Blog
-

කොටමුදුන ඉස්කෝලෙට බාලපටබැදි ලොකුමහත්තයා එන්නෙ 1955 විතර .සුදු කෝට් එක,සුදු සරම,කලු බද පටියෙන් සැරසී ,හම් සෙරෙප්ප්පු දෙක පැලද ගත්තම හරියටම රජවාසල සේවකයෙක් වගේ හරි ගාම්භීර පෙනුමක්.ලොකු හාමිනේ,අත්දිග බෝරිච්චි හැට්ටයක් ඇදගෙන ,ඉන්දියන් සාරිය ඇදගෙන තමයි ගෙදරට ඉන්නේ.හරියටම ගජමන් නෝනා වගෙයි .ලොකු දුවයි,පුතයි හිටියෙ .ඒ දෙන්නම දෙවැනි මහත්තයගෙ ලොකු දුවයි,ලොකු පුතාගේ සමවයසෙ වගේ .ඔය කාලේ ඉස්කෝලෙ තිබුනේ,ගමේ මිනුස්සු එකතුවෙලා,වීරසිංහ ලොකු මහත්තයට හදල දුන්න,වරිච්චි ගුරු නිවාසය විතරයි.ඒ කාලේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙන් ගඩොලින් ,ටකරන් වහපු ගුරු නිවාසයක් හැදුවට,වනසිංහ මහත්තයා මාවුස්සාගොල්ල ඉස්කෝලෙට මාරුඋනා .අලුතින් ආපු ලොකු මහත්තයා ලොකු පිරිතකුත් කියලා ,දානයක් දීලා අලුතින් හදපු ගුරුනිවාසයට පදිංචියට ගියා .ඔන්න ඔහොම යනකොට,ඉස්සරවෙලාම,පුහුණු ගුරුවරයකු ඉස්කෝලෙට අලුතින් පත්වීමක් ඇරන් ආවා.ගම කුලියාපිටිය ,හම්මලව.නම සුමනවීර බන්නැහැක .හීන්දෑරි තරමක් උස තලඑලලුයි .ඇන්දේ,ලෝන්ස් එක.ඒකාලේ දිග කලිසමට කිව්වේ ලෝන්ස් එක.සුදු කමීසය ,මූන පෙනෙන තරම් පොලිස් කරපු කලු සපත්තු කූට්ටම ,තමයි නිල ඇදුම .එඩරු තෙල් ගාලා,කොන්ඩෙ උඩට පීරලා තමයි හිටියෙ .මීරිගම ගුරු විදුහලෙන් ගුරු පුහුණුව ලැබුවේ.තනි කඩයෙක් හින්දා නවාතම් ගත්තෙ,පරන ගුරුනිවාසයේ. ගුරු නිවාසයට “ආලෝක”කියලා නමකුත් තැබුවා.කෑම බීමටික ලැබුණේ ලොකුමහත්තයා ගෙන්.ඒ කාලේ ගමෙ මිනුස්සු,හාල් ටික, පොල් ගෙඩි ,හේනෙන් කඩපු ගමේගොඩේ එලවලු,කුරහන් පිටි,කහ ඉගුරු,දඩමස් ටික,ලොකු මහත්තයගෙ ගෙදරට ගේන්න අමතක කලේ නෑ. සුමනවීර තරුණ මහත්තයා,ගමේ තරුණ වියේ හිටි කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මෙන්ම ,නායක හාමුදුරුවන් ,වැඩිහිටියන් අතර ජනප්රිය චරිතයක් .හැන්දෑවට ,මැදවෙලේ බෝල ගහන්න එන්න අමතක කරන්නෙ නෑ.නිවාඩු දවසට කදුනගින්න,මැණික් ගගෙන් නාන්ඩ යන්නෙ කොලු රන්චුවක් එක්ක.ඒ කාලේ ගමේගොඩේ කොලු රංචුව සමඟ සුමනවීර මහත්තයත්,මුදලිහාමි මහත්තයත් කෝච්චියෙන් ගිහින් සිරිපාදේ වන්දනා ගමන ගැන මතක ඇති කෙනෙක් දැන්නම් ගමේ ඇත්තෙවත් නෑ.ගුරු මන්ඩලයත් දැන් ටික ටික වැඩිවෙලා .ගෝනගල වෙදමහත්තයග ලොකු දුව සෝමාවතී ගුරුතුමිය ඉස්කෝලෙට ගුරු පත්වීක් ඇරන් නැවතිලා හිටියෙ දෙවෙනි මහත්තයගෙ ගෙදර .ඈ ඉස්කෝලට ආව පලමු ගුරුවරිය.
I woke up suddenly and lay in bed for a while with my eyes open. Although the windows were closed, I could tell it was still very early. I decided to stay still until the chirping of the birds signaled the start of dawn.
-

A Day of Gratitude and Grace
I woke up suddenly and lay in bed for a while with my eyes open. Although the windows were closed, I could tell it was still very early. I decided to stay still until the chirping of the birds signaled the start of dawn.
-

මාර්ග අතුරුදන් වූ රාත්රිය
I woke up suddenly and lay in bed for a while with my eyes open. Although the windows were closed, I could tell it was still very early. I decided to stay still until the chirping of the birds signaled the start of dawn.
-

සිරි මාමා

From Parapawa to Badulla The Journey of our Siri Mama