්නම්න්)මගේ කුඩෙට ගැහුවා .කුකුලො ඔක්කොම දුවනවා,දුවනාවා.”ගෙදර ඔක්කොමත් එක්ක කුකුළන් ටික එකතු කරලා කුඩේට දාලා දුන්නා.කාටත් හරි හිනා.උඹලා හන්දා නෝම්බියට හම්බු වෙන වටලප්පන් ටිකත් නැති වෙයි ,කියාගෙන නැවතත් කුස්සියේ මහිලා සමිතිය පටන් ගත්තා.නෙයිනා මුදලාලි ගෙවල් ගානේ ගිහින් වයසට ගිය කුකුළන් සල්ලි වලට ඇරගෙන එවුන් ගේ කකුල් ලණු වලින් බැදලා කුඩුවේ දාලා බිඩ් යක් උර උරා ඔලුවේ තියාගෙන තමයි පාරේ යන්නෙ හරිම balance එකේ.එවුන් මසට විකුණනවා .ඔය ආරංචිය ගමේ පැතිපැතිරෙන්නට වැඩි වෙලාවක් ගියේ නෑ. Reporter ,කොන්ඩේ බැදපු පිරිමි එක්කෙනා ,පත්තරේට දැම්මා.ඔය වැඩේ කරලා තියෙන්නේ පහල ගෙදර ලොකු කොල්ලා,උසි ගන්නලා තියෙන්නේ කන්දේ ගෙදර ඉස්කෝලේ මහත්තයා . ලොකු කොල්ලා පව් වැඩවෙලට කැමති ම නෑ .පසු කාලයක මුදලාලි මැරුනේ කකුල් බැදපු කුකුලෙක් වගේ කාලයක් දුක් විදලා.ඒ උනාට නෙයිනා මුදලාලිගේ ලොකු පුතා”ජවාහිර්”,සිංහල බොදු ලමයි පරද්දලා GCE(OL),අංක ගණිතයට ,බුදුදහමට”D”.
“අම්මා බලන්ඩකෝ,ලොකු අයියා හෙලුවෙන් ,පාරේ ඉදලා,දුවගෙන ඇවිල්ලා ඉස්තෝප්පු කාමරේට රිංගුවා.”නංගි කෙනෙක් අම්මා ට කෑගහලා කිව්වා.අම්මා කාමරයට එබිකම් කලාම ලොකු පුතා සරමක් මාරු කරමින් හිටියේ.”ලොක්කා ,මොකද ?හෙලුවෙන් දිව්වේ .අම්මා ඇහැව්වේ හරිම කුතුහලයෙන් .”නෑ අම්මා ,සීටියාට හොඳටම උණ . අද හිගුරුකඩුවේ දොස්තර මහත්තයා පන්සලට බෙහෙත් දෙන්න ආවේ නෑ.පස්සර ඉස්පිරිතාලෙට යන්න විදියක් නැතිව හිටියේ ඉරිච්ච සරම ඇදගෙන.බස් එකේ සද්දෙ ඇහුනා. සාක්කුවේ තිබ්බ ,රුපියල් දහයත් දුන්නා.බස් එක ඉස්කෝලේ ලගින් ආවා .මං මගේ සරම ගලවලා දුන්නා”.අහගෙන හිටිය අම්මගෙ ඇහැට කදුලු ඉනුවේ,කොල්ලා කරගත් පිනට. ඒත් සීටියා ඊයේ හැන්දැවේ ඇල අයිනේ ජමනාරං ගහෙන් ජමනාරං කඩා ගෙන එනවත් අම්මාට මතකයි.සල්ලි නැතුව පැන්සල් කොටේ බෝල් පොයින්ට් පෑනේකොපුවේ ගහලා ලියපු කොල්ලන්ට පෑන් පැන්සල් දුන්නේ ,පහල ගෙදර ලොකු කොල්ලා හදවතින්.අවුරුද්දකට වරක් ,සැන්ටිපෝට් කාර් එකෙන් ඉස්කෝලෙට එන්නෙ,කොකුපනු රෝගයට බෙහෙත් දෙන්න.බෙහෙත් බිවුව ගමන් බඩ යනවා.බිවුව ගමන් ගෙදර යන්ඩත් දෙනවා .ගෙදර යනකම් කොහොම ඉවසන්නද?කැලයයි ඇලයි තම පිහිට වෙන්නෙ.කොහොමටත් ඒ කාලේ,LOCAL TOILET එක කැලෙයි,ඇලයි තමා.
මහ කන්නයේ කුබුරේ වැඩ පටන්ගන්න ලෑස්ති කරන්නේ ගමරාළ .ඇලවල් කපන්නේ ගොවියෝ ඔක්කොම එකතු වෙලා එක දවසක.එදාට ගමේ ඔක්කොමලා එනවා.ඇමරිකාවේ CARE සංවිධානයෙන් ,එදාට එක්කෙනකුට පාන් බාගයක් ,ලොකු සැමන් ටින් එකක්,කිරි කෝප්පයක් දෙනවා.ගමේ කොල්ලා කුරුට්ටෝ එදාට ඇල කපන්න එන්නෙත් ඔයටික කන්න.පලවෙනි හීය ,ගන්නිලේ,ලොකු නිලමෙගේ කුබුරේ .නගුල් හදන්නෙ,ගමේ හිටිය හොද ගොවියො. බංඩේ නිලමේ ,දේවයා,ජානිස්,ජයතුවා.මී හරක් බානවල් පහක් විතර ගේන්නේ ගලුකොලුගොල්ලේ “පට්ටියා.”කලින් දවසේ වතුර බැදලා,මීහරක් ටිකක් වෙලට ගෙනත් දානවා.ගමේ වැඩි මහල් පිරිම් ඔක්කොම වෙලට එනවා.වැඩිමහල් ගැහැනු ටික ,ඉස්කෝලෙ යන්නේ නැති දරුවන් එක්ක හෙලවලව්වට එන්නෙ ,ලොකු නිලමේගේ හීංමැණිකෙ ට උදව් කරන්න.ඔන්න “හීය” පටන් ගන්න යන්නේ .ආරච්චි මහමහත්තයත් ආවා,නායක හාමුදුරුවෝත් ඇල අද්දර කරද අත්තක් කඩා ගෙන හපහපා කරද කෝට්ටේ න් දත් මැද ගෙන ඇල දි ගේ වෙලට වැඩියා.කාගේ කාගේත් උදව්වෙන් , නගුලට මීහරක් බාන ගානේ වියගහට තියලා බැන්දා .දැන් කෙවිටත් අතේ තියාගෙන ,බුදුන් ,දෙවියන් සිහිකරමින් හරක් බානට කෙවිටෙන් පොඩ් තට්ටුවක් දාන්නේ හීය පටන් ගන්න.කෙවිටත් අතේ තියාගෙන “ඇදපන් මගේ රන් අබරෝ,”කියමින් මියුරු හඩට අල්ලපු ගමටත් ඇහෙන්න,දේවයා,ජයතුවා,ජානිස් ,බංඩේ නිලමේ කියපු සිව් පද ටික ,tractor එකෙන් හාලා ,වීටික පොහොර බෑග් එකේ දාලා ,මෝලෙන් වී කොටලා,බත් කන රැළේ අලුත් එවුන්ට කවදාවත් අහන්න වෙන්නෙ නෑ .උදේට දහයට විතර ඉබුල් කිරිබත් ,තේ ,නියර උඩ ඉදගෙන කනවා.පස්සෙ ඕක පාන් බාගෙට පොල් සම්බෝල යට වෙනස් උනා,දන්නේම නැතුව . පොල්කටුවෙන් තේ බිව් එක,
බෙලෙක් කෝප්පයෙන්,ප්ලාස්ටික් වෙලට මාරුවෙලා.ඉර මුදුන් වෙනකොට ,හෙලවලව්වේ ඉදලා ඇල දිගේ පන්කොල පෙට්ට්වල ,බත්,අලත් එක්ක කරවල බැදූම,මුං ඇට හින්දලා,කොස් තෙම්පරාදුව,කිරි හොද්ද,බිලිංඇබුල,ලොකුම ලොකු “අලියා”පපඩම් ඇරන් එන්නේ ගමේ බවලත් උදවිය.ඒ වෙනකොට පන්සලට දානෙත් පිලිගන්නලා. ගංටාර සද්දෙ ඇහෙනකොට,ගොවිරාළ ට බඩගින්න දැනෙන්නෙ ඉබේටම.ලොකු නිලමේගේ ඇරයුමෙන්,ඇලෙන්,වක්කඩෙන් අත් පය හෝදාගෙන,බුලත් හපෙත් කෑරලා එලියට දාලා ,ඇල කන්ඩියේ වාඩිගන්නේ,හී බත කන්න.බවලත් උදවිය කෙහෙල් කොලේ එලපු අතුල්පතට බත් ටික බෙදනකොට,අහක බලා ගෙන ඉන්නෙ.ඇතිවෙනකල් බත් බෙදන්න ඉඩ දීලා.හොර ඇහෙන් බලලා බත උඩින් අත තියෙන්නේ ,කටින් ඇති නොකියා.”මහ රෑ පතනෙ පැත්තෙන් වෙඩ් සද්දයක් ඇහුනා”කන අතරේ කටහඬ අවිදි කලේ දේවයා.”සයිනේරියා,තඩි ඊරියකොට තඩිබාලා .උදේ තමයි හම්බ වෙලා තියෙන්නෙ.හම ගහනකොට බඩේ පැටව් පස් දෙනක් ඉදලා”බංඩේ නිලමෙගේ උත්තරයට “අනේ පව්”කියවුනේ හැමෝටම .අනේ පව් කිව්ව එවුන්ගෙ ගෙවල්වල බවලත් උදවිය ,උරුමස් හොද්ද හදන්න මේ වන කොටත් මිරිස් ගුලිය අබරපු බව දන්නෙ දෙයියො විතරයි .
ඉස්කෝලෙත් ඇරලා,දඩබ්බර නිලමෙග ලොකු එකා පිරිවරාගෙන ,පහල ගෙදර ,දෙයියන්ගෙ කුබුරේ කොල්ලා කෙල්ලො හෙලවලව්වට ඇල දිගේ ගියේ හී බත කන්ඩ.ඒ වෙනකොට අඩිවලදට හී බත බෙදලා ගමේ හැම ගෙදරකටම යවලා.
කොල්ලො ඔක්කොම ඉක්මනට ආවේ,ඉර බැහැගෙන යන කොට හීය ඉවර වෙන බව දන්නනිසා.ඔන්න දැන් හීය ඉවරයි .වියගහ,නගුල් ඇල උඩ තියලා.කොල්ලා ටික එකතුවෙලා,ඇලේ වතුරෙන් මී හරක් ටික නාවනවා .ගොටුවේ තිබ්බ බුලත් ,පුවක් හුනු දුම්කොල ටිකත් ඉවරයි .පට්ටියා මීහරක් ටික දක්කා ගෙන යනකොට ගන්නිලේ ඉතිරි ටික හාන්න පටිටියාට දින දීලත් ඉවරයි . ජපන් කෙමයට තමයි කොල්ලා කුරුට්ටෝ එකතු වෙලා වෙලේ පැල හිටවන්නෙ.උන් තමයි හැන්දෑවට පැලට වෙලා කුරුල්ලන් එලවන්නෙ.ඔය අතර දගයෝ පැලට වෙලා බීඩියක් උරනවා විනෝදෙට.
දෙවනි මහත්තයා ,ලොකු මහත්තෙක් වෙලා කෝට් එකෙන් ජාතික ඇදුමට මාරු වෙලා තැන්නුගෙ පාසලට ගියා.නඩු දාන මහත්තයා ලියනමහත්තයා වෙලා සුදු කෝට් එකට අත දා ගෙන පස්සර මැදි විදුහලට ගියා.ආරච්චි මහත්තයගෙ ලොකු පුතා,ආඩම්බර කාරයා,ආහාර නිස්පාදන ඕවර්සියර් වෙලා හාලි ඇලට ගියා.මද්දුමයා තවමත් බුද්දම.බාල කොල්ලා ගුරු පත්ව්මක් ඇරන් මැදි විදුහලේ උගන්නනවා .ආරච්චි මහත්තයා මියගිහින් .ලොකු නිලමෙත් අපි අතර නෑ.මිය යන්නට කලින් හැම අවුරුද්දකම පරණ අවුරුද්දට පවුල් පිටින් ,මහතැන්න ලයිම් මැදින් ,පරපාවට,බිබිලේ ගමට යන්නෙ,පයින් කිරිඅප්පලා,කිරිඅම්මලා බලන්න.හැතැක්ම දහයක් දොලහක් පයින් කැලෙ මදින් පයින් ගියත්,අදටත් එය සුන්දර මතකයක් මිස ,කොල්ලා කුරුට්ටෝ හැමට මහන්සියක් නොවෙයි.පහල,ගෙදර ලොකු කොල්ලත්,දෙයියන්ගෙ කුබුරේ ඒ වයසේ කොල්ලත් ,ගස් නැගලා නෙල්ලි,ගල් සියබලා කඩනකොට කෙල්ලෝ ටික ඒවා අහුලනවා .සුන්දර අතීතය?
ඒ දෙන්නා ඉන්න කාලේ සිංහල අලුත් අවුරුදු සමරන්නේ චාරිත්‍ර ,වාරිත්‍ර හරියටම පිලි පැදලා.කිරිපනික්කයා ගුරුන්නාන්සේ උඩුකයට ඇදුමක් නැතිව ගෙදරට ඇතුල් වෙනකොටම සාලුව අතට ඇරන්,හරි ගරුසරු වෙන් තමයි ඇතුළු වෙන්නෙ.පැදුරක් එලනවා වාඩිවෙන්න .
ගෙහිමියා ,ඉලත්තට්ටුව ලෑස්ති කරලා දුන්නාට පස්සේ,බුලත් හෙප්පුවට බුලත් පුවක් හුනු දුම්කොල දාලා කොටන කොට ගෙදර බවලත් උදවිය තේවතුරයි ,කන්න මොනවා හරි ,ගුරුන්නාන්සේ ට දෙනවා.☕ බොනගමන් අවුරුදු නැකැත් පන් කොලේ ලියලා අතට දෙනවා.අවුරුද්දට සන්තෝෂයට දෙන වී බුසල කරේ තියාගෙන යන්නේ සැබෑ ගැමියෙක් විදිහට .අවුරුදු නිවාඩුව පටන් ගන්නකොට අමුනුමුල්ලෙ රෙදි නැන්දා පැලැන්තියේ ගෙවල් වලට එන්නෙ,පොඩි එවුන්ගෙ ,ඉස්කෝලේ කලුලෑල්ල කලු කරන්න එඩරු කිරි එකතු කරනකොට,ඇදුමේ තැවරුනු කහට පැල්ලම් ටික ඉවත් කරලා අපුල්ලන්න.අම්මලා,අලුත් අවුරුදු වලට රෙදි නැන්දාට වී බුසලක් දෙන්න අමතක කරන්නේ නෑ.ඔයකාලේ ඉපදුණු කාගෙ කාගේත් ,ගුරුන්නාන්සේ පුස්කොලේ ලියපු කේන්දරේ,අපලයක් උනාම බලන්න අල්මාරියේ ලාච්චුවේ තවමත් ඇති. අලුත් අවුරුද්ද ට ඉස්කෝලෙ නිවාඩු .ආන්ඩුවේ රාජකාරි කරන අයට හම්බු වෙන මාර්තු පඩියත්,අත්තිකාරම් මුදලත් බිරිඳ ගේ අතට දෙන්නේ අඩු වැඩි රෙදිපිළි ගන්න.කෙල්ලන්ට ගවුම් මහන්න ච්ත්ත රෙදි සමුපකාර යෙන් ගත්තම ලස්සන ගවුම් SINGER මැසිමෙන් මහන්නේ පහල ගෙදර නෝනා.ගමේ කෙල්ලන්ගේ ගවුම් ,ගැහැනු අයගේ හැට්ට මහන්නේ සතයක්වත් ගන්නේ නැතුව.ගැලවෙන හිසකෙස් මල්ලක එකතු කරලා තිබ්බම ,ගමේ ගැහැනු ඇවිත් හවරියක් ගොතලා දෙන්නෙ හිලව්වට .ඉස්කෝලේ ලග හංදියට ඉස්සර කියන්නෙ,අංපිටිය කියලා .ඔතන කුබුරේ ඉස්සර තිබුනා මිල්ල කදන් දෙකක් හිටවලා.අං ඇදිම තමා ඒකාලේ වස් දොස් යන්න සිංහල අවුරුද්දේ කරන කීඩාව. අලුත් අවුරුද්ද ට ගෙදර සමර ගාන්නත් කුස්සියේ ගොම ගාන්නත් අමතක කරන්නේ නෑ.බස් කොන්දොස්තර ඒකාලෙ,”අංපිටිය” ලග බහින්න කියලා කෑ ගහන්නේ,කුට්ටිසාක්කුවේ බඩු මල්ල උස්සා ගෙන,ලාම්පු තෙල් ගැලුමත් ඇරන් පස්සර ඉදලා එන ඔක්කොටම බස් එකෙන් බහින්ඩ .නොනගතය හරියටම පිලිපදිනවා.ඔක්කොම පවුල් පිට්න් නෑදෑ ගෙයක් ගානේ අලුත් ඇදුම් ඇදගෙන .පොඩි එවුන්ට පාට පාට රතිඤ්ඤා පෙට්ටි හැම ගෙදරකින්ම හම්බවෙනවා.සමහරු වෙසක් එනකං ඒවා තියාගත්තා ,suitcase ekeදාලා.ලියනමහත්තයා ආරච්චි මහත්තය,නැති උනාට පස්සෙ,සිරිතක් ලෙස බුලත් කොටුවෙන් බුලත් කඩාගෙන දරු මල්ලන් එක්ක දෙයියන්ගෙ කුබුරේ ගෙදරට අලුත් අවුරුද්ද ට එන්නෙ,කලුලෑල්ලෙත් ලියපු නැති පාඩමක් තම දරුවන් හට උගන්වන්න.ඒ උතුම් සිරිත මියයනතෙක්ම ඉටු කලා.ලොකු නිලමේ ඉන්න කාලේ අලුත් අවුරුද්ද ට ගමේගොඩේ කවුරුත් හෙලවලව්වට එනවා.දඩබ්බර නිලමෙග වරාදොල පාසල් සමයේ හිටිය අන්වර්ථ නාමයෙන් අපි කවුරුත් දන්නා “මෑකැනියා” “සීතලයා” “දුඩ්ඩුවා”නිලමෙගෙ ඇරයුමෙන් අනිවාර්යයෙන් එනවා.ඔය නම් පටබැන්දෙ ඔය නිලමේ ලු . මෑකැනියා,සිතලයා ,කියලා නම් පටබැන්දෙ ඇයි කියලා,දන්නේ නැති වුනත්,දුඩ්ඩුවා ගෙ ප්‍රබන්ධය හරිම රසවත්.
දඩබ්බර නිලමෙ,ඉස්කෝලෙ වරාදොල .කලින් කිව්ව ගෝල බාලයෝ ඔක්කොමලා අංකඩ පන්සල හරහා තමා ඉස්කෝලට යන්නෙ.ඉස්කෝලේ ඇරලා එන ගමන් ,පන්සලට ගොඩ වෙන්නෙ,බඩ ගින්නට දං බත් කන්න .හාමුදුරුවෝ නිලමෙග නෑදෑයෙක්.ඒකාලෙ,දානේ පන්සලේම උයනවා.දවසක් කොල්ලො කාලා ඉවර උනාම හාමුදුරුවෝ කිව්වලු පන්සල් වත්තෙ පුවක් ටික කඩන්න.පා වලල්ල දා ගෙන ගහට නැගලා එකෙක් පුවක් කඩනකොට ,අනික් එවුන් පුවක් ටික අහුලනවා .පුවක් කඩලා ඉවරඋනාම ,ගස් නැගපු එකාට, “පොඩි එකා,ආවාසය පිටිපස්සෙ කෙහෙල් පදුරේ කැනක් පැහිලා,ඇවරියක් පාට වැටිලත් තිබුනා ,කපාගෙන වරෙන්කො” පිහියත් අතට දෙන ගමන් හාමුදුරුවෝ කිව්වා.හාමුදුරුවෝ ටික වෙලාවක් බලාහිටියා,කොල්ලත්නෑ.ආවාසය පිටිපස්සට ,ගියා.බැලින්නම් ,හරිමහිනා,.ආපු හිනාවත් නවත්තාගෙන, “මොකදකරන්නේ කොලුවෝ,” හාමුදුරුවෝ ඇහුවා . “හාමුදුරුවනේ,පුවක් කඩනකොට ,ගහට නැගලා ,ඉදුණු පුවක් වල්ල කඩනවානෙ,එක කෙහෙල් ඇවරියයි,ඉදිලා තියෙන්නේ ,මාත් කෙහෙල් ගහට පාවලල්ලත් දාගෙන නගින්ඩ ගියේ,ඉදුණු ඇවරිය කපාගෙන එන්න,” “බොලේ,දුඩ්ඩුවා,ගස් නැගලා පුවක් කඩනවා,පැලේම බිමදාලා තමයි කෙහෙල් කැන කපන්නේ ,තව පොඩ්ඩෙන් මේකා කෙහෙල් ගහට නැගලා කොන්දත් කඩාගන්නවා” කියාගෙන හාමුදුරුවෝ පිහියත් ඇරන් කෙහෙල් කැනම කැපුවා..කතාව දැන ගත් කොල්ලො,ගස් නැග්ග කොල්ලට කතා කලේම “දුඩ්ඩුවා” කියලා .මැරෙන කල්ම අහිංසකයාට කවුරුත් ආදරේට කිව්වේ ඒ නම තමා.
දැන් කොල්ලන්ගෙ කටහඬත්,බැරැන්ඩි වෙලා .කෙල්ලොත් ලමිස්සියෝ .යන්නේ බස් එකෙන් ,පස්සර ඉස්කෝලෙට.අංපිටිය හංදියේ bus halt එකක් තිබුනට,බස් එකට නගින්ඩ ,බහින්ඩ එන්නේ පහල ගෙදර ලගට.බස් එන්න යන්න වෙලාවක් තිබුණේ නෑ .අල්ලාප ,සල්ලාප වලට හොඳම තැන පහල ගෙදර .කන්දේ ගෙදර පුන්ච් ඉස්කෝලෙ මහත්තයත්,නාරද හාමුදුරුවන් ගෙ බුද්දාගම පොතත් අතේ තියාගෙන,බස් එකට නගින්ඩ එන්නෙත් ඔතනට.සිංහල ,බුද්දාගම තමා ඒකාලේ ඉගෙන්නුවේ.නෑකම කෙසේ වෙතත් , “sir අද උගන්වන්නේ ,ඉපදීමද ,බුදු වීමද,පිරිනිවන් පෑමද.”මේ අහන්නෙ, බස් එකට නගින්ඩ ආව කොල්ලො,කෙල්ලො .sir උත්තර දෙන්න කලින් බස් එක ආවා.මේක ඇහුවේ විහිලුවට.sir පන්තියට ගිහින් නාරද හාමුදුරුවන්ගේ බුද්දාගම පොත අතේ තියාගෙන “ආයුබෝවන් “ කියලා පොත මේසය උඩ තියලා ගුරුපුටුවේ වාඩිවෙන කොට පොතේ පිටු හුලගට පෙරලිලා.පොත අතට ගන්නවා.පෙරලිලා තිබුණු පිටුව තමයි එදා පාඩම.ඊයේ පාඩම,බුදුවීම නම්,අද සත්සතිය.පෙරලුන පිටුව අනුව තමයි ,අද පාඩම.සර් ගේ වැඩ හරිම රසවත්.දැන් pension.කුබුරේ වැඩ කරන්න පස්සරින් උදැල්ලක් ඇරන් ගමට ඇවිත් මිටක් දාගෙන වැඩ කරාට පස්සෙ,මිට ගලවලා කැලේ හංගලා උදැලු තලේ bag එකේ දාගෙන බස් එකෙන් ගෙදර යන sir ගේ ,ඇස් වහක් නෑ,තවම වයස පේන්නෙත් නෑ. ඒ වුනාට කෙල්ලො,කොල්ලො සිංහල ,බුද්දාගම පාස්.
සම වයසේ නායක හාමුදුරුවෝත් එක්ක ,ඔක්කොමලා එකතුවෙලා දහම් පාසල,ඒ වගේම පවත්තපු පොසොන් පෙරහර ,මතක් වෙනකොට ,ඔක්කොමලා සිදාදියට ගියත්,දෙයියන්ගෙ කුබුරේ ගෙදර උන් දෙන්නාගේ සමවයසේ එකා ගමේ ඉදලා ,පන්සලේ ගුණානුස්මරණෝත්සවය ඔක්කොම සිහි කරලා පසු ගිය දිනක පැවත්තුවා.
හෙලවලව්වේ ඉලන්දාරියා ,බස් එකට නගින්න ,කෝස් එකට එනවා .අනිත් ඉලන්දායෝ ,ලමිස්සියො,බස් එකට නගින්නේ පහල ගෙදර ලගින්.ලියනමහත්තයා ,ගේ තාත්තා ,අම්මා සමහර කාලවලදී ,පහල ගෙදරට ඇවිත් සතියක් දෙකක් ගත කරනවා. ආපහු යන දවසට ,දෙල් ,කොස්,කෙසෙල් මුව,පොල් ආදි එකතු කරලා ලොකු මල්ලක් හදලා දෙනවා,.බස් එක පහලින් එන්නෙ පොල් පටවලා වගේ.පහල ගෙදර ලොකු එකා බඩු මල්ල ඉස්සරහ තියලා ,සීයවත් ඉස්සරහ දොරෙන් නග්ගලා,පස්ස දොරෙන් ඇතුළු වන්නේ team ekama පිටි පස්සෙ ඉන්න හන්දා. හැතැප්ම දෙක තුනක් ගියා විතරයි,ඉස්සරහින් ඇහෙනවා “කොල්ලෝ,මගෙ බඩු කෑල්ල කෝ,”කියලා මහ සද්දෙන්.මුලු බස් එකම හිනාවෙන්නෙ,බඩ අල්ලා ගෙන. “බඩු කෑල්ල පස්සෙ කොල්ලෙක් එක්ක වාඩි වෙලා යනවා”විහිලුවට උත්තර දෙන්නේ,අපේ driver ජිනදාස අයියා.ඒ බස් එක බදුල්ලටම යනවා.ජිනදාස අයියා පස්සර ඉස්පිරිතාලෙ ලග නැවත්තුවා ට පස්සෙ,බස්නායක කොන්දොස්තර උන්නැහේ බඩු කෑල්ල බිමට බාලා දෙන්නෙ විහිලුවකුත් කරලා ආදරයෙන්. හීයට උනු පාන් ගෙන්නා ගන්නෙ,ඉරිදාට පත්තර ටික ගෙන්නා ගන්නෙ බස් එකේ කොන්දොස්තට කියලා .ඒ අය පවුලේ අය වගේ .ලියනමහත්තයා , “රිවිරැස” පත්තරේ ගත්තම අකුරක් නෑර කියවන්නේ ,කලු කන්නාඩිය දාගෙන,දොරකඩ වාඩිවෙලා.පත්තරේ ගත්ත ගමන්, “අක්ක නගෝ”කෙටිකතාව තියන පිටුව නෝනමහත්තයාට දෙන්නෙ ,ඈ කියවන්නෙම ඒ කතාවම පමණක් නිසා.එගොඩ ගෙදරට ගිහින් සිලුම්න පත්තරේ ,ඇරන් එන්නෙ,රිවිරැස පත්තරේට මාරු කරන් .පත්තරේ වගේ තමයි ඔය ගෙවල් තුනේ,කෑම බීම මාලු පිනි මාරුකරගන්නෙත්.බැදිම,ගහට පොත්ත වගේ.
Passara central එකේ මේ අය ඉගෙනගත්තු කාලේ ,නෙවිල් පෙරේරා ගේ මෝහන වැඩ සටහනක් ඉස්කෝ hall එකේ පෙන්නුවා. ජෝතිපාල ගේ “නිදන්න,ඔබ නිදන්න” සිංදුව පසු බිමේ ගායනා කලා . සමහරු පුටුවෙ හොඳටම නිදි.පහල ගෙදර ලොකු කොල්ලත් පුටුවේ හොඳටම නිදි.කොහොම හරි සිංදුවෙන්ම stage එකටම නිදාගෙන හිටිය ඔක්කොමලා ගෙන්නා ගත්තා.හැමෝම කියන කියන දේ කරනවා .අඩ සිහියෙන් අඩන්න කිව්වම අඩනවා.නටන්න කිව්වම නටනවා. “ඔන්න දැන් මල්වත්කට ඇව්ල්ලා ඉන්නෙ,මල්කඩලා සුවද බලන්න කිව්වම ඒකත් කරනවා.අපේ කොල්ලා ලගට ඇවිත් කිව්වා, “ඔන්න apple gahak” ලගට ඇවිල්ලා,ඉන්නේ ඇපල් කඩන්නකො කියලා . මිනිහා apple කඩනවා,සාක්කුවේ දාගන්නවා.සාක්කුවට දාගත්තේ ගිණි අගුරු කිව්වම මිනිහා අඩ සිහියෙන් කෑ ගහමින් සාක්කුවෙන් ඔක්කොම බිමට දානවා ඔක්කොමලා හිනාවෙනවා. අන්තිමට ජොතිපාලගේ “අවදිවන්න ,අවදිවන්න දීප්තිමත්”සිංදුව පසුබිමේ වාදනය කරනකොට මෙන්න පියව් සීහිය ඇවිල්ලා,stage එකෙන් බැස්සා. එදා හොඳටම අපේ යාලුවා මෝහනය උනා.විනෝදාත්මක මතකයක්?
එගොඩ කොල්ලා science කරනකොට උන් දෙන්නා commerce කලේ.ඇලෙක්සැන්ඩර් sir ගේ උන්හොඳම ගෝලයෝ.ඉගෙනුම අවසන් කල එගොඩ තරුණයා ,TO කෙනෙක් උනා,උන් දෙන්නගේ එකෙක් Bank එකට ගියා බුත්තලට .අනිකා වරාය රැකියාවට ගියා.කාලය නොදැනිම තප්පරය,විනාඩිය,පැය දවස,මාසය,අවුරුද්ද ගෙව්ගියා,නායක හාමුදුරුවරු,ආරච්චි මහත්තයා ,හිංමැනිකේ,නිලමෙලා අපිට අහිමි වුනා. 1957 විතර,ඌව පලාතෙ ලොකු ඒජන්ත උන්නැහේ K .M D ජයනෙත්ති,වරාදොල වසමට ආවා ඉඩම් කච්චේරිය තියන්න.දවාලට කෑම දෙයියන්ගෙ කුබුරේ ගෙදර .උන්නැහේ කාලා බීලා ඉවර උනාම “ආරච්චිට,මොනවද ඕනෑ “කියල ඇහුවම,හිතාගෙන හිටිය ඔක්කොම එලියට දැම්මා.කෝස් එකෙන් උඩ අක්කර දෙකගානේ වහම්පුර කට්ටියට.පහේ කනුවේ,ලොකු දුවට,ඊලගට ගුනවර්දන ලොකු පුතාට අක්කර හතර,හරස්ගෙදර ඔපිසරට අක්කරදෙකක්,ජයතිලක මැම්බර්ට අක්කර දෙකගානේ ,තැපල් මහත්තයට ,පිහිල්ලපිටිය ලග දෙවැනි දුවට කෝල්කාරේ ගුනරත්න,බිම බලාගෙන යන නිලමෙට අක්කර දෙකගානේ වෙන්කර ගත්තා.උරුමක් කාරයෝ ගම්මිරිස් වැලක් හරි හිටවගත්තා. දෙවනි දුවගේ අක්කර දෙක ,නිකටට අත තියාගෙන ,උරුමක්කාරයන් ,අවුරුදු හැත්තැවක් වෙනව තවම අඩියක්වත් තියලා නෑ කියලා,දුකෙන් තවමත් ලමිස්සියක් වගේ ඉන්න පිහිල්ල දිහා බලගෙන රෑ දවල් සුසුම් හෙලනවා. , කල දසාව හරියනකොට හරි.මොනරාගල TO මහත්තයගෙ දෙවැනි මනමාලයා,දෙවැනි මනමාලියෙක් යාලු කරගත්තා.
එගොඩ කොලුවත්,පාසල් සමයෙම සහකාරිය හොයා ගත්තා.ඒ වුනාට උන්දෙන්නට,ඒ පාඩම ඉස්කෝලෙන් ඉගෙන ගන්න බැරිවුණා .දීග යන්නත් අනුන්ගේ පිහිට පතන්න උනා.කොහොම හරි එකෙක් වැලිමඩ ටත් අනිකා අවිස්සාවේල්ල ටත් කරගැහුවා.හිතන්නේ නැති මොහොතක,පහල ගෙදර ලියනමහත්තයත්,දඩබ්බර නිලමෙත් සදහටම දෑස් පිහදාගත්තේ,උන් දෙන්නා තමන්ගේ පවුල් බර අදින බව හොදින් දැනගෙන.පහල ගෙදර ඔක්කොමලා පවුල් ජිවිත ගත කරන්න ඔක්කොම අතහැරලා සිදාදියට ගියා.ලොකු එකා අම්මවත් තමන් ගේ නිවහනට එක්ක ගියේ ඉපදුණු ගමේ බිම් අගලක් වත් තමා සන්තකයේ තියාගන්නෙ නැතිව,සහෝදර ,සහෝදරියන් අතර බෙදලා.දැන් ඉතින්,උන් දෙන්නත් අප්පච්චි ලා.වෙලගෙදර සිට බදුල්ල ටවුමට car එකෙන් මගී transport නොම්ලේ.ගමේ කවුරුහරි බදුල්ලේ රෝහලේ ඉන්නවාකියලා දැනගත්තොත්,තුන් වේලම අම්මටත් කරදර නොකර ලෙඩාට කෑම උයාගෙන ඇරන් ගියා විතරක් නොවෙයි,ටිකට් කැපුවම බස්ගාස්තුව දෙන්නත් අනේපිඩු සිටානෝගෙ හදවත කිව්වේ,රහසින්දෝ පිං රැස් කරගන්නට කවුරුත් කිව්වද දන්නෙ නෑ .
දවසක් අහම්බෙන් දැනගත්තා ,නිලමෙග ලොකු එකා ,Colombo ඉස්පිරිතාලෙ 64 වාට්ටුවේ නවත්තලා කියලා.වාට්ටුවට ගියාම,දැක්කා බඩෙන් ලේ අයින්කරනවා .ලෙඩෙත් දැනගත්තා ,අහිංසකයා ටික කලකින් නොකියාම යන බවත් දැනගත්තා .ඔය අතරේ ජයවර්ධනපුර රෝහලට ගියේ,අහිංසක නර්ස් නෝනා බලන්න .එදත් දැනගත්තෙ,මේ අහිංසකියටත් ඒ ඉරණම අත්වෙන බවතමා.ඉරණම සරදම් කරන බවක් දැණුනා.නර්ස් නෝනා ,වෙස්සන්තරත්,මල් කැකුලු දෙකත් ආත්තම්මාට බාර කරලා,යන්න ගියේ,අහිමිවීම කියාදිලා.අම්මා ට හොඳ නින්දකට ඉඩදීලා,උයලා පිහලා,දරුවන් ගේ වැඩත් කරලා,අම්මටත් වැදලා බැංකුවට යන්නෙ,නොමිලේ කාර් එකත් පුරවගෙන,බුලත් හපයකුත් කටේ තියගෙන.55න් pension ගත්තා.මස්සිනාට බෙහෙත් ගන්න colombo ගියේ කාර් එකෙන් ,tyre එකේ හුලං ගියා අතරමගදි.tyre eka මාරු කරනකොට පාරේ ගිය බයිසිකල් කාරයෙක්,කකුලේ වැදිලා ඇට කුඩුවුනා.මාස ගනනක් ඉස්පිරිතාලෙ .වෙස්සන්තර හම්බවෙන දේවල් ටිකක් තියාගෙන ඔක්කොම දෙනවා ලෙඩ්ඩුන්ට.අනෙක් ලෙඩ්ඩු තමයි සාත්තු සප්පායම් කලේ.
ඔය අතරේ ,අහිංසකයා ආයෙත් ඉස්පිරිතාලෙ කියලා ආරංචියට ගියාම,දුවලා නියපොතු කපනවා.යන්තම් ඇස් ඇරලා තොල් දෙකෙන් “ලොකු අයියා” කියමින් මුමුණලා,කදුලු වගුරමින් දෑස් වහගත්තෙ,දැන් ඇති මාත් යනවා කියලා කියන්නද දන්නේ නෑ.අහිංසකයා වෙනුවෙන් අපි ඔක්කොම,අවිස්සාවේල්ල ගෙදරට ආවා.පහල ගෙදර ලොකු එකා බුලත් විටක් කටේ තියගෙන ගොත ගහමින් කතා කරන බවක් දැනුණා.පවුලේ ඔක්කොමලාටත් කිව්වේ බරපතළ කමක් දැනුන නිසා.ඔය අතරේ අපිත් ගියේ බලන්න. එන ගමන් වාහනේ ලගටම පයින් ඇවිත් වැද අපිට සමු දුන්නේ ,මේ ආත්මයේදි ආයත් හමුවෙන්නේ නෑ කියලා හිතාගෙනද දන්නේ නෑ.
උන් දෙන්නාත් හිටියානම්?බස් එකට නගින්න අපි ඔක්කොම එන්නෙ පහල ගෙදර ලගට.ජයවර්ධන පරපුරේ අක්කලා නංගිලා තුන්දෙනා ගමට වෙලා කොතරම් සතුටින් ඇත්ද?”අප්පච්ච්,දුව ටිකක් වඩා ගන්න කියනකොට බුලත් හපේ එලියට දාලා මිනිබිරිය හුරතල් කරන හැට්,ගමේ ගෙයක් ගානේ වඩාගෙන යන හැටි,හීනයක්ද කියලා හිතෙනවා .කොල්ලා කෙල්ල බලන්න සබරගමුවේ යනකොට ,කාර් එකට full tank ගහලා දෙන හැටි මතක් වෙන්නෙ ,දැක්ක ගමන් කොල්ලයි කෙල්ලයි “ලොකු අප්පච්චි” කියලා වදිනකොට.
හෙල ඉඩම වෙන කතාවක්.ඌත් හිටියනම් පවුලේ ,තවත් දම්වැල් පුරුකක්.
ලස්සනට ලතා මංගෙස්කාර් වගේ සිංදු කියන,කෙල්ලටත්,වඩේ බැදපු සුදු කෙල්ලටත්, කටකාර කෙල්ලටත් ,අහිංසක අක්කාටත්,කතාවක්ම නැති මල්ලිටත් අම්මාටත් අපිටත්,ඌ හිටියානම් පහල සුන්දර නිවහන ,තවමත් අපේ ගෙයක්.අනික් එකා නැති පාලුව දැනෙන්නෙ,අහිංසක උගේ අම්මාට විතරයි.