Author: nbkodi

  • උන්  දෙන්නාත් හිටියා නම්

    (මතක ඇත,ලියා නැත 02)

    එකෙක් හිත හොඳ එකෙක් අනිකා හරි,අහිංසකයෙක් .උන් දෙන්නා කොහෙ ගියාද කියලා දන්නෙ නැ.උන් දෙන්නා මට මතක විදිහට  අවුරුදු  දෙක  තුනක්  වයස්  පරතරයක් ඇති.එකෙක් ගේ  උඩු රැවුලක් තිබුනා.තලඑලලුයි.අනිකා සුදුයි.දෙමස්සිනො. එගොඩ මෙගොඩ  තමයි හිටියේ .උන් දෙන්නා ගේ කිරිඅප්පලා,අයියො මලයො.එකෙක්,පස්සරට නැකම් කියන කොට අනිකා,  අහිංසකයා බිබිලෙගමට නැකම්  කිව්වා.අහිංසකයා ගෙ අම්මා ,අපෙ තාත්තා ගෙ,ලොකු  අම්මා  ගෙ බාල දුව.මම පොඩි  කාලෙ තමයි දැරිය  අපේ ගෙදරට ඇවිත් තියෙන්නෙ.ඔහොම  ඉන්න කොට  මේ ඇත්ති ගමේ හිටිය දඩබ්බර “නිලමෙ”ට පෙම් බැන්දා,බඩල්කුබුරෙ ලේකම් මහත්තයගෙ  ගෙදරට  අපි  නැදැයො ඔක්කොමත්  එක්ක ගියේ ,වරාදොල වත්තෙ  තේ දලු අදින ලොරියෙන් . කසාද  බදින්න  ජොඩුව ගියේ ඔසෙන් මුදලාලිගේ Morris minor  කාර් එකේ.විවාහ  ලේකම්වරයා  අපේ   කිරිඅප්පා කෙනෙක් .දහවල් මගුල්  කැම එහෙන්.  ජොඩුව  එගොඩ “හෙල වලව්වේ “ පදිංචියට  ගියා.එහෙ ලොකු  නිලමෙ,ගමේ  ගමරාළ  නිලමේ  ගේ(මියගිය )බිරිඳ  නාවල හිංමැනිකෙගෙ පවුලත්,බිරිඳ මියගිය ,කොන්ඩෙ බැදපු ,නිලමේ   කෙනෙක්  හිටියා. පවුල්  කිහිපයකට සරිලන විදිහට මැද මිදුලක් එක්ක ,කටුමැටි  යෙන් වලව්ව  හදලා තිබුණේ ..අනික වෙන් කරලා තිබුනෙ,දඩබ්බර  නිලමේට .මේ ජොඩුවගෙ කුලුදුල් පුතා ඉපදුනේ  ,බිබිලෙගම ඉස්පිරිතාලෙදි.අම්මාගෙ මහ ගෙදර “බුලත්ලන්දෙ”,මාස තුනක්  විතර පස්සෙ හෙලවලව්වට එක්ක ආවා.

    අනිකා  ඉපදුනේ  පස්සර ඉස්පිරිතාලෙ .ඉස්පිරිතාලෙන්,පහලට බැස්ස ගමන් ,නඩුදාන මහාත්තයලා ගේ මහගෙදර .ඉස්සර  නඩු දාන මහත්තයා  කියලා   තනතුරක්  තිබුනා.ගම්වල තමන්ගේ  ලමයි ඉස්කෝලෙ  යවන්නෙ නැතුව ,හේනෙ,කුඹුරේ  වැඩවලට  තියාගන්න දෙමාපියනට  නඩු  දාන්න.කලු කෝට් ,ඇන්ද,සියා,බොරිච්චි හැට්ටය  ඇන්ද ආච්චි ,මිටි යුවතියන් ටිකක්  එහෙ හිටියෙ.මාස කිහිපයක්  අර ළදරුවා එහෙ තියාගෙන  හිටියා .ඒවෙනකොට පහල ගෙදර  හදන ගමන්  තිබුණේ .සිරිතක්  විදිහට  බඩ  දරු අම්මාවරු  ඉන්නකොට  ගෙවල් හදන්නේ  නැ. ඔය ලදරුවා ලබෙනකොට ඒ පවුලෙ ලොකු  එකිට අවුරුදු  දෙකක්  විතර  ඇති.  ගමේ ආරච්චිමහත්තයගෙ ලමාතැනි  හින්මැණිකේ,උන්ගේ  කිරි අම්මගෙ උකුලෙ තමයි,ලොකු එකි හැදුණු  වැඩුණේ  ,ඒ කන්දෙගෙදර.සුදු  පුංචි  අම්මා  එක්ක සෙල්ලම් කරනකොට,කිරිඅප්පා,මාමලා තුන්  දෙනාම  හුරතල්  කලා .දැන්  ඉතින්  පහල ගෙදර හදලත් ඉවරයි .ගංගොඩේ,කිරිපනික්කයා ගුරුන්නාන්සේ  ගේ නැකතකට  පහළ  ගෙදරට  ගෙවදිලා ,කාලය  ගෙවෙද්දී ,තවත් දගකාර කොල්ලෙක්,සුදු  කලු කෙල්ලො තුනක්  පහල ගෙදරට  ,කොහෙන්දොආවා.බිලිං ගහේ ඔන්චිල්ලා  ව,සිසොව,පහලගෙදර ට ඇතුළු  වෙනකොටම  කඩුල්ල  අද්දර  තිබුනා.නඩු දාන මහත්තයා  හරි නිර්මාන කාරයෙක් .කිතූල් කදක් දෙබෑ කර දෙපැත්තේ  හිටවලා,කදන් හතරක් දාන විදිහට සිදුරු  කරලා කඩුල්ල හදලා තිබුනේ. කිතුල්  කදෙන් හදපු කනප්පු  දෙකකුත්  තිබුනා ගෙදර .

    දෙයියන් ගෙ කුබුරෙ,තමයි ආරච්චි මහත්තයගෙ  ලොකු දුව  හිටියෙ.ඉස්කෝලේ  දෙවැනි  මහත්තයා  බින්න බැහලා පදිංචි  උනෙ,එහෙ.උන්නැහේ  ගේ පවුලේ  හයෙන් ,තුනක් ඒ කාලේ තරුණ  වියේ නිසා මේ   කන්ඩායමට අයිති වුනේ නැ.හැබැයි ,අනික් තුන්දෙනා රැලේ සාමාජිකයෝ.එකි නොකි ,ගමේ කොල්ලො ,කෙල්ලො ,රැනට එකතු  උනේ,හරියට children’s park එකට එනව වගේ .උන් දැන් ටිකක්  ලොකුයි.ගමේ  ඉස්කෝලෙට  ගියේ  පාට පාට ඇදුම්  ඇදගෙන .සපත්තු  නම් නැ.බැග්,තිබ්බෙත් නැ.පිපාසයට  වතුර  බිව්වෙ ලිදෙන්  ඇදලා පනිට්ටු  වෙන්.

    උන්ගෙ ඉස්කෝලෙ  වැඩ ගැන එතරම් මතකයේ  නැ.කොල්ලොකුරුට්ටො  හවසට  ඉස්කෝලේ  ගිහින්  ආව ගමන් වැඩියෙන්ම  ,තෙම්පරාදු  කොස්,කිරි හොදි එක්ක බත් ගිල දාලා,පිජාමා සරමක් ඇදගෙන  හූවකුත් දා ගෙන මැදවෙලට දුවන්නේ ,එල්ලෙ  ගහන්න.එක හුවට පිලිතුරු හු එනවා එගොඩ ,මෙගොඩ  හැම පැත්තෙන් .හැඩිදැඩි  කොල්ලො   හැන්දැ වෙනකං සෙල්ලම්  කරනවා.පොඩි  කොල්ලො ටිකක්,හිස් HORLICKS බෝතල්  ඇරන් උල්පතට යන්නේ ,පොඩි මාලුවෝ අල්ලාගෙන බෝතලයට දාලා විනොදයට ඇති කරන්න.අපේ පන්සලේ නායක  හාමුදුරුවෝ  එහෙට මෙහෙට වෙනකල් ඉදලා පන්සලේ  “ඇබිත්තයා” රැලට එන්නේ ,හිස් අතින් නොවේ .අතුරු  පස ,කෙසෙල්  ගෙඩි මල්ලක් ඇරගෙන.ඇලට ගිහින්   ඇගපත හෝදාගෙන ගෙදරවල් වලට  යනකොට ,කෙල්ලො ,කුප්පි ලාම්පු ,චිමිනි  ලාම්පු පත්තු කරලා. ලාම්පු තෙල් නැත්නම් ඇල දිගේ  “රැඩපිච්චෙගෙ”   කඩේට ගිහින්,තෙල් ටික  ගේනවා.හැබැයි  පරිප්පු  හොද්ද තෙම්පරාදු  කරන සුවද කුස්සියෙන් එනකල් පාඩම් කරනවා බලේට.

    දෙයියන්ගෙ කුබුරේ ගෙදර  හිටියා  උන්  දෙන්නගෙ වයසෙ එකෙක් . බාල  කෙල්ල උන්ට  අවුරුදු  දෙකක්  තුනක් බාලඇති.බඩ පිස්සකුත් හිට්යා .මිනිහට වෙනම රැලක්  හිටියා.පිහිල්ලපිටියෙ හිටියා ,හෙලවලව්ව පරපුරේ  දෙවැනියා .පාරේ යන්නේ  බිමබලා ගෙන.ඒ නිලමේගේ  ලොකු කෙල්ලත්,බාල කොලු වත් අර දෙන්නත් එක්ක හරිම යාලුයි. සමහර  වෙලාවට  උන් ඔක්කොම  එනවා දෙයියන්ගෙ කුබුරේ ගෙදරට .මිදුලේ  තිබුනා  හොඳට අතු විහිදුණු “great fruit “ ගහක්.ගෙඩිය දොඩම්  ගෙඩියක්  වගේ. ගහේ කටු නැ.ඔක්කොම  නැගලා ඉන්නෙ ඒ ගහ උඩ හරියට  වදූරු රැලක් වගේ .හවස් වෙනකොට  ගෙදර  ලොකු එකී,ඉරිගු මුට්ටියක් තම්බා ගෙන ඇවිල්ලා “කාපල්ලා”කියලා මිදුලේ  තියලා යනවා.ඒ , සමහර වෙලාවට  වැලි මුට්ටියේ bake karapu  cake බෙදන්නෙ හරිම ආදරයෙන්.අපට රහට කන්න දුන්න “ලොකු එකිත් “කොහේ ගියාද ?දන්නෙ  නැ.හරිම දුකක්. එහෙ හිටිය ඉස්කොලේ හාමිනේ  වැඩි සද්දයක්  නැතිව ගෙදර හිටියා .රැලේ එවුන්   පොල්ලකින්  ගහලා අබ කඩන කොට සරම් කොටේ   ගැල වෙනකොට  කෙල්ලො  ටික හු කියනවා.ලුනු කැටත් එක්ක කනකොට,,කෙල්ලො,කොල්ලො,ඒක රස කරන්නෙ විහිලු තහලු කරමින්.

    ඔය අතර මහිලා සමිතියත්  රැස්  වෙනවා  ඒ,ඒ කුස්සි  වල .කන්දේ  ගෙදර  හිං මැනිකේ අනුශාසක .සාමජිකයො,පිලිවෙලෙන්,දෙයියන්ගෙ කුබුරේ ගෙදර ,පහල ගෙදර ,හෙලඉඩම නියෝජනය  කලා.

    අයිනෝනා ආච්චි ගෙ හා ගම්සභා  මැම්බර් උන්නැහේ  ගේ යෝජනා ,ස්තිරත්වයෙන් ,හීල් ඔයෙන් ගමට එකුතුවුනු උන්දැත් මහිලා සමිතියේ  සාමාජිකයකු  උනා.සමිතියේ  සාමජිකාවන් සීට්ටු දාලා  ගෙදරට  ඕනෑ කරන ,තම්මුට්ටි ,පිගන් බඩු ගන්නවා.

    උන්ගෙ කාලේ කන්දේ ගෙදර  හිංමැනිකේ ,මිනිබිරියෝ  එක්ක කැලේට  දරට ගිහින් එකඑකාට දර මිටිය ගානෙ හදනවා .එතකන් උන් ටික  ,නෙල්ලි,කඩනවා .ගවුමට උඩින් චීත්තයක්  ඇදලා දරමිටි ඔලුවේ තියගෙන එන කාලයක් අපේ ජිවිත කාලේ කවදාවත්  දකින්න වෙන්නෙ නැ.පහල ගෙදර කලු ටිකක් කට්ට කෙල්ල,හීංමැනිකෙත් එක්ක මාසයකට  සැරයක් යනවා පස්සරට  පැන්සන් එක ගන්න.දම්සිරි  හෝටලයෙන් බනිස්  එකක් කාලා,ටින්කිරි තේ කෝප්පයක්  බොන්න.

    කොල්ලො ටික කෝස් එකට ගිහින්  පැය ගානක් දියබුන් ගහනකොට,කෙල්ලෝ ටික රෙදි පොට්ටනිය  ඔලුවේ තියාගෙන අම්මලා  එක්ක ,පිහිල්ලපිටියට යනවා.අම්මලත් ඔලුවේ හොඩපොල්ලන් ගා ගෙන කෙල්ලන්  ගේ ඔලුවේත් අතුල්ලනවා . කෙල්ලො ටික  ගල උඩට  වෙලා ,ඕපාදූප  කතා  කතාකර කර ඉන්න වෙලාවේ අම්මාවරු  රෙදි  අපුල්ලනවා .කෙල්ලො sunlight  ගාලා ,පිහිල්ලට ඔලුව අල්ලලා,පොට්ටනිය  ඔලුවේ තියාගෙන එන  කොට  

    යකෙක්  කන්න බඩ ගිනියි.කන්දගෙදර මද්දුම යා දැන් බුද්දම ග්‍රාමසේවක .හද්ද් පිටිසර .  ඉරිගු ,ලිමා එක්කපොල් හැදි ගාලා,ලුනුමිරිස් එක්ක උදේ කෑම . දවල් කෑමට  තලප සමග වේලපු දඩ මස් දාපු කොල්ලු මාලුව දෙහි  කෑල්ලක් දාලා දෙසාබානවා

    හැන්දෑවට  රා පොල්කට්ටෙ රස බලනවා .රෑට දඩමස් සමඟ  ඇල්හාලේ බත් .කාලා,කාලා බෙල්ලයි නිකටයි පූට්ටු  වෙලා .ඇගපත  පුරා ගෝමර.හිස් අතින්  කවදාවත්  ගෙදර  එන්නේ  නැ.ගේන වේලපු දඩමස්  මහ ගෙදරට ,අක්කලා ගේගෙවල්  වලට දෙනවා  හැමෝගෙම  දුම්මැස්සෙ  දඩමස්.නාන්න යන්න කලින් දඩ මස් දාලා කොල්ලු මාලුව හදලා යන්නේ  .ගෙදරට  ගොඩ උන ගමන්අම්මා,රෙදි ටික වැලට දාන්න කියලා කුස්සියට යන්නේ  තලප හැදිගාන්න.අද මහිලා සමිතිය පහල ගෙදර .කොල්ලා  කුරුට්ටෝ  බිලින් ගහ යට .ඔන්චිල්ලාව  පදිනවා .සන්ගුඩුවා පුවක් කොලේ ,තියාගෙන  එකෙක්  මිදුල වටේ   ඇදගෙන යනවා.මොකක් දෝ ,කාගෙ හරි ඇද කුදයක් මතක් වෙලා  කෙල්ලො ටික හිනා වෙනවා. පොඩි  කෙල් ලෝ දෙතුන්  දෙනෙක් සාලය  මැද තියල තිබුණු  TELEFUNCAN රේඩියෝ  වෙන් ලමාමන්ඩපය අහනවා.කුක්කු කු ,සද්දෙන් මහපාර පැත්තෙන්  මහා සද්දයක් .කුකුළන්  හැමතැනම  දුවනවා .මහිලා සමිතිය  ටික වේලාවකට  කල් තැබු මහිලාවෝ කුස්සියේ  ඉදන් මිදුලට  දුවගෙන  ආවේ,බාගෙට  හදපු බත් අග්ගලා ගුලි නොකර,කලබලේ මොකද්ද බලන්න.නෙයිනා මුදලාලි  ,දෙල් ගැටයක් අතේ තියාගෙන කැඩිච්ච සිංහලෙන් “බලන්නකො නෝනා,කොලු  එකෙක් දෙල් ගැටෙන්,මේකෙන්,(දෙල් ගෙඩියක්  පෙන්නම්න්)මගේ කුඩෙට ගැහුවා .කුකුලො ඔක්කොම දුවනවා,දුවනාවා.”ගෙදර ඔක්කොමත්  එක්ක කුකුළන්  ටික  එකතු කරලා කුඩේට දාලා දුන්නා.කාටත්  හරි හිනා.උඹලා හන්දා නෝම්බියට හම්බු  වෙන වටලප්පන් ටිකත් නැති  වෙයි ,කියාගෙන  නැවතත්  කුස්සියේ  මහිලා සමිතිය  පටන් ගත්තා.නෙයිනා මුදලාලි  ගෙවල් ගානේ ගිහින් වයසට ගිය   කුකුළන්  සල්ලි වලට ඇරගෙන එවුන් ගේ කකුල්  ලණු වලින්  බැදලා කුඩුවේ  දාලා බිඩ් යක් උර උරා  ඔලුවේ තියාගෙන  තමයි  පාරේ යන්නෙ හරිම balance  එකේ.එවුන් මසට විකුණනවා .ඔය ආරංචිය   ගමේ පැතිපැතිරෙන්නට  වැඩි  වෙලාවක්  ගියේ නෑ. Reporter ,කොන්ඩේ බැදපු පිරිමි  එක්කෙනා ,පත්තරේට දැම්මා.ඔය වැඩේ කරලා තියෙන්නේ  පහල ගෙදර  ලොකු කොල්ලා,උසි ගන්නලා තියෙන්නේ   කන්දේ ගෙදර  ඉස්කෝලේ  මහත්තයා . ලොකු කොල්ලා පව් වැඩවෙලට කැමති ම නෑ .පසු  කාලයක මුදලාලි  මැරුනේ කකුල් බැදපු කුකුලෙක් වගේ කාලයක්  දුක් විදලා.ඒ උනාට නෙයිනා මුදලාලිගේ  ලොකු පුතා”ජවාහිර්”,සිංහල බොදු ලමයි පරද්දලා GCE(OL),අංක ගණිතයට ,බුදුදහමට”D”.

    “අම්මා බලන්ඩකෝ,ලොකු අයියා හෙලුවෙන්  ,පාරේ ඉදලා,දුවගෙන ඇවිල්ලා ඉස්තෝප්පු කාමරේට  රිංගුවා.”නංගි කෙනෙක්  අම්මා ට කෑගහලා කිව්වා.අම්මා  කාමරයට  එබිකම්  කලාම ලොකු  පුතා සරමක් මාරු කරමින් හිටියේ.”ලොක්කා ,මොකද ?හෙලුවෙන්  දිව්වේ .අම්මා  ඇහැව්වේ  හරිම කුතුහලයෙන්  .”නෑ අම්මා ,සීටියාට හොඳටම උණ . අද හිගුරුකඩුවේ දොස්තර මහත්තයා පන්සලට බෙහෙත්  දෙන්න ආවේ නෑ.පස්සර ඉස්පිරිතාලෙට  යන්න විදියක්  නැතිව  හිටියේ ඉරිච්ච  සරම ඇදගෙන.බස්  එකේ සද්දෙ ඇහුනා. සාක්කුවේ  තිබ්බ ,රුපියල් දහයත් දුන්නා.බස් එක  ඉස්කෝලේ ලගින් ආවා .මං මගේ සරම ගලවලා දුන්නා”.අහගෙන හිටිය අම්මගෙ  ඇහැට  කදුලු ඉනුවේ,කොල්ලා  කරගත්  පිනට.  ඒත් සීටියා ඊයේ හැන්දැවේ ඇල අයිනේ ජමනාරං ගහෙන් ජමනාරං  කඩා ගෙන එනවත් අම්මාට මතකයි.සල්ලි නැතුව  පැන්සල් කොටේ බෝල් පොයින්ට්  පෑනේකොපුවේ ගහලා ලියපු  කොල්ලන්ට පෑන් පැන්සල්  දුන්නේ ,පහල ගෙදර ලොකු  කොල්ලා හදවතින්.අවුරුද්දකට  වරක් ,සැන්ටිපෝට් කාර් එකෙන් ඉස්කෝලෙට  එන්නෙ,කොකුපනු රෝගයට  බෙහෙත්  දෙන්න.බෙහෙත්  බිවුව ගමන් බඩ යනවා.බිවුව ගමන් ගෙදර යන්ඩත් දෙනවා .ගෙදර යනකම් කොහොම ඉවසන්නද?කැලයයි ඇලයි තම පිහිට වෙන්නෙ.කොහොමටත්  ඒ කාලේ,LOCAL TOILET  එක කැලෙයි,ඇලයි  තමා.

    මහ කන්නයේ  කුබුරේ  වැඩ පටන්ගන්න ලෑස්ති  කරන්නේ  ගමරාළ .ඇලවල් කපන්නේ ගොවියෝ ඔක්කොම  එකතු  වෙලා එක දවසක.එදාට  ගමේ  ඔක්කොමලා එනවා.ඇමරිකාවේ CARE සංවිධානයෙන්  ,එදාට  එක්කෙනකුට පාන් බාගයක් ,ලොකු  සැමන් ටින් එකක්,කිරි කෝප්පයක්  දෙනවා.ගමේ  කොල්ලා කුරුට්ටෝ  එදාට  ඇල කපන්න එන්නෙත්  ඔයටික කන්න.පලවෙනි හීය ,ගන්නිලේ,ලොකු නිලමෙගේ  කුබුරේ .නගුල් හදන්නෙ,ගමේ හිටිය හොද ගොවියො. බංඩේ නිලමේ ,දේවයා,ජානිස්,ජයතුවා.මී හරක් බානවල් පහක් විතර   ගේන්නේ  ගලුකොලුගොල්ලේ “පට්ටියා.”කලින් දවසේ  වතුර  බැදලා,මීහරක් ටිකක්  වෙලට ගෙනත් දානවා.ගමේ  වැඩි  මහල් පිරිම් ඔක්කොම  වෙලට එනවා.වැඩිමහල්  ගැහැනු  ටික ,ඉස්කෝලෙ  යන්නේ  නැති  දරුවන්  එක්ක හෙලවලව්වට එන්නෙ ,ලොකු  නිලමේගේ  හීංමැණිකෙ ට  උදව් කරන්න.ඔන්න “හීය”  පටන් ගන්න  යන්නේ .ආරච්චි මහමහත්තයත් ආවා,නායක හාමුදුරුවෝත් ඇල අද්දර කරද අත්තක්  කඩා ගෙන හපහපා කරද කෝට්ටේ න් දත් මැද ගෙන ඇල දි ගේ වෙලට   වැඩියා.කාගේ  කාගේත්  උදව්වෙන් , නගුලට මීහරක් බාන ගානේ  වියගහට තියලා බැන්දා .දැන්  කෙවිටත් අතේ තියාගෙන ,බුදුන් ,දෙවියන්  සිහිකරමින්  හරක් බානට කෙවිටෙන්  පොඩ් තට්ටුවක්  දාන්නේ හීය පටන්  ගන්න.කෙවිටත් අතේ තියාගෙන “ඇදපන් මගේ රන් අබරෝ,”කියමින් මියුරු හඩට අල්ලපු ගමටත් ඇහෙන්න,දේවයා,ජයතුවා,ජානිස් ,බංඩේ නිලමේ  කියපු සිව් පද ටික ,tractor  එකෙන් හාලා ,වීටික  පොහොර  බෑග් එකේ දාලා ,මෝලෙන් වී කොටලා,බත් කන රැළේ අලුත්  එවුන්ට කවදාවත්  අහන්න  වෙන්නෙ නෑ .උදේට  දහයට විතර ඉබුල් කිරිබත් ,තේ ,නියර උඩ ඉදගෙන කනවා.පස්සෙ ඕක පාන් බාගෙට  පොල් සම්බෝල  යට වෙනස් උනා,දන්නේම නැතුව . පොල්කටුවෙන් තේ බිව් එක,

    බෙලෙක් කෝප්පයෙන්,ප්ලාස්ටික්  වෙලට මාරුවෙලා.ඉර මුදුන්  වෙනකොට ,හෙලවලව්වේ ඉදලා  ඇල දිගේ පන්කොල පෙට්ට්වල ,බත්,අලත් එක්ක කරවල බැදූම,මුං ඇට හින්දලා,කොස් තෙම්පරාදුව,කිරි හොද්ද,බිලිංඇබුල,ලොකුම  ලොකු  “අලියා”පපඩම් ඇරන් එන්නේ ගමේ බවලත්  උදවිය.ඒ වෙනකොට  පන්සලට දානෙත් පිලිගන්නලා. ගංටාර සද්දෙ ඇහෙනකොට,ගොවිරාළ  ට බඩගින්න දැනෙන්නෙ ඉබේටම.ලොකු නිලමේගේ  ඇරයුමෙන්,ඇලෙන්,වක්කඩෙන්  අත් පය හෝදාගෙන,බුලත්  හපෙත් කෑරලා එලියට දාලා ,ඇල කන්ඩියේ වාඩිගන්නේ,හී බත කන්න.බවලත් උදවිය  කෙහෙල්  කොලේ එලපු අතුල්පතට  බත් ටික  බෙදනකොට,අහක බලා ගෙන  ඉන්නෙ.ඇතිවෙනකල් බත්  බෙදන්න ඉඩ දීලා.හොර  ඇහෙන් බලලා බත උඩින් අත තියෙන්නේ ,කටින් ඇති නොකියා.”මහ රෑ පතනෙ පැත්තෙන් වෙඩ් සද්දයක්  ඇහුනා”කන අතරේ කටහඬ  අවිදි කලේ දේවයා.”සයිනේරියා,තඩි ඊරියකොට තඩිබාලා .උදේ තමයි  හම්බ  වෙලා තියෙන්නෙ.හම ගහනකොට බඩේ පැටව්  පස් දෙනක් ඉදලා”බංඩේ නිලමෙගේ උත්තරයට “අනේ පව්”කියවුනේ හැමෝටම .අනේ පව් කිව්ව එවුන්ගෙ ගෙවල්වල බවලත් උදවිය ,උරුමස් හොද්ද හදන්න මේ වන කොටත්  මිරිස්  ගුලිය අබරපු බව දන්නෙ දෙයියො විතරයි .

    ඉස්කෝලෙත් ඇරලා,දඩබ්බර  නිලමෙග ලොකු  එකා පිරිවරාගෙන ,පහල ගෙදර ,දෙයියන්ගෙ  කුබුරේ  කොල්ලා  කෙල්ලො  හෙලවලව්වට ඇල දිගේ ගියේ හී බත කන්ඩ.ඒ වෙනකොට  අඩිවලදට හී බත බෙදලා ගමේ  හැම  ගෙදරකටම යවලා.

    කොල්ලො ඔක්කොම  ඉක්මනට ආවේ,ඉර බැහැගෙන යන කොට  හීය ඉවර වෙන බව දන්නනිසා.ඔන්න  දැන් හීය ඉවරයි .වියගහ,නගුල් ඇල උඩ තියලා.කොල්ලා ටික  එකතුවෙලා,ඇලේ වතුරෙන් මී හරක් ටික  නාවනවා .ගොටුවේ තිබ්බ බුලත් ,පුවක් හුනු දුම්කොල ටිකත් ඉවරයි .පට්ටියා මීහරක්  ටික  දක්කා ගෙන යනකොට ගන්නිලේ  ඉතිරි  ටික  හාන්න පටිටියාට දින දීලත් ඉවරයි . ජපන් කෙමයට තමයි කොල්ලා කුරුට්ටෝ  එකතු වෙලා වෙලේ පැල හිටවන්නෙ.උන් තමයි හැන්දෑවට  පැලට වෙලා කුරුල්ලන්  එලවන්නෙ.ඔය අතර දගයෝ පැලට වෙලා බීඩියක් උරනවා විනෝදෙට.

    දෙවනි මහත්තයා ,ලොකු මහත්තෙක් වෙලා  කෝට් එකෙන් ජාතික  ඇදුමට මාරු වෙලා තැන්නුගෙ පාසලට ගියා.නඩු දාන මහත්තයා ලියනමහත්තයා වෙලා සුදු කෝට් එකට අත දා ගෙන පස්සර  මැදි විදුහලට ගියා.ආරච්චි මහත්තයගෙ ලොකු  පුතා,ආඩම්බර  කාරයා,ආහාර  නිස්පාදන ඕවර්සියර්  වෙලා හාලි ඇලට ගියා.මද්දුමයා තවමත් බුද්දම.බාල කොල්ලා ගුරු පත්ව්මක් ඇරන් මැදි විදුහලේ  උගන්නනවා .ආරච්චි මහත්තයා මියගිහින් .ලොකු  නිලමෙත් අපි අතර නෑ.මිය යන්නට කලින් හැම අවුරුද්දකම පරණ අවුරුද්දට පවුල් පිටින් ,මහතැන්න ලයිම් මැදින් ,පරපාවට,බිබිලේ ගමට යන්නෙ,පයින් කිරිඅප්පලා,කිරිඅම්මලා බලන්න.හැතැක්ම දහයක්  දොලහක්  පයින් කැලෙ මදින් පයින් ගියත්,අදටත් එය සුන්දර  මතකයක් මිස ,කොල්ලා කුරුට්ටෝ  හැමට මහන්සියක් නොවෙයි.පහල,ගෙදර ලොකු කොල්ලත්,දෙයියන්ගෙ කුබුරේ  ඒ වයසේ කොල්ලත් ,ගස් නැගලා නෙල්ලි,ගල් සියබලා කඩනකොට කෙල්ලෝ ටික  ඒවා අහුලනවා .සුන්දර  අතීතය?

    ඒ දෙන්නා ඉන්න කාලේ සිංහල අලුත් අවුරුදු  සමරන්නේ  චාරිත්‍ර ,වාරිත්‍ර  හරියටම පිලි පැදලා.කිරිපනික්කයා ගුරුන්නාන්සේ  උඩුකයට ඇදුමක් නැතිව ගෙදරට  ඇතුල් වෙනකොටම  සාලුව අතට ඇරන්,හරි  ගරුසරු වෙන් තමයි ඇතුළු  වෙන්නෙ.පැදුරක්  එලනවා වාඩිවෙන්න .

    ගෙහිමියා ,ඉලත්තට්ටුව ලෑස්ති කරලා දුන්නාට  පස්සේ,බුලත් හෙප්පුවට  බුලත් පුවක් හුනු දුම්කොල දාලා කොටන  කොට  ගෙදර  බවලත් උදවිය  තේවතුරයි ,කන්න මොනවා  හරි ,ගුරුන්නාන්සේ  ට දෙනවා.☕ බොනගමන් අවුරුදු  නැකැත්  පන් කොලේ  ලියලා අතට දෙනවා.අවුරුද්දට සන්තෝෂයට  දෙන වී බුසල කරේ තියාගෙන යන්නේ  සැබෑ  ගැමියෙක් විදිහට .අවුරුදු  නිවාඩුව  පටන්  ගන්නකොට අමුනුමුල්ලෙ රෙදි නැන්දා පැලැන්තියේ  ගෙවල්  වලට එන්නෙ,පොඩි එවුන්ගෙ ,ඉස්කෝලේ  කලුලෑල්ල  කලු කරන්න එඩරු කිරි එකතු කරනකොට,ඇදුමේ තැවරුනු  කහට පැල්ලම් ටික ඉවත්  කරලා අපුල්ලන්න.අම්මලා,අලුත් අවුරුදු  වලට රෙදි නැන්දාට වී බුසලක් දෙන්න අමතක  කරන්නේ නෑ.ඔයකාලේ ඉපදුණු කාගෙ කාගේත් ,ගුරුන්නාන්සේ    පුස්කොලේ ලියපු කේන්දරේ,අපලයක්  උනාම බලන්න අල්මාරියේ ලාච්චුවේ  තවමත්  ඇති. අලුත් අවුරුද්ද  ට ඉස්කෝලෙ  නිවාඩු .ආන්ඩුවේ රාජකාරි  කරන අයට හම්බු වෙන මාර්තු  පඩියත්,අත්තිකාරම්  මුදලත් බිරිඳ ගේ  අතට දෙන්නේ අඩු වැඩි රෙදිපිළි ගන්න.කෙල්ලන්ට ගවුම්  මහන්න  ච්ත්ත රෙදි  සමුපකාර  යෙන් ගත්තම ලස්සන ගවුම්  SINGER මැසිමෙන් මහන්නේ පහල ගෙදර  නෝනා.ගමේ  කෙල්ලන්ගේ ගවුම් ,ගැහැනු  අයගේ හැට්ට  මහන්නේ සතයක්වත්  ගන්නේ නැතුව.ගැලවෙන  හිසකෙස් මල්ලක  එකතු කරලා තිබ්බම ,ගමේ ගැහැනු  ඇවිත්  හවරියක්  ගොතලා දෙන්නෙ හිලව්වට .ඉස්කෝලේ  ලග හංදියට ඉස්සර  කියන්නෙ,අංපිටිය කියලා .ඔතන  කුබුරේ  ඉස්සර  තිබුනා  මිල්ල කදන් දෙකක් හිටවලා.අං ඇදිම තමා  ඒකාලේ වස් දොස් යන්න සිංහල අවුරුද්දේ කරන කීඩාව. අලුත් අවුරුද්ද ට  ගෙදර  සමර ගාන්නත් කුස්සියේ  ගොම  ගාන්නත් අමතක කරන්නේ  නෑ.බස් කොන්දොස්තර  ඒකාලෙ,”අංපිටිය” ලග බහින්න කියලා කෑ ගහන්නේ,කුට්ටිසාක්කුවේ බඩු මල්ල උස්සා ගෙන,ලාම්පු  තෙල් ගැලුමත් ඇරන් පස්සර ඉදලා එන ඔක්කොටම බස් එකෙන්  බහින්ඩ  .නොනගතය  හරියටම පිලිපදිනවා.ඔක්කොම පවුල්  පිට්න් නෑදෑ ගෙයක් ගානේ අලුත්  ඇදුම් ඇදගෙන .පොඩි එවුන්ට  පාට පාට රතිඤ්ඤා  පෙට්ටි හැම ගෙදරකින්ම හම්බවෙනවා.සමහරු  වෙසක්  එනකං  ඒවා තියාගත්තා ,suitcase  ekeදාලා.ලියනමහත්තයා   ආරච්චි මහත්තය,නැති  උනාට පස්සෙ,සිරිතක් ලෙස බුලත් කොටුවෙන් බුලත් කඩාගෙන  දරු මල්ලන් එක්ක දෙයියන්ගෙ කුබුරේ ගෙදරට අලුත් අවුරුද්ද ට  එන්නෙ,කලුලෑල්ලෙත් ලියපු නැති පාඩමක්  තම දරුවන් හට  උගන්වන්න.ඒ උතුම්  සිරිත මියයනතෙක්ම ඉටු කලා.ලොකු නිලමේ ඉන්න කාලේ අලුත් අවුරුද්ද  ට ගමේගොඩේ  කවුරුත්  හෙලවලව්වට  එනවා.දඩබ්බර නිලමෙග  වරාදොල  පාසල්  සමයේ හිටිය  අන්වර්ථ  නාමයෙන්  අපි කවුරුත්  දන්නා “මෑකැනියා” “සීතලයා” “දුඩ්ඩුවා”නිලමෙගෙ ඇරයුමෙන් අනිවාර්යයෙන්  එනවා.ඔය නම් පටබැන්දෙ ඔය  නිලමේ ලු . මෑකැනියා,සිතලයා ,කියලා නම් පටබැන්දෙ ඇයි කියලා,දන්නේ නැති වුනත්,දුඩ්ඩුවා ගෙ ප්‍රබන්ධය  හරිම රසවත්. 

    දඩබ්බර නිලමෙ,ඉස්කෝලෙ   වරාදොල .කලින්  කිව්ව ගෝල බාලයෝ ඔක්කොමලා  අංකඩ පන්සල  හරහා තමා ඉස්කෝලට යන්නෙ.ඉස්කෝලේ  ඇරලා එන ගමන් ,පන්සලට  ගොඩ වෙන්නෙ,බඩ ගින්නට දං බත් කන්න .හාමුදුරුවෝ නිලමෙග නෑදෑයෙක්.ඒකාලෙ,දානේ පන්සලේම උයනවා.දවසක් කොල්ලො  කාලා ඉවර උනාම හාමුදුරුවෝ කිව්වලු පන්සල් වත්තෙ පුවක් ටික  කඩන්න.පා වලල්ල දා ගෙන ගහට නැගලා එකෙක් පුවක් කඩනකොට  ,අනික් එවුන්  පුවක් ටික  අහුලනවා .පුවක් කඩලා ඉවරඋනාම ,ගස් නැගපු එකාට, “පොඩි එකා,ආවාසය  පිටිපස්සෙ කෙහෙල්  පදුරේ කැනක් පැහිලා,ඇවරියක් පාට වැටිලත් තිබුනා ,කපාගෙන  වරෙන්කො” පිහියත්  අතට  දෙන ගමන් හාමුදුරුවෝ  කිව්වා.හාමුදුරුවෝ  ටික වෙලාවක්  බලාහිටියා,කොල්ලත්නෑ.ආවාසය පිටිපස්සට ,ගියා.බැලින්නම් ,හරිමහිනා,.ආපු හිනාවත් නවත්තාගෙන, “මොකදකරන්නේ කොලුවෝ,” හාමුදුරුවෝ  ඇහුවා .  “හාමුදුරුවනේ,පුවක් කඩනකොට ,ගහට නැගලා  ,ඉදුණු  පුවක් වල්ල කඩනවානෙ,එක කෙහෙල්  ඇවරියයි,ඉදිලා  තියෙන්නේ ,මාත් කෙහෙල්  ගහට පාවලල්ලත් දාගෙන  නගින්ඩ  ගියේ,ඉදුණු  ඇවරිය කපාගෙන  එන්න,”   “බොලේ,දුඩ්ඩුවා,ගස් නැගලා පුවක් කඩනවා,පැලේම බිමදාලා තමයි කෙහෙල්  කැන කපන්නේ ,තව පොඩ්ඩෙන්  මේකා කෙහෙල්  ගහට නැගලා කොන්දත් කඩාගන්නවා” කියාගෙන හාමුදුරුවෝ  පිහියත් ඇරන් කෙහෙල් කැනම  කැපුවා..කතාව  දැන ගත් කොල්ලො,ගස් නැග්ග කොල්ලට කතා කලේම “දුඩ්ඩුවා”  කියලා .මැරෙන කල්ම අහිංසකයාට කවුරුත් ආදරේට කිව්වේ  ඒ නම තමා.

    දැන් කොල්ලන්ගෙ කටහඬත්,බැරැන්ඩි  වෙලා .කෙල්ලොත් ලමිස්සියෝ .යන්නේ  බස් එකෙන් ,පස්සර ඉස්කෝලෙට.අංපිටිය හංදියේ bus halt එකක් තිබුනට,බස් එකට නගින්ඩ ,බහින්ඩ එන්නේ පහල ගෙදර ලගට.බස් එන්න යන්න වෙලාවක්  තිබුණේ  නෑ .අල්ලාප ,සල්ලාප  වලට හොඳම තැන පහල ගෙදර .කන්දේ ගෙදර  පුන්ච් ඉස්කෝලෙ  මහත්තයත්,නාරද හාමුදුරුවන් ගෙ  බුද්දාගම පොතත් අතේ තියාගෙන,බස් එකට නගින්ඩ  එන්නෙත්  ඔතනට.සිංහල ,බුද්දාගම තමා ඒකාලේ  ඉගෙන්නුවේ.නෑකම කෙසේ  වෙතත් , “sir  අද උගන්වන්නේ ,ඉපදීමද ,බුදු වීමද,පිරිනිවන්  පෑමද.”මේ අහන්නෙ, බස් එකට  නගින්ඩ  ආව කොල්ලො,කෙල්ලො .sir උත්තර  දෙන්න කලින් බස් එක ආවා.මේක ඇහුවේ විහිලුවට.sir පන්තියට  ගිහින් නාරද හාමුදුරුවන්ගේ  බුද්දාගම පොත අතේ තියාගෙන  “ආයුබෝවන් “ කියලා පොත මේසය උඩ තියලා ගුරුපුටුවේ වාඩිවෙන කොට පොතේ පිටු  හුලගට පෙරලිලා.පොත අතට ගන්නවා.පෙරලිලා තිබුණු  පිටුව තමයි එදා පාඩම.ඊයේ පාඩම,බුදුවීම නම්,අද සත්සතිය.පෙරලුන පිටුව අනුව තමයි ,අද පාඩම.සර් ගේ වැඩ හරිම රසවත්.දැන්  pension.කුබුරේ  වැඩ කරන්න පස්සරින් උදැල්ලක් ඇරන් ගමට ඇවිත් මිටක් දාගෙන වැඩ කරාට පස්සෙ,මිට ගලවලා කැලේ හංගලා උදැලු තලේ  bag එකේ දාගෙන බස් එකෙන් ගෙදර  යන sir ගේ ,ඇස් වහක් නෑ,තවම වයස පේන්නෙත් නෑ. ඒ වුනාට කෙල්ලො,කොල්ලො  සිංහල ,බුද්දාගම  පාස්.

    සම වයසේ නායක හාමුදුරුවෝත්  එක්ක ,ඔක්කොමලා  එකතුවෙලා  දහම් පාසල,ඒ වගේම  පවත්තපු පොසොන් පෙරහර ,මතක් වෙනකොට  ,ඔක්කොමලා  සිදාදියට ගියත්,දෙයියන්ගෙ කුබුරේ  ගෙදර උන් දෙන්නාගේ සමවයසේ එකා ගමේ ඉදලා ,පන්සලේ ගුණානුස්මරණෝත්සවය  ඔක්කොම  සිහි කරලා පසු ගිය දිනක පැවත්තුවා.

    හෙලවලව්වේ ඉලන්දාරියා ,බස් එකට නගින්න ,කෝස් එකට එනවා .අනිත් ඉලන්දායෝ ,ලමිස්සියො,බස් එකට නගින්නේ පහල ගෙදර ලගින්.ලියනමහත්තයා ,ගේ තාත්තා ,අම්මා සමහර කාලවලදී ,පහල ගෙදරට ඇවිත් සතියක් දෙකක් ගත කරනවා. ආපහු යන දවසට ,දෙල් ,කොස්,කෙසෙල් මුව,පොල් ආදි එකතු කරලා ලොකු  මල්ලක් හදලා දෙනවා,.බස් එක පහලින් එන්නෙ පොල් පටවලා වගේ.පහල ගෙදර ලොකු  එකා බඩු මල්ල   ඉස්සරහ  තියලා ,සීයවත් ඉස්සරහ දොරෙන් නග්ගලා,පස්ස දොරෙන් ඇතුළු  වන්නේ team ekama පිටි පස්සෙ ඉන්න හන්දා. හැතැප්ම  දෙක තුනක් ගියා විතරයි,ඉස්සරහින් ඇහෙනවා “කොල්ලෝ,මගෙ බඩු කෑල්ල කෝ,”කියලා මහ සද්දෙන්.මුලු බස් එකම හිනාවෙන්නෙ,බඩ අල්ලා ගෙන.  “බඩු කෑල්ල පස්සෙ කොල්ලෙක්  එක්ක වාඩි වෙලා යනවා”විහිලුවට උත්තර  දෙන්නේ,අපේ driver ජිනදාස  අයියා.ඒ බස් එක බදුල්ලටම යනවා.ජිනදාස  අයියා පස්සර ඉස්පිරිතාලෙ  ලග  නැවත්තුවා ට පස්සෙ,බස්නායක  කොන්දොස්තර  උන්නැහේ  බඩු කෑල්ල බිමට බාලා දෙන්නෙ විහිලුවකුත් කරලා ආදරයෙන්. හීයට උනු පාන් ගෙන්නා ගන්නෙ,ඉරිදාට පත්තර ටික ගෙන්නා ගන්නෙ බස් එකේ කොන්දොස්තට කියලා .ඒ අය පවුලේ අය වගේ .ලියනමහත්තයා ,  “රිවිරැස” පත්තරේ  ගත්තම අකුරක් නෑර කියවන්නේ ,කලු කන්නාඩිය දාගෙන,දොරකඩ වාඩිවෙලා.පත්තරේ  ගත්ත ගමන්,  “අක්ක නගෝ”කෙටිකතාව තියන පිටුව නෝනමහත්තයාට දෙන්නෙ ,ඈ කියවන්නෙම ඒ කතාවම පමණක්  නිසා.එගොඩ ගෙදරට  ගිහින් සිලුම්න  පත්තරේ ,ඇරන් එන්නෙ,රිවිරැස  පත්තරේට මාරු කරන් .පත්තරේ වගේ තමයි ඔය ගෙවල් තුනේ,කෑම බීම මාලු පිනි මාරුකරගන්නෙත්.බැදිම,ගහට පොත්ත වගේ. 

    Passara central  එකේ මේ අය  ඉගෙනගත්තු  කාලේ ,නෙවිල් පෙරේරා  ගේ මෝහන වැඩ සටහනක් ඉස්කෝ hall එකේ පෙන්නුවා. ජෝතිපාල  ගේ  “නිදන්න,ඔබ නිදන්න” සිංදුව  පසු බිමේ ගායනා කලා   . සමහරු පුටුවෙ හොඳටම නිදි.පහල ගෙදර  ලොකු කොල්ලත් පුටුවේ  හොඳටම නිදි.කොහොම හරි සිංදුවෙන්ම stage එකටම නිදාගෙන  හිටිය ඔක්කොමලා ගෙන්නා ගත්තා.හැමෝම  කියන කියන දේ කරනවා .අඩ සිහියෙන්  අඩන්න කිව්වම අඩනවා.නටන්න කිව්වම නටනවා.  “ඔන්න දැන් මල්වත්කට ඇව්ල්ලා ඉන්නෙ,මල්කඩලා සුවද බලන්න කිව්වම ඒකත් කරනවා.අපේ කොල්ලා  ලගට ඇවිත් කිව්වා,  “ඔන්න apple gahak” ලගට ඇවිල්ලා,ඉන්නේ ඇපල් කඩන්නකො  කියලා . මිනිහා apple කඩනවා,සාක්කුවේ දාගන්නවා.සාක්කුවට දාගත්තේ ගිණි අගුරු කිව්වම මිනිහා අඩ සිහියෙන් කෑ ගහමින් සාක්කුවෙන් ඔක්කොම බිමට දානවා ඔක්කොමලා  හිනාවෙනවා. අන්තිමට ජොතිපාලගේ “අවදිවන්න ,අවදිවන්න දීප්තිමත්”සිංදුව පසුබිමේ වාදනය  කරනකොට  මෙන්න පියව් සීහිය ඇවිල්ලා,stage එකෙන් බැස්සා. එදා හොඳටම අපේ යාලුවා මෝහනය උනා.විනෝදාත්මක  මතකයක්?

    එගොඩ  කොල්ලා science  කරනකොට  උන් දෙන්නා commerce  කලේ.ඇලෙක්සැන්ඩර්  sir ගේ උන්හොඳම ගෝලයෝ.ඉගෙනුම අවසන්  කල එගොඩ  තරුණයා ,TO කෙනෙක් උනා,උන් දෙන්නගේ එකෙක්  Bank එකට ගියා බුත්තලට .අනිකා වරාය  රැකියාවට ගියා.කාලය  නොදැනිම  තප්පරය,විනාඩිය,පැය දවස,මාසය,අවුරුද්ද  ගෙව්ගියා,නායක  හාමුදුරුවරු,ආරච්චි මහත්තයා ,හිංමැනිකේ,නිලමෙලා අපිට අහිමි වුනා.  1957 විතර,ඌව පලාතෙ  ලොකු ඒජන්ත උන්නැහේ  K .M D ජයනෙත්ති,වරාදොල වසමට ආවා ඉඩම්  කච්චේරිය තියන්න.දවාලට  කෑම දෙයියන්ගෙ කුබුරේ  ගෙදර .උන්නැහේ  කාලා බීලා ඉවර උනාම “ආරච්චිට,මොනවද ඕනෑ  “කියල ඇහුවම,හිතාගෙන  හිටිය ඔක්කොම එලියට දැම්මා.කෝස් එකෙන් උඩ අක්කර දෙකගානේ වහම්පුර කට්ටියට.පහේ කනුවේ,ලොකු දුවට,ඊලගට ගුනවර්දන ලොකු පුතාට අක්කර හතර,හරස්ගෙදර ඔපිසරට අක්කරදෙකක්,ජයතිලක මැම්බර්ට අක්කර දෙකගානේ ,තැපල් මහත්තයට ,පිහිල්ලපිටිය ලග දෙවැනි දුවට කෝල්කාරේ ගුනරත්න,බිම බලාගෙන යන නිලමෙට අක්කර දෙකගානේ  වෙන්කර  ගත්තා.උරුමක් කාරයෝ ගම්මිරිස්  වැලක් හරි හිටවගත්තා. දෙවනි දුවගේ අක්කර දෙක ,නිකටට අත තියාගෙන ,උරුමක්කාරයන්  ,අවුරුදු  හැත්තැවක් වෙනව තවම අඩියක්වත් තියලා නෑ කියලා,දුකෙන් තවමත්  ලමිස්සියක් වගේ ඉන්න පිහිල්ල දිහා බලගෙන රෑ දවල් සුසුම් හෙලනවා. , කල දසාව හරියනකොට හරි.මොනරාගල TO මහත්තයගෙ දෙවැනි මනමාලයා,දෙවැනි මනමාලියෙක්  යාලු කරගත්තා.

    එගොඩ  කොලුවත්,පාසල්  සමයෙම සහකාරිය  හොයා ගත්තා.ඒ වුනාට  උන්දෙන්නට,ඒ පාඩම ඉස්කෝලෙන් ඉගෙන ගන්න බැරිවුණා .දීග යන්නත් අනුන්ගේ  පිහිට පතන්න උනා.කොහොම හරි  එකෙක් වැලිමඩ  ටත් අනිකා අවිස්සාවේල්ල  ටත් කරගැහුවා.හිතන්නේ නැති මොහොතක,පහල ගෙදර  ලියනමහත්තයත්,දඩබ්බර  නිලමෙත් සදහටම දෑස්  පිහදාගත්තේ,උන් දෙන්නා තමන්ගේ පවුල්  බර අදින බව හොදින් දැනගෙන.පහල ගෙදර ඔක්කොමලා  පවුල් ජිවිත  ගත කරන්න ඔක්කොම  අතහැරලා සිදාදියට ගියා.ලොකු එකා අම්මවත් තමන් ගේ නිවහනට එක්ක ගියේ ඉපදුණු  ගමේ බිම් අගලක් වත් තමා සන්තකයේ  තියාගන්නෙ නැතිව,සහෝදර ,සහෝදරියන්  අතර බෙදලා.දැන් ඉතින්,උන් දෙන්නත් අප්පච්චි  ලා.වෙලගෙදර  සිට  බදුල්ල  ටවුමට  car එකෙන්  මගී transport නොම්ලේ.ගමේ කවුරුහරි බදුල්ලේ  රෝහලේ  ඉන්නවාකියලා දැනගත්තොත්,තුන් වේලම අම්මටත් කරදර නොකර ලෙඩාට කෑම  උයාගෙන ඇරන් ගියා විතරක්  නොවෙයි,ටිකට් කැපුවම බස්ගාස්තුව දෙන්නත් අනේපිඩු සිටානෝගෙ හදවත කිව්වේ,රහසින්දෝ පිං රැස් කරගන්නට කවුරුත්  කිව්වද දන්නෙ නෑ .

    දවසක් අහම්බෙන්  දැනගත්තා ,නිලමෙග ලොකු එකා ,Colombo ඉස්පිරිතාලෙ 64 වාට්ටුවේ නවත්තලා කියලා.වාට්ටුවට  ගියාම,දැක්කා බඩෙන් ලේ අයින්කරනවා .ලෙඩෙත් දැනගත්තා ,අහිංසකයා  ටික  කලකින් නොකියාම  යන බවත් දැනගත්තා .ඔය අතරේ ජයවර්ධනපුර  රෝහලට  ගියේ,අහිංසක නර්ස් නෝනා බලන්න .එදත් දැනගත්තෙ,මේ අහිංසකියටත් ඒ ඉරණම අත්වෙන බවතමා.ඉරණම සරදම් කරන බවක් දැණුනා.නර්ස් නෝනා ,වෙස්සන්තරත්,මල් කැකුලු දෙකත් ආත්තම්මාට බාර කරලා,යන්න ගියේ,අහිමිවීම කියාදිලා.අම්මා ට හොඳ  නින්දකට  ඉඩදීලා,උයලා පිහලා,දරුවන්  ගේ වැඩත් කරලා,අම්මටත් වැදලා බැංකුවට යන්නෙ,නොමිලේ  කාර් එකත් පුරවගෙන,බුලත් හපයකුත් කටේ තියගෙන.55න් pension  ගත්තා.මස්සිනාට  බෙහෙත්  ගන්න colombo  ගියේ කාර් එකෙන් ,tyre එකේ හුලං ගියා අතරමගදි.tyre eka මාරු කරනකොට  පාරේ ගිය බයිසිකල්  කාරයෙක්,කකුලේ වැදිලා ඇට කුඩුවුනා.මාස ගනනක් ඉස්පිරිතාලෙ .වෙස්සන්තර හම්බවෙන දේවල්  ටිකක් තියාගෙන  ඔක්කොම දෙනවා ලෙඩ්ඩුන්ට.අනෙක්  ලෙඩ්ඩු තමයි සාත්තු සප්පායම් කලේ.

    ඔය අතරේ ,අහිංසකයා ආයෙත් ඉස්පිරිතාලෙ  කියලා  ආරංචියට ගියාම,දුවලා නියපොතු කපනවා.යන්තම් ඇස් ඇරලා තොල් දෙකෙන්   “ලොකු අයියා” කියමින් මුමුණලා,කදුලු වගුරමින් දෑස් වහගත්තෙ,දැන් ඇති මාත් යනවා කියලා කියන්නද දන්නේ නෑ.අහිංසකයා  වෙනුවෙන්  අපි ඔක්කොම,අවිස්සාවේල්ල  ගෙදරට ආවා.පහල ගෙදර  ලොකු එකා  බුලත්  විටක් කටේ තියගෙන ගොත ගහමින් කතා කරන බවක් දැනුණා.පවුලේ ඔක්කොමලාටත් කිව්වේ බරපතළ  කමක් දැනුන නිසා.ඔය අතරේ අපිත් ගියේ බලන්න. එන ගමන් වාහනේ ලගටම පයින් ඇවිත් වැද අපිට සමු දුන්නේ  ,මේ ආත්මයේදි ආයත්  හමුවෙන්නේ නෑ කියලා හිතාගෙනද දන්නේ නෑ.

    උන් දෙන්නාත් හිටියානම්?බස් එකට නගින්න අපි ඔක්කොම එන්නෙ පහල ගෙදර  ලගට.ජයවර්ධන  පරපුරේ අක්කලා නංගිලා  තුන්දෙනා ගමට වෙලා කොතරම්  සතුටින් ඇත්ද?”අප්පච්ච්,දුව ටිකක් වඩා ගන්න කියනකොට බුලත් හපේ එලියට  දාලා මිනිබිරිය  හුරතල්  කරන හැට්,ගමේ  ගෙයක් ගානේ වඩාගෙන යන හැටි,හීනයක්ද කියලා හිතෙනවා .කොල්ලා කෙල්ල බලන්න සබරගමුවේ  යනකොට ,කාර් එකට full tank ගහලා දෙන හැටි මතක් වෙන්නෙ ,දැක්ක ගමන් කොල්ලයි කෙල්ලයි  “ලොකු අප්පච්චි” කියලා වදිනකොට.

    හෙල ඉඩම වෙන කතාවක්.ඌත් හිටියනම් පවුලේ ,තවත් දම්වැල් පුරුකක්.

    ලස්සනට   ලතා මංගෙස්කාර් වගේ සිංදු කියන,කෙල්ලටත්,වඩේ බැදපු සුදු  කෙල්ලටත්, කටකාර කෙල්ලටත් ,අහිංසක අක්කාටත්,කතාවක්ම නැති මල්ලිටත්  අම්මාටත් අපිටත්,ඌ හිටියානම් පහල  සුන්දර  නිවහන ,තවමත් අපේ ගෙයක්.අනික් එකා නැති පාලුව දැනෙන්නෙ,අහිංසක උගේ අම්මාට විතරයි.

  • සෝමාවතී පුදබිම කරා ගිය වාර්ෂික පවුලේ වන්දනා චාරිකාව

    බෙහෙත් ශාලාව සහ ලිපිය ලැබීම

    ​මෝටර් සයිකල් හෝන් එකක “කීච්, කීච්” හඬ ඇසෙයි. එම අවස්ථාවේ වෛද්‍යතුමිය බෙහෙත් ශාලාව (Dispensary) තුළ රෝගියෙකු පරීක්ෂා කරමින් සිටියාය. “දැන් හැමදේම වෙනස් වෙලා, බලන්න පියන් මහත්තයාගේ රින්ගින් ටෝන් (Ringing tone) එකත් වෙනස් වෙලා,” යැයි වෛද්‍යතුමිය පැවසුවාය. ඇය “රාසු, රාසු” යැයි ශබ්ද කර කතා කළත් ප්‍රතිචාරයක් නොවීය.

    ​ඇයගේ කෑගැසීම ඇසුණු සැමියා වන “කොඩි”, එය තැපැල්කරුගේ හඬ බව හඳුනාගෙන ලිපි ලබාගත්තේය. පනස් හැවිරිදි සේවක රාසු, තවමත් එක අතකින් මිදුල අතුගාමින්, අනෙක් අතින් ජංගම දුරකථනයෙන් ඇමතුමක සිටින අයුරු කොඩි දුටුවේය. වැඩ කරන අතරතුර නිතරම දුරකථනයෙන් පවුලේ අය සමඟ කතා කිරීම සහ යූටියුබ් (YouTube) නැරඹීම දැන් රාසුට පුරුද්දක් වී ඇත.

    ​කොඩි අතට ගත් ලිපිය වෛද්‍ය මාලනී කොඩිතුවක්කු මහත්මිය වෙත සෝමාවතී රජමහා විහාරයෙන් එවූවකි. එය සෑම වසරකම නොවැම්බර් 16 සහ 17 යන දිනවල ඇය විසින් පවත්වනු ලබන වාර්ෂික වන්දනා ගමන සිහිපත් කිරීම සඳහා එවූ ලිපියකි. කොඩි එම ලිපිය නිවසේ ඇති ඇයගේ බෙහෙත් ශාලාවේ මේසය මත තැබුවේය.

    ගමන සංවිධානය කිරීම

    ​උදෑසන බෙහෙත් ශාලාවේ වැඩ නිමවා විවේකීව අසුන්ගත් මාලනී, ලිපිය කියවා කොඩිට කතා කළාය. ඒ වන විට ඔහු වැරැන්ඩාවේ හාන්සි පුටුවක පුවත්පත් කියවමින් සිටියේය. කොඩි බෙහෙත් ශාලාවට පැමිණ රෝගීන් සඳහා වෙන් කළ අසුනේ වාඩි විය. “කොඩි, බලන්න මේ පාර රුපියල් තිස්දහසක් ගෙවන්න ඕනේ. ගිය පාර ගෙව්වේ දහඅටදහසයි,” ඇය පැවසුවාය. “කමක් නැහැ, තව සති දෙකක් තියෙනවනේ. ගිය පාර අපි ගියේ යසාසිලාගේ පවුලේ අයත් එක්ක,” කොඩි පැවසීය.

    ​මාලනී විසින් පොඩි, අබේසේකර අයියා සහ රූපාටද එක්වන ලෙස ඇසීමට තීරණය කළාය. පසුව ඇය පුගොඩ සිටින දමයන්ති සහ හේමන්තීටද ආරාධනා කළාය. “දැන් ඔවුන් අපේම පවුලේ අය වගේ. අපේ බාල පුතා මෙවන්ගේ පෙම්වතිය වන දිනිතිගේ පවුලේ අය නිසා ඔහුත් ඔවුන් එනවාට කැමති වේවි,” යැයි කොඩි පැවසීය. මාලනී විසින් මාණිකේ, බිසෝ සහ පස්සර දුවටද ආරාධනා කරන ලෙසත්, භාවනා පන්තියේ කිහිප දෙනෙකුටද කතා කිරීමට අදහස් කරන බවත් පැවසුවාය. “මට අමතක වුණා, යසාසිගේ මාතලේ නැන්දා අනිවාර්යයෙන්ම එනවා. මම ඇයට කියන්නම් දිවා ආහාරයට පොළොස් ඇඹුලක් හදාගෙන එන්න කියලා,” මාලනී නැවතත් පැවසුවාය. සාමාන්‍යයෙන් මාලනී තමයි අණ ලබා දෙන්නේ. “කොඩි, මේ ලිපිය වෙනම ෆයිල් එකක දාලා එන අයගේ ලැයිස්තුවක් හදන්න,” ඇය පැවසුවාය.

    සහභාගී වන පිරිස තීරණය කිරීම

    ​බිසෝ පැවසුවේ ඇයගේ අයියා අංශභාග (Stroke) රෝගයෙන් පෙළෙන බැවින් පැමිණිය නොහැකි බවයි. මාණිකේගේ දුව වන රුවනිට නිවාඩු ගත නොහැකි බැවින් ඇයටද ඒමට නොහැකි විය. පස්සර දුව පොරොන්දු වුවත්, ඇයගේ වැඩිමහල් දියණියට එම දිනවල KDU පන්ති තිබූ බැවින් ඇයටද නොහැකි විය. පොඩි, අබේසේකර අයියා සහ රූපාද තමන්ගේ අපහසුතා මාලනීට දන්වා සිටියහ.

    ​අවසානයේ කොඩි සහ මාලනී එක්ව ලැයිස්තුව සකස් කළහ. රාසු ඇතුළුව දොළොස් දෙනෙකු ඊට ඇතුළත් විය. මාලනී ප්‍රථම වරට සෝමාවතී වන්දනාවේ ගියේ 2017 වසරේදී අරුණ මල්ලිගේ නෑනා (Sister-in-law) සමඟය. එතැන් සිට 2018 වසරේ සිට සෑම නොවැම්බර් 16 සහ 17 දිනවල මෙම පවුලේ වන්දනා ගමන සංවිධානය කෙරේ. බොහෝ විට ඔවුන් බස් රථයක් කුලියට ගෙන නෑදෑ හිතමිතුරන් සහ ගම්වැසියන් සමඟ මෙම ගමන යති.

    ​මාලනී බෙහෙත් ශාලාවේ වැඩ කරන අතරතුර ඉතා කාර්යබහුලව ගමනේ කටයුතු සූදානම් කළාය. “කොඩි, දැන් පහළොස් දෙනෙකුට වඩා එනවා වගේ. ඉනෝකා එනවා කිව්වා එයාගේ අම්මත් එක්ක. මම මාගලගොඩ නිත්‍ය රෝගියෙකුටත් එන්න කිව්වා. හොඳ බස් එකක් බලන්න පුළුවන්ද? ඒසී (AC) බස් ගොඩක් ගණන්,” ඇය රාත්‍රී ආහාරය අතරතුර පැවසුවාය. “නාලක තමයි මේ වැඩේට සුදුසුම කෙනා, මම හෙට එයාට කතා කරන්නම්,” කොඩි පැවසීය. “කොඩි, මට යන ගමන් සේරුවාවිල පන්සලත් වඳින්න අදහසක් තියෙනවා,” මාලනී පැවසුවාය.

    ගමනට පෙර සූදානම

    ​පසුදින කොඩි නාලක අමතා පණිවිඩය ලබා දුන්නේය. දින කිහිපයකට පසු නාලක බස් රථයේ ඡායාරූප, ආසන ධාරිතාව සහ ගාස්තු මාලනීට දන්වා සිටියේය. මාලනී නාලකගේ පවුලේ වෛද්‍යවරිය වන අතර නාලක ඉතා විශ්වාසවන්ත පුද්ගලයෙකි. කොවිඩ් කාලයෙන් පසු, නාලක තම බිරිඳ සහ මවද සමඟ අපගේ වාහනය පදවාගෙන සෝමාවතී ගමනට එක්වී තිබුණි.

    ​රාසුද මේ දිනවල ඉතා කාර්යබහුල විය. ගෑස් ලිප්, රයිස් කුකර්, පිඟන් කෝප්ප සහ ආහාර ද්‍රව්‍ය සියල්ල ඔහු වෙන් කර ඇසුරුම් කළේය. රාසු අවුරුදු 63ක් වයසැති දමිළ කතෝලිකයෙකු වුවද, ඔහු සැබවින්ම කැපවුණු බෞද්ධයෙකු ලෙස කටයුතු කරයි. වසර 12කට වැඩි කාලයක් අප සමඟ සිටින ඔහු පිටස්තරයෙකු නොව පවුලේ සාමාජිකයෙකු වැනිය.

    ​කලගෙඩිහේන නිවසේ රාත්‍රී ආහාර මේසයේ ප්‍රධාන මාතෘකාව වූයේ සෝමාවතී ගමනයි. මාලනී ඇයගේ පුතුන් වන, දැනට උසස් අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියේ (UK) සිටින කේම්ය සහ ඔහුගේ බිරිඳ නිම්නාටත්, මෙල්බර්න් හි සිටින චාචා සහ ඔහුගේ බිරිඳ යසාසිටත් දුරකථනයෙන් විස්තර පැවසුවාය. ඔවුන් ගමන සඳහා ඔවුන්ගේ දායක මුදල් අම්මාගේ ගිණුමට එවා තිබුණි. මෙවන් නිහඬව අවශ්‍ය සැලසුම් සම්බන්ධීකරණය කළේය.

    ​අම්මා මුදල් පාලනය ඉතා හොඳින් කළාය. ඇය පුරුද්දක් ලෙස බෙහෙත් ශාලාවේ දෛනික ආදායමෙන් කොටසක් කැටයක (Till) දමා ඉතිරි කරයි. සෑම වසරකම ගමනේ වියදම් වැඩි හරියක් පියවන්නේ මේ මුදලිනි. මීට වසර කිහිපයකට පෙර සොරුන් බෙහෙත් ශාලාවට ඇතුළු වී එම කැටය කොල්ලකා තිබුණද, මෙවරත් ඇය එම ක්‍රමයෙන්ම මුදල් සපයා ගත්තාය. කොඩිද තමාගේ වගා කටයුතු සඳහා විශාල මුදලක් වැය කරන අතරතුර කුඩා මුදලක් ලබා දුන්නේය. අවාසනාවකට පවුලේ අවමංගල්‍යයක් හේතුවෙන් ඉනෝකාට ගමනට එක්විය නොහැකි වූවත්, ඇය කලින් දින මාළු රැගෙන විත් අපේ නිවසේදී “ඇඹුල්තියල්” පිළියෙළ කර දුන්නාය.

    ගමන පිටත් වීම

    ​අලුයම 3.00 ට අප අවදි වූයෙමු. රාසු බත් පිසූ අතර මාලනී පොල් සම්බෝල සූදානම් කළාය. කොඩි දෙල් ඇඹුල සහ පරිප්පු හොද්ද සූදානම් කළේය. මාලනීගේ පාසල් මිතුරියක වන “ඩොලී” ද පෙර දින නිවසට පැමිණ සිටියාය. අලුයම 4.30 ට පිටත් වීමට නියමිතව තිබුණි. ඒ අතරතුර පුගොඩ සිට මෙවන්ගේ නැන්දම්මා සහ ලොකු අම්මා පවුලේ අය සමඟ පැමිණියහ. දිනිතිගේ වෛද්‍ය පුහුණුව (Internship) ආරම්භ වූ බැවින් ඇයට එක්විය නොහැකි විය. අන් අයද වේලාවට පැමිණි අතර බස් රථයද නියමිත වේලාවට ආවේය. රාසු සහ මෙවන් බෑග් සහ අනෙකුත් බඩු බාහිරාදිය රියදුරුගේ සහ දිනිතිගේ තාත්තාගේ උදව් ඇතිව බස් රථයට පැටවූහ.

    ​මෙවන් සහ මම සූදානම් වුවද, අම්මා සැරසීමට (Make-up) සෑහෙන වේලාවක් ගත්තාය. “කොඩි, බෙහෙත් ශාලාවේ යතුරු ටික අර ළමයින්ට දුන්නද?” අම්මා ඇසුවාය. “ඔව් ඔව්, ඔක්කොම හරි. මම බල්ලන්ට සහ පූසන්ටත් කෑම ලෑස්ති කළා,” කොඩි පැවසීය. අම්මා අනෙක් අය සමඟ සුහද කතාබහක නිරත විය. ඒ අතරතුර කොඩි දොරවල් සහ ජනෙල් වැසී ඇත්දැයි බලා විදුලි පහන් නිවා දැමුවේය. මෙවන් සහ රාසු නැවත වරක් බඩු බාහිරාදිය පරීක්ෂා කළහ.

    ​සියල්ලෝම බස් රථයට ගොඩ වූහ. කොඩි ප්‍රධාන දොර වසා යතුරු පොදිය තම බෑගයට දමා ගත්තේය. මෙවන් ප්‍රධාන ගේට්ටුව වැසීමට බලා සිටියේය. මෙවන් ගේට්ටුව වැසූ පසු අපට වැටහුණේ ගේට්ටුවේ ලාම්පුව නිවා දැමීමට අමතක වූ බවයි. එහි ස්විචය තිබෙන්නේ නිවස ඇතුළේය. බෙහෙත් ශාලාව විවෘත කිරීමට ඇති බැවින් එහි අගුලේ යතුරද සේවිකාවට ලබා දී තිබුණි. “සම්මා සතිය නැහැනේ අප්පච්චිට,” අම්මා පැවසුවාය. “මොනවා කරන්නද, මෙවන් ලයිට් බිල ගෙවයිනේ,” අප්පච්චි පැවසීය.

    ගමන අතරතුර

    ​අලුයම 4.30 ට අප කලගෙඩිහේනෙන් පිටත් වූයෙමු. රාසු පසුපස අසුනේ වාඩි විය. මෙවන් ඔහුගේ නැන්දම්මා අසල වාඩි විය. “නඩේ ගුරා” වූ අම්මා ඇය වෙනුවෙන් වෙන් කළ ඉදිරිපස අසුනේ වාඩි වූවාය. අවසානයට බසයට ගොඩ වූ අප්පච්චිද මාලනී අසලම වාඩි විය. නමුත් මාලනී නිතරම ඇයගේ දුරකථනයෙන් “පට්ඨාන ධර්මය” ශ්‍රවණය කරන බැවින් තමාට නිදා ගැනීමට නොහැකි වෙතැයි සිතූ කොඩි, ඉදිරිපස තිබූ එතරම් පහසු නොවන අසුනකට මාරු විය. “කමක් නැහැ මට දැන් වයස අවුරුදු පහළොවයි (15), මට මේකේ ඉන්න පුළුවන්,” යැයි ඔහු විහිළුවට පැවසූ විට හැමෝම සිනාසුණහ.

    ​”මැඩම්, අපි සාමාන්‍ය පාරෙන් යමුද හයිවේ එකෙන් යමුද?” රියදුරු ඇසීය. “අලුයම නිසා ට්‍රැෆික් නැහැ, සාමාන්‍ය පාරෙන්ම යමු,” මැඩම් පැවසුවාය. කොඩි, මෙවන් සහ රාසු යූටියුබ් නරඹමින් ගියහ. මැඩම් බණ අසමින් ගියාය. හේමන්තී සහ දමයන්ති දිනිතිගේ වැඩකටයුතු ගැන කතා කළහ. “රියදුරු මහත්තයෝ, අපිට දඹුල්ලෙන් මාතලේ නංගිව ගන්න තියෙනවා,” මැඩම් පැවසුවාය. අප සීගිරිය හන්දිය පසු කරන විට මැඩම් ඇයට කතා කළාය. ඇය සම්පත් බැංකුව ඉදිරිපිට සිටින බව පැවසුවාය. ඇය බසයට ගොඩ වූ වහාම කොඩි “නංගි පොළොස් ඇඹුල?” යැයි විහිළුවට ඇසුවේය. “අමතක වුණා අයියේ,” ඇයද සිනාසෙමින් පැවසුවාය.

    ​පිරිසට බඩගිනි වූ බැවින් යුද හමුදාව විසින් පවත්වාගෙන යන විවේකස්ථානයක උදෑසන ආහාරය සඳහා නතර කළෙමු. එහි වාඩි වීමට පහසුකම් නොතිබුණද, අප රැගෙන ආ බත්, පරිප්පු, සම්බෝල සහ සැන්ඩ්විච් සියල්ලෝම සතුටින් අනුභව කළහ. ඉන්පසු කිරි ටොෆී, අග්ගලා වැනි රසකැවිලි බෙදා ගනිමින් නැවත ගමන ආරම්භ කළෙමු.

    ​අපගේ “නඩේ ගුරා” වන වෛද්‍යතුමියට අවශ්‍ය වූයේ පස්වරු 4.30 ට පෙර සෝමාවතියට ළඟා වීමටයි. ඒ අතරතුර රියදුරු පැවසුවේ ඔහුගේ බිරිඳ හිඟුරක්ගොඩ පිහිටි ඇයගේ ලේලියකගේ නිවසේ සුළු සංග්‍රහයක් ලෑස්ති කර ඇති බවයි. මැඩම් සහ කොඩි නගරයෙන් කේක් මිලදී ගෙන එම නිවසට ගියහ. එහිදී අපට උණු උණු වඩේ සහ තේ සංග්‍රහයක් ලැබුණි.

    සේරුවාවිල සහ සෝමාවතිය

    ​පස්වරු 2.30 ට පමණ අප සේරුවාවිල පන්සලට ළඟා වූයෙමු. වර්ෂාව මධ්‍යයේ වුවද අප පන්සල වැඳපුදා ගත්තෙමු. සේරුවාවිල සිට සෝමාවතියට යන අතරමගදී අපට දැඩි බඩගින්නක් දැනුණි. සාමාන්‍යයෙන් අප වැවක් අසල වාඩි වී දිවා ආහාරය ගත්තද, වර්ෂාව නිසා එය කළ නොහැකි විය. අවසානයේ පාර අසල තිබූ පන්සලක ස්වාමීන් වහන්සේගෙන් අවසර ගෙන පන්සල තුළ දිවා ආහාරය ගත්තෙමු. පස්වරු 4.00 ට පමණ අප සෝමාවතියට ළඟා වී වෙන් කරගත් කාමරවල බඩු බාහිරාදිය තැබුවෙමු.

    ​අම්මා සහ අනෙක් කාන්තාවන් වහාම පන්සල පිරිසිදු කිරීමට එක් වූහ. “ටිකක් විවේක අරන් හවස පූජාවට එන්න,” යැයි අම්මා අපට පැවසුවාය. සවස 6.30 ට සියලු වන්දනාකරුවන් සමඟ එක්ව ගිලන්පස පූජාව සහ පෙරහැර පවත්වන ලදී. මද වර්ෂාවක් තිබුණද පූජාව සාර්ථකව නිම විය. ඒ අතරතුර රාසු අපට රාත්‍රී ආහාරය ලෙස පාන්, පරිප්පු සහ පොල් සම්බෝල පිළියෙළ කර තිබුණි. අප ඉතා වෙහෙසට පත්ව සිටි බැවින් ඉක්මනින් නින්දට ගියෙමු.

    ​පසුදින අලුයම 5.00 ට පමණ අම්මා ඇතුළු පිරිස නැවතත් පන්සල පිරිසිදු කිරීමට ගියහ. උදෑසන 6.30 ට උදෑසන පූජාව නිම විය. රාසු උදෑසන ආහාරයට සුදු බත්, පරිප්පු සහ පොල් සම්බෝල පිළියෙළ කළේය. දහවල් 11.00 ට ප්‍රධාන බුද්ධ පූජාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. දහවල් 12.30 ට අප ආපසු ඒමට පිටත් වූයෙමු. අප පිටත් වන විටම සෝමාවතියට තද වැස්සක් ඇද හැලුණි.

    ආපසු පැමිණීම

    ​එන අතරමගදී මින්නේරිය යුද හමුදා අවන්හලෙන් දිවා ආහාරය ගත්තෙමු. එහි සියලු වියදම් දිනිතිගේ පවුලේ අය විසින් දරන ලදී. පිරිස රැගෙන ආ රසකැවිලි බෙදා ගනිමින් විනෝදයෙන් ගමන ආවෙමු. අතරමගදී අඹ, බඩඉරිඟු වැනි දෑ මිලදී ගැනීමට කිහිප වතාවක්ම බසය නතර කරන ලදී. රාසු පසුපස අසුනේ හොඳින් නිදාගෙන ආවේය.

    ​රාත්‍රී 9.00 වන විට අප නැවත නිවසට පැමිණියෙමු. වෛද්‍යතුමිය රියදුරුට මුදල් ගෙවා ස්තූති කළාය. දිනිතිගේ පවුලේ අයට රාත්‍රී ආහාරය පිළියෙළ කර දුන් අතර, ඔවුන් අපට ස්තූති කර සම්ප්‍රදායිකව වැඳ සමුගත්තහ. මෙම සංචාරයේ මතකයන් සැමගේ හදවත් තුළ සදාකාලිකව පවතිනු ඇත.

  • The Serpent of April First: A Lesson in Logic

    ​In 1955, Mr. Balapatabendi arrived as the Headmaster of Kotamuduna School. Dressed in a white coat, a white sarong held by a black belt, and leather sandals, he possessed a regal, dignified presence. His wife, the “Loku Hamine,” stayed at home in her long-sleeved puffed blouses and Indian sarees, looking every bit like the legendary poetess Gajaman Nona.

    ​The school back then consisted only of a wattle-and-daub teacher’s quarters built by the villagers for the previous headmaster, Mr. Weerasinghe. Later, when the Public Works Department built a brick house with a tin roof, the new headmaster moved in after a grand “Pirith” ceremony and almsgiving. Around this time, the school’s first trained teacher arrived—Mr. Sumanaveera Bannahaka from Hammalawa, Kuliyapitiya.

    Mr. Sumanaveera was lean, tall, and tan. His “uniform” was a pair of white flannels (known then as “Longs”), a crisp white shirt, and black shoes polished to a mirror shine. His hair was slicked back with castor oil. Being a bachelor, he lived in the old wattle-and-daub quarters, which he affectionately named “Aloka” (The Light). He was a favorite among everyone—from the village youths he played volleyball with, to the Chief Monk.

    ​The peace was shattered one day by news that spread like wildfire: Mr. Sumanaveera had been bitten by a snake.

    ​The school grounds swarmed with people. Mr. Sumanaveera lay on a camp bed in the front room, his face etched in pain, blood seeping from a wound above his right ankle. Villagers frantically cleared the surrounding jungle with machetes, convinced it was a den of vipers. The Loku Hamine brought salt gruel, the Chief Monk arrived to tie a blessed thread, and the Village Headman hurried to offer help.

    ​Everyone’s eyes were on the path, waiting for Suwaris Kattadiya—the most famous snake-charmer and exorcist in the region. Suwaris arrived with an air of self-importance. He claimed he had seen “omens” on the way—a lizard chirping, a dog flapping its ears, and a woman carrying an empty pot. “Three obstacles,” he muttered, “the signs say the venom has spread through his entire body.”

    ​He performed his rituals, chanting mantras and applying lime juice. Mr. Sumanaveera remained unresponsive, eyes shut tight. As the headmaster discussed how to carry him five miles to the Passara hospital, the Chief Monk suggested a “Bodhi Puja” to seek divine intervention for the dying man.

    ​Just as the headmaster was delivering a tearful eulogy about Mr. Sumanaveera’s virtues, the “dying” man suddenly walked into the school hall—perfectly healthy, dressed in his finest white flannels and shirt.

    ​The crowd stood frozen. Suwaris Kattadiya, the man of omens, was the first to bolt out of the gate, followed by the silent, bewildered dignitaries.

    ​In the diary of my father—the “Second Master” of the school—the entry for April 1st, 1956, simply reads:

    “Today, it is said that a snake bit Mr. Sumanaveera?”

    ​Usually, my father filled entire pages with the day’s events. But that day, he left the page nearly blank. A riddle? Perhaps. But the answer died with him. It took a young teacher and a fake snake bite to teach a whole village that the greatest “omen” of all is a calendar marking the first of April.

  • කොටමුදුන ඉස්කෝලෙට  බාලපටබැදි ලොකුමහත්තයා එන්නෙ 1955 විතර .සුදු කෝට් එක,සුදු  සරම,කලු බද පටියෙන් සැරසී ,හම් සෙරෙප්ප්පු දෙක පැලද ගත්තම හරියටම  රජවාසල  සේවකයෙක් වගේ හරි ගාම්භීර පෙනුමක්.ලොකු හාමිනේ,අත්දිග බෝරිච්චි  හැට්ටයක්  ඇදගෙන ,ඉන්දියන් සාරිය  ඇදගෙන තමයි ගෙදරට ඉන්නේ.හරියටම  ගජමන් නෝනා වගෙයි .ලොකු දුවයි,පුතයි හිටියෙ .ඒ දෙන්නම දෙවැනි  මහත්තයගෙ  ලොකු දුවයි,ලොකු පුතාගේ සමවයසෙ වගේ .ඔය කාලේ ඉස්කෝලෙ තිබුනේ,ගමේ මිනුස්සු එකතුවෙලා,වීරසිංහ  ලොකු මහත්තයට  හදල දුන්න,වරිච්චි ගුරු නිවාසය  විතරයි.ඒ කාලේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙන්  ගඩොලින්  ,ටකරන්  වහපු ගුරු නිවාසයක් හැදුවට,වනසිංහ  මහත්තයා මාවුස්සාගොල්ල ඉස්කෝලෙට  මාරුඋනා .අලුතින්  ආපු ලොකු මහත්තයා  ලොකු පිරිතකුත් කියලා ,දානයක්  දීලා අලුතින්  හදපු ගුරුනිවාසයට පදිංචියට  ගියා .ඔන්න ඔහොම යනකොට,ඉස්සරවෙලාම,පුහුණු  ගුරුවරයකු  ඉස්කෝලෙට අලුතින්  පත්වීමක් ඇරන්  ආවා.ගම කුලියාපිටිය ,හම්මලව.නම සුමනවීර බන්නැහැක .හීන්දෑරි  තරමක් උස තලඑලලුයි .ඇන්දේ,ලෝන්ස් එක.ඒකාලේ දිග කලිසමට කිව්වේ ලෝන්ස් එක.සුදු කමීසය ,මූන පෙනෙන  තරම් පොලිස්  කරපු කලු සපත්තු  කූට්ටම ,තමයි නිල ඇදුම .එඩරු තෙල්  ගාලා,කොන්ඩෙ උඩට පීරලා තමයි  හිටියෙ .මීරිගම ගුරු විදුහලෙන් ගුරු පුහුණුව  ලැබුවේ.තනි කඩයෙක් හින්දා නවාතම් ගත්තෙ,පරන ගුරුනිවාසයේ. ගුරු නිවාසයට “ආලෝක”කියලා නමකුත් තැබුවා.කෑම බීමටික ලැබුණේ  ලොකුමහත්තයා ගෙන්.ඒ කාලේ ගමෙ මිනුස්සු,හාල් ටික, පොල්  ගෙඩි ,හේනෙන් කඩපු ගමේගොඩේ එලවලු,කුරහන්  පිටි,කහ ඉගුරු,දඩමස් ටික,ලොකු මහත්තයගෙ  ගෙදරට ගේන්න අමතක කලේ නෑ. සුමනවීර තරුණ මහත්තයා,ගමේ තරුණ වියේ  හිටි කොල්ලන්ගෙ  කෙල්ලන්ගෙ මෙන්ම ,නායක  හාමුදුරුවන් ,වැඩිහිටියන්  අතර ජනප්‍රිය  චරිතයක් .හැන්දෑවට ,මැදවෙලේ බෝල ගහන්න එන්න අමතක කරන්නෙ නෑ.නිවාඩු  දවසට කදුනගින්න,මැණික්  ගගෙන් නාන්ඩ යන්නෙ කොලු රන්චුවක් එක්ක.ඒ කාලේ ගමේගොඩේ  කොලු රංචුව  සමඟ  සුමනවීර  මහත්තයත්,මුදලිහාමි මහත්තයත් කෝච්චියෙන් ගිහින් සිරිපාදේ  වන්දනා ගමන ගැන මතක ඇති  කෙනෙක්  දැන්නම් ගමේ ඇත්තෙවත් නෑ.ගුරු මන්ඩලයත් දැන් ටික  ටික වැඩිවෙලා .ගෝනගල වෙදමහත්තයග ලොකු දුව  සෝමාවතී ගුරුතුමිය  ඉස්කෝලෙට  ගුරු පත්වීක් ඇරන් නැවතිලා  හිටියෙ  දෙවෙනි  මහත්තයගෙ  ගෙදර .ඈ ඉස්කෝලට  ආව පලමු ගුරුවරිය.

    සුමනවීර  මහත්තයට සර්පයෙකු  ගහලා කියන ආරංචිය  ගමේ පැතිරෙන්න වැඩිවෙලාවක් ගියේ  නෑ .දෙවෙනි  මහත්තයා  ඉස්කෝලට යන ගමන් වෙලට වතුර  බදින්න  ගියා. නායක හාමුදුරුවෝත්  ඒ  දුක්බර පනි විඩේ දෙවැනි මහත්තයාට කියන ගමන් ඉස්කෝලට  වැඩ්යේ පිරිත් නූලක් අතේ  තියාගෙන .එහෙන් මෙහෙන් ආරංචියට ඉස්කෝල වත්තම සෙනග.පරණ ගුරුනිවාසයේ  ඉස්සරහ  කාමරයේ  සුමනවීර  මහත්තයා  බූරු ඇදේ වැතිර  ඉන්නවා. මූණ බැලුවම ලොකු වේදනාවකින්  ඉන්න බව පේන්නෙ.දකුණ කකුලේ බොලටැහැට උඩින්  ලේ එනවා.සර්පයා පෑගුණා වත්ද?.ගමේ මිනිසුන්  ටිකක් කැති උදලු පිහියා ඇරගෙන ගුරුනිවාසයේ වටපිටාවත් ,කක්කුස්සිය  යන පාරත්  සුද්ද කරන්නෙ,මේක සර්ප විමානයක්  කියලා හිතාගෙන .ඒ තරමට මහ කැලේ.කොල්කාරේ ජයසුන්දර  නිලමේ  ගෙනත් දුන්න උණු උණු කිතුල්  හකුරු  කෑල්ලක්  එක්ක ලොකු හාමිනේ  ලුණු කැද කෝප්පයක්  සුමනවීර  මහත්තයට  ගෙනාවේ,දැන් දහයටත් ලගයි,උදේට  බත් කෑවෙත් නෑ,හොඳටම බඩගිනි ඇති කියලා.ගම්මුලෑදෑනි උන්නැහෙත්,පිරිවරත් එක්ක කඩිමුඩියේ  ආවේ කරන්න පුළුවන්  ඕනෑම  උදව්වක් කරන්න. එනකොට  ලොකු හාමුදුරුවෝ  පිරිත් කියමින්  පිරිත් නූලක් ගැටගහනවා.ඔක්කොම ඉස්කොලේ කඩුල්ල පැත්තට ඇස්ගහගෙන ඉන්නෙ,අංකඩ කට්ටාඬි සුවාරිස්,කදුකර කෝරළේටම ඉන්න සර්ප වෙදමහත්තයා කොයි වෙලාවෙද,එන්නෙ කියලා ලොකු බලාපොරොත්තුව ක්ඇතිව .ගිය සුමානේ කිරිගල්පොත්තෙ,පට්ටියාට නයෙක් ගහලා ,සිහි මුරිච්චි උනා.සුවාරිස්  කට්ටාඬි  ආවගමන්,වම් කකුලේ,නයා ගහපු තැන මතුරපු දෙහි  බෑයක් ඇතුල්ලුවා,දකුණු  අතේ,මාපටැඟිල්ලේ  පාන් කඩයකින් බේත් බැන්දා.මෙන්න මැරෙන්න හිටිය පට්ටියා අපූරුවට  ඇස් ඇරියා.ඔහොම කිව්වේ,කාටත්  ඇහෙන්න,හෙලවත්තෙ උක්කුබංඩා.සුවාරිස්  කට්ටාඬි  එක්ක එන්න ඇල දිගේම දුවලා ගියේ හීංමහත්තයා,සුමනවීර  මහත්තයගෙ ,සමවයස්  යාලුවා .හීංමහත්තයා ,සුවාරිස් කට්ටාඬි  ගේ ගෙදරට ගොඩවෙන කොටම  “නිලමේ ,කරදරයක් ද? මං කිරිගෝරිස් ගේ ගෙදර යන්න ලෑස්ති  වෙලා හිටියෙ .ගෑණියි,මිනිහයි හැමදාම  රන්ඩුලු.උන්ගෙ අම්මා කිරිමැණිකා ඇවිල්ලා කිව්වා කවුද හූනියමක් කරලා ඇති,හූනියම කපලා දෙන්න කියලා ,මං ලකලෑස්ති  උනේ ඒකගෙ ගෙදර  යන්න” .එහෙම කිව්වෙ කට්ටාඬි .ටිකක්  පුරසාරම වැඩියි.කට්ටාඬි  ගෙ පුරසාරම  අතර,නිලමේ  ආව කාරනය කිව්වා විතරයි,කට්ටාඬි , “නිලමේ,නිම්ත්තක් බලලාම  පිටත්වෙමු.”ඔන්න ඔය  බුලත් තට්ටුවෙන් බුලත් කොලයක් ඇරන්  මගේ අතේ තියන්න”.ටික වේලාවක්  මන්තරයක් ජපකරපු කට්ටාඬි “නිලමෙ,ඉක්මනට යමු .කුනකටුවෙක් තමයි වැඩේ දිලා තියෙන්නෙ,නිමිත්තෙන්  නම් කිව්වෙ,ඇග පුරාම විස දුවලා කියලා” කට්ටාඬි  ගෙදරින් පිටත් වෙන්න හදන කොටම කොහේද හිටපු  හුනෙක්   “ චික්,චික්” ගෑවා.කට්ටාඬි  ගේ දඩෝරියා ,  “ලපයා” කනපොට ගැහුවා . කඩුල්ලෙන් බැස්ස විතරයි ,ලැයිසා ,හිස් කලයකුත් උකුලේ තියාගෙන  ලිදට යනවා.කට්ටාඬි ත් නිලමෙත්  දෙන්නට දෙන්න මූණ බලාගත්තේ ,බලාපොරොත්තු  ඔක්කොම සුන්වෙයිද කියන දෙගිඩියාවෙන් .බාදාවල් තුනයි.මේ දෙන්නා කඩුල්ලෙන් ඇතුලුවෙනකොටම ලෙඩාගේ  කාමරයෙන් මුදලිහාමි මහත්තයා  හැරෙන්න  ඔක්කොම පහලට බැස්සෙ කට්ටාඬි  ට වෙද හෙදකම් කරන්න ඉඩ දීලා. එන්න එන්න සුමනවීර  මහත්තයට  අමාරුයි  වගේ.මතුරපු නුලක් කරට දැම්මා.දෙහි මතුරලා හැන්දෙන් අමාරුවෙන්  පොවා ගත්තා.අතේ මාපටැඟිල්ලේ  බෙහෙතුත් බැන්දා. ඇස් අරින්නෙවත්  නෑ.ලොකු මහත්තයගෙ  ලොකු මේසේ වටේ,ලොකු හාමුදුරුවෝ ,ආරච්චි  මහත්තයා,ගුරුවරු දැන් මොනවද කරන්නෙ  කියලා කතා කරනවා.පස්සර ඉස්පිරිතාලෙට  හැතැප්ම  පහක් තියෙනවා ඔසෙන් මුදලාලිග කාර් එක හරි,වත්තෙ ලොරිය  හොයගන්න හැතැප්ම දෙකක් ලෙඩාව කදෙන් ඇරන්‍ යන්නත් වෙනවා.තරුණයෝ ටික ගුරු පුටුවකට මිල්ල කොටයක් ගැට ගහලා කදත් ලෑස්තියි .තැපැල්  මහත්තයත් දුවගෙන ආවේ ,සුමනවීර මහත්තයා  එයාගේ හොඳ   යාලුවා නිසා,කරන්න පුලුවන් ඔනෑම දෙයක් කරන්න.මහත්තයගෙ  ගෙදරට  ටෙලිගෑම්  එකක් ගහන්න ,ලොකුමහත්තයා  ගෙන් ඇඩ්ඩෙස් එක ඉල්ලුවත් ,ලොකුමහත්තයා  ලොග් පොත පෙරලා පෙරලා බලනවා ඇඩ්ඩස් එක හොයා ගන්නවවත් නෑ.කට්ටාඬි  ,මුදලිහාමි මහත්තයා  ලෙඩා ලග  තියලා,ලොකුමහත්තයා ලගට  ආවේ දැන් මොනවද කරන්නෙ  කියලා අහන්න.ගුරුකම් ඔක්කොම  කලා.තවම හරි සිහියක් නෑ.පතාගෙන  ආපු හැටි ඔහොම තමා,කියලා කිව්වෙ අපේ කට්ටාඬි .ලොකුමහත්තයා  තමන්ගෙ  මේසේ උඩ තිබුන ලොකු සීනුව නාද කලේ පනිවිඩයක් දෙන්න බව දැනගත් ඉස්කොලේ  ලමයි,ගම්වැසියො,ඔක්කොම  සාලාවට ආවේ ඒ පනිව්ඩේ දැනගන්න.

    ලොකුමහත්තයා  හරිම දුක්බරව සුමනවීර  මහත්තයගෙ  ගුණ කියන කොට කාගෙ කාගෙත් ඇස් වලට කදුලු ඉනුවා .හැන්දෑවට   සෙත් පතා බෝදි පූජාවක්  තියමු කියලා හාමුදුරුවෝ  කියන කොටම,මැරෙන්න  ගිය අපේ සුමනවීර  මහත්තයා ,සුදු ලෝන්ස් එකක් ,සුදු කමීසයක් ඇදගෙන අපූරුවට  ඉස්කෝලට  ආවා.ලොකු මහත්තයගෙ  හැගීම්බර කතාව  ඉවර වෙනකොට,ඉස්සෙලාම ඉස්කොලේ  කඩුල්ලෙන්  එලියට  ගියේ,නිමිත්තකුත් බලා බාදා තුනක් මැද දෙගිඩියාවෙන්  ආපු  සුවාරිස් කට්ටාඬි .ලොකු හාමුදුරුවෝ ,ආරච්චි මහත්තයා ,තැපෑල් මහත්තයා,ඔක්කොම  පිරිවරාගෙන  කඩුල්ලෙන්  එලියට ගියේ ගොලුවෝ, බීරො වගේ.

    කවදත්  දිනපොතේ ,ලියන දෙවැනි  මහත්තයගෙ  දිනපොතේ ,1956 APRIL  01 පිටුවේ,

    “අද සුමනවීර  මහත්තයගෙ  කකුලට සර්පයෙකු  දස්ට කරාලු?”

    වෙනදාට පිටුවම පිරෙන්න දවසේ සිදුවීම් ලියන  දෙවැනි මහත්තයා  ,අද ඔය ටික විතරක් ලිව්වෙ මොකද ?. 

    පෙහෙලිකාවක්?අසා දැනගන්නට  දෙවැනි මහත්තයා  අද අප අතර නැත.

    “අතීතයේ දින පොතක,සැගවුණ මතකයක්”

    නවරත්න  බංඩාර කොඩිතුවක්කු 

    0716805012

    අනුහයවියේ පසුවන,අපගේ ආදරණීය අම්මා බලන්නත්,මගේ උපන් ගමවූ පස්සර කොටමුදුන ගමේ,අපේ පොඩි මල්ලිගේ අදහසක් අනුව ඉදිවෙන.

    ජිනානන්ද හිමි,අනුස්මරණ  ගොඩනැගිල්ලට මුල්ගල තබන්නට ,කලගෙඩිහේන සිට සුන්දර  කොටමුදුනට බස් එකේ යනඑන ගමන් සිතට ආ සිතුවිල්ල  ,මාර්තු 23,24,25(2026)  දිනයන්හී,අකුරු  හා වැකි කිහිපයකින් ලියා තබමි.

  • ​A Day of Gratitude and Grace

    කෘතවේදීත්වයෙන් සහ ආශිර්වාදයෙන් පිරි දිනක්

    15 November 2026

    ​I woke up suddenly and lay in bed for a while with my eyes open. Although the windows were closed, I could tell it was still very early. I decided to stay still until the chirping of the birds signaled the start of dawn. I asked myself, “Why waste this valuable time?” Silently, I observed “Pansil” and spent a little time in meditation. In my heart, I remembered my late father and my ninety-seven-year-old mother. I thought about how I could truly express my gratitude to them.

    ​2026 නොවැම්බර් 15 වනදා මම හදිසියේම අවදි වී දෑස් හැර මඳ වේලාවක් ඇඳේ වැතිර සිටියෙමි. ජනෙල් වසා තිබුණද, එය තවමත් ඉතා අලුයම බව මට වැටහුණි. පක්ෂීන්ගේ ගීත නාදයෙන් අරුණෝදය උදාවන බව දැනෙන තුරු නිහඬව සිටීමට මම තීරණය කළෙමි. “මම ඇයි මේ වටිනා කාලය අපතේ හරින්නේ?” මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. මම නිහඬව පන්සිල් සමාදන් වී මඳ වේලාවක් භාවනාවේ යෙදුණෙමි. මගේ හදවතින් මම මියගිය මගේ පියාණන්වත්, අනූ හත් වැනි වියේ පසුවන මගේ ආදරණීය මෑණියන්වත් සිහිපත් කළෙමි. ඔවුන්ට මගේ කෘතවේදීත්වය සැබවින්ම ප්‍රකාශ කරන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි.

    ​It is a difficult task, but I realized that if I spend the rest of my life living calmly and helping society, it would serve as a tribute to my beloved parents. Since there was still time before the day began, I stayed quiet so as not to disturb the sound sleep of Mevan and my wife, Malanee. Finally, I got up and slowly walked out of the bedroom. By the time I completed my morning routine, the dawn was bright and sunny. Malanee woke up and entered the kitchen, saying, “Kodi, I had a wonderful dream last night!”

    ​එය දුෂ්කර කාර්යයකි, නමුත් මගේ ඉතිරි ජීවිතය සන්සුන්ව ගත කරමින් සමාජයට සේවය කළ හැකි නම්, එය මගේ ආදරණීය දෙමාපියන්ට කරන උපහාරයක් වනු ඇතැයි මට වැටහුණි. දවස ආරම්භ වීමට තවමත් වේලාව තිබූ බැවින්, මෙවන් සහ මාලනීගේ තද නින්දට බාධා නොවන පරිදි මම නිහඬව සිටියෙමි. අවසානයේ මම නැගිට සෙමින් නිදන කාමරයෙන් පිටතට පැමිණියෙමි. මගේ උදෑසන වැඩකටයුතු අවසන් කරන විට අරුණෝදය දීප්තිමත් විය. මාලනී අවදි වී කුස්සියට පැමිණ, “කෝඩී, මම ඊයේ රෑ අපූරු හීනයක් දැක්කා!” යැයි පැවසුවාය.

    ​She said, “The two of us flew to the UK to celebrate Lokka’s birthday. Aselee cut the cake, and Lokka told us it was a lovely cake made by Nimna. While we were enjoying ourselves, I heard the whistle of a pressure cooker. Suddenly, I opened my eyes.” Laughing, I told her, “That wasn’t a UK pressure cooker—I was boiling ‘kawpee’ in our pressure cooker here at home!” We both laughed as she started her workday.

    ​ඇය මෙසේ කීවාය: “අපි දෙන්නා ලොක්කාගේ උපන්දිනය සමරන්න බ්‍රිතාන්‍යයට ගිහින් හිටියා. අසේලි කේක් එක කැපුවා. නිම්නා හදපු හරිම රස කේක් එකක් කියලා ලොක්කා අපිට කිව්වා. අපි හැමෝම සතුටින් ඉන්න අතරේ මට ප්‍රෙෂර් කුකර් එකක විස්ල් එක ඇහුණා. එකපාරටම මගේ ඇස් ඇරුණා.” මම සිනාසෙමින් ඇයට මෙසේ කීවෙමි: “ඒක එංගලන්තේ ප්‍රෙෂර් කුකර් එකක් නෙවෙයි—මම මෙහේ අපේ ගෙදර ප්‍රෙෂර් කුකර් එකේ කව්පි තම්බන හඬයි ඔයාට ඇහුණේ!” ඇය සිය වැඩ ආරම්භ කරන විට අපි දෙදෙනාම සිනාසුණෙමු.

    ​Later, we prepared lunch for our relatives in Waraplana who have helped us so much. By noon, we had fried rice, chicken devilled, and dhal curry ready. The Warapalana family welcomed us warmly. We sat and talked about the past, present, and future. On the way back, we reminisced about the time my wife worked as a doctor at the nearby hospital and the kindness they showed us then.

    ​පසුව, වසර ගණනාවක් පුරා අපට උපකාර කළ වරපලානෙ අපේ නෑදෑයන් වෙනුවෙන් දිවා ආහාරය පිළියෙළ කළෙමු. මද්දහන වන විට ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඩෙවිල් සහ පරිප්පු ව්‍යංජනය සූදානම් විය. වරපලාන පවුලේ අය අපව ඉතා උණුසුම් ලෙස පිළිගත්තාහ. අපි වාඩි වී අපේ පවුල්වල අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කතා කළෙමු. ආපසු එන අතරමගදී, මගේ බිරිඳ අසල රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කළ කාලය සහ එකල ඔවුන් අපට දැක්වූ කරුණාව අපි ආදරයෙන් සිහිපත් කළෙමු.

    ​After returning, Malanee realized she left her mobile phone at their house. I called Chamila, and they arrived within ten minutes to return it. After a nap, I had a long chat with my favorite people and called my brother to check on my mother’s health. The day ended with cheese koththu brought by Mevan and a lovely family chat. I hope to have a sound sleep tonight to end this fulfilling day.

    ​නැවත පැමිණීමෙන් පසු, මාලනීගේ ජංගම දුරකථනය ඔවුන්ගේ නිවසේ අමතක වී ඇති බව දැනගන්නට ලැබුණි. මම චමිලට කතා කළ අතර විනාඩි දහයක් ඇතුළත ඔවුන් එය ආපසු රැගෙන ආහ. මඳ නින්දකට පසු මම මගේ ප්‍රියතම පිරිස සමඟ කතාබස් කළ අතර මවගේ සුවදුක් විමසීමට මල්ලීට කතා කළෙමි. මෙවන් රැගෙන ආ චීස් කොත්තු කමින් කළ සුන්දර පවුල් කතාබහකින් දවස අවසන් විය. මෙම තෘප්තිමත් දිනය අවසන් කිරීමට අද රාත්‍රියේ මට සුවදායක නින්දක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

  • මාර්ග අතුරුදන් වූ රාත්‍රිය

    සත්‍ය කතාවක්

    ​අපේ ලොකු පුතා, ලොක්කා, සැමවිටම සුවිශේෂී චරිතයකි. කුඩා කල සිටම ඔහු ඉගෙනීමට මෙන්ම බාහිර කටයුතුවලටද එකසේ දක්ෂ විය. ඔහුගේ මවට අවශ්‍ය වූයේ ඔහු ඇය මෙන් වෛද්‍යවරයකු වනු දැකීමට වුවත්, දෛවය සතු වූයේ වෙනස්ම සැලසුමකි. අද ඔහු සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකි; නමුත් සායනික කටයුතුවලට ඔහු උනන්දු නැත. ඒ වෙනුවට ඔහු සිය ජීවිතයට අලුත් මාවත් එක් කර ගත්තේය. කීර්තිමත් “චෙව්නිං” (Chevening) ශිෂ්‍යත්වය දිනාගත් ඔහු, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ (LSE) පශ්චාත් උපාධියක් සඳහා බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගියේය. ඔහුගේ බිරිඳ නිම්නාද දන්ත වෛද්‍ය කථිකාචාර්යවරියක ලෙස බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පුහුණුවකට වරම් ලැබුවාය. ඔවුන්ගේ ගමන නොපෙනෙන බලවේගයකින් මෙහෙයවන්නාක් මෙන් මට දැනුණි.

    ​නොවැම්බර් මස අවසන් වීමට පෙර පිළිමතලාවේ ඔවුන් පදිංචිව සිටි කුලී නිවස භාර දිය යුතුව තිබුණි. නැතහොත් අත්තිකාරම් මුදලින් මසක කුලිය කැපෙනු ඇත. ඔවුන්ගේ බඩු බාහිරාදිය පේරාදෙණියේ නව නිල නිවසට ප්‍රවාහනය කිරීමට සිටි එකම නිරෝගී පුද්ගලයා මමයි. ලොක්කා මට කිසිවිටෙක අණ කරන්නේ නැත; ඔහු සැමවිටම ඉල්ලීමක් කරන්නේ ඉතා ආචාරශීලීවය. මගේ දෑතින්ම එය ඉටු කරදී ඔහුගේ මුදල් ඉතිරි කර දීමට මා තීරණය කළේ ඒ ගුණය නිසාමය.

    ​එහෙත් මගේ හිතේ එක් පුංචි දුකක් තිබුණි. අපේ පුංචි මිනිබිරිය, අසේලි, නිවසේ බිත්තියක ලස්සන පැස්ටල් සිතුවමක් ඇඳ තිබුණාය. මගේ දරුවන් කුඩා කල ඇඳි මෙවැනි සිතුවම් දශක ගණනාවක් තිස්සේ මම මොණරාගල සහ රදාවන නිල නිවාසවල සුරැකිව තබා ගත්තෙමි. නමුත් ලොව කිසිවක් සදාකාලික නැත. ඇගේ ඒ සුන්දර සිතුවම මකා දැමීමට සිදුවන බව දැන දැනම මම සුදු හුණු බාල්දියක් මිලදී ගත්තෙමි. වැඩ කටයුතු සඳහා නියම කරගත් දිනය නොවැම්බර් 27 වැනිදා විය.

    ​නමුත් කාලගුණය අපට එරෙහි විය. නොකඩවා ඇද හැලෙන වර්ෂාව, සුළි සුළං අනතුරු ඇඟවීම් මැද ගමන කල් දමන ලෙස බොහෝ දෙනා උපදෙස් දුන්හ. නමුත් කාලය මට සතුරෙකු විය—බදු ප්‍රශ්න, වන්දනා ගමන් සහ විවිධ කල් ඉකුත්වීම් මා වට කරගෙන තිබුණි. ගමනට පෙර දින රාත්‍රියේ මට නින්ද ගියේ නැත. බොහෝ කල්පනා කිරීමෙන් පසු මම යාමට තීරණය කළෙමි.

    ​අලුයම කුඩයක් සහ ජංගම දුරකථනයක් පමණක් රැගෙන මම සහ රාසු නිවසින් පිටත් වූවෙමු. පිළිමතලාවට යන තෙක්ම මහා වැස්ස අප පසුපස ලුහුබැඳ ආවේය. වැස්ස නොතකා අපි පොත්පත්, සෙල්ලම් බඩු, ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සියල්ල අසුරා අවසන් කළෙමු. අපට දැඩි බඩගින්නක් දැනුණද නගරයම අඩපණව තිබුණි. විදුලිය නැත, කඩසාප්පු වසා දමා ඇත. ගංගා පිටාර ගොස් මාර්ග අවහිර වී නායයෑම්ද සිදුවෙමින් පැවතුණි.

    ​කෑම සොයා පේරාදෙණිය දෙසට පයින්ම ගිය මට කුඩා කඩයකින් බත් පාර්සල් දෙකක් සහ වතුර බෝතලයක් සොයාගත හැකි විය. මාර්ග අවහිර වී, දුරකථන සංඥා පවා බිඳ වැටී තිබියදී මම නිහඬව “ඉතිපිසෝ ගාථාව” මෙනෙහි කළෙමි. හදිසියේම ලොරි රථ රියදුරා මා අමතා මාව බේරා ගත්තේය. සමහර විටෙක උපකාරය පැමිණෙන්නේ ඇදහිල්ල පරීක්ෂාවට ලක්වන ඒ නිවැරදිම මොහොතේදීය.

    ​සවස වන විට කූඩැල්ලන්, තෙතබරිත ඇඳුම් සහ අන්ධකාරය මැද අපි බඩු ප්‍රවාහනය කර අවසන් කළෙමු. හැමතැනම මාර්ග අවහිර වී තිබුණි. අවසානයේ අපට මහනුවරින් පිටවීමට තිබූ එකම මග වූ කුරුණෑගල අධිවේගී මාර්ගය හරහා යන බසයකට ගොඩ වීමට හැකි විය. එදින රාත්‍රියේ ගලගෙදර ප්‍රදේශයේදී මහා ගසක් කඩා වැටීමෙන් මාර්ගය වැසී ගියේය. කිසිදු තොරතුරක් නැතිව, ගමනක් නැතිව, වැස්ස සහ සුළඟ දෛවය සමඟ තර්ක කරන හඬට සවන් දෙමින් අපි මුළු රාත්‍රියම බසය තුළ ගත කළෙමු.

    ​එදින රාත්‍රියේ මුත්‍රා කිරීම සඳහා බසයෙන් බැස යන අතරතුර රාසුගේ ජංගම දුරකථනය ජලයට වැටී අතුරුදන් විය. ඔහු තිගැස්සී හඬන්නට විය. ඔහු එයට කොතරම් ඇලුම් කළේදැයි මා දැන සිටියත්, දුක් නොවන ලෙස මම ඔහුට පැවසුවෙමි. ඇත්ත වශයෙන්ම ජීවිතය එදින රාත්‍රියේ අපට මීට වඩා විශාල පාඩම් කියා දෙන්නට සූදානම්ව සිටියේය.

    ​පසුදා උදෑසන උදාවූයේ කුරුලු නාදයකින් තොරවය—ඇසුණේ කපුටන්ගේ හඬ පමණි. මුළු මාර්ගයම මඩ, ගල් සහ කැඩී වැටුණු ගස්වලින් වැසී තිබුණි. නිවාස ඉරිතලා ගොස් තිබුණි. කාලය නතර වී ඇති සෙයක් දැනුණි. පාරේ පයින් ගිය විදේශිකයන් සිය බිය, අත්දැකීම් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ කරුණාව ගැන අප සමඟ කතා කළහ. ට්‍රැක්ටරයක් මගින් ඔවුන්ට ප්‍රවාහනය සලසා දීමට මම උදව් කළෙමි. පසුව රුපියල් 3000ක් ගෙවා ත්‍රිරෝද රථයකින් අපි මහනුවර දෙසට ආවෙමු.

    ​තෙතබරිතව සහ විඩාවට පත්ව සිටි අපට ඇඳුම් සොයා ගැනීමට මුස්ලිම් ජාතික වෙළඳ මහතෙකු තම කඩය විවෘත කර දුන්නේය. ඔහු මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළේ, “අල්ලාහ් දෙවියන් මට පිනක් කර ගැනීමට දුන් අවස්ථාවක්” බව පවසමිනි. එහෙත් මම නිහඬවම ඔහුගේ පොත් අතර මුදල් සඟවා තබා ආවෙමි. ඔහුගේ ඒ කාරුණිකත්වය මගේ හදවතේ සදා නොමැකෙනු ඇත.

    ​අස්ගිරි විහාරයේදී හිමිවරුන් සහ කාර්ය මණ්ඩලය අපව උණුසුම් කොත්තමල්ලි කෝප්පයකින් පිළිගත්තේය. විපතට පත් බොහෝ දෙනෙක් එහි සිටියද, අප වෙනුවෙන් නිස්කලංක කාමරයක් වෙන් කිරීමට ඔවුහු කටයුතු කළහ. විදුලිය නොමැති වුවත් තේ, ආහාර, ජලය සහ අනෙකුත් අවශ්‍යතා නොඅඩුව ලැබුණි. මා රැගෙන ආ ඉටිපන්දම් දැල්වූ විට, ඒ කුඩා ආලෝකය ශාලාවේ අඳුර පමණක් නොව බොහෝ දෙනෙකුගේ හදවත්වල තිබූ බියද දුරු කළේය. පසුව දළදා මාලිගාවෙන් ලැබුණු රාත්‍රී ආහාර පාර්සල් සැමටම ප්‍රමාණවත් විය.

    ​එහි සිටියදී මාතලේ තරුණ හිමි නමකගෙන් ලැබුණු පවර් බෑන්ක් එකක් නිසා මගේ දුරකථනය පණ ගැන්වුණි. නිවසේ සිටි මගේ “ආපදා කළමනාකරණ කමිටුව” (බිරිඳ සහ මෙවන්) ඉතා සැලසුම් සහගතව අප ගැන සොයා බලමින් අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කරමින් අපට ධෛර්යය දුන්හ. මට උදව් කළ තරුණ හිමියන්ගේ පියා මගේ පැරණි පාසල් මිතුරෙකු බව දැනගැනීම තවත් ආශ්චර්යයකි. ඒ සමඟම, මෙල්බර්න්හි සිටින මගේ පුතාද ඒ මොහොතේ මගේ ගිණුමට මුදල් එවමින් මට ශක්තියක් විය. යසසිගේ දෙමාපියන් අපට අස්ගිරියේ නවාතැන් පහසුකම් සලසා දීමට මහත් වෙහෙසක් ගෙන තිබුණේ මා ඒ පිළිබඳව දැනුවත් වීමටත් පෙරය.

    ​දින දෙකකට පසු විදුලිය ලැබුණි. එතෙක් විහාරස්ථානය අපට රැකවරණය සහ උණුසුම් වචන ලබා දුන්නේය. මිනිසුන්ගේ මුහුණු ආලෝකවත් විය. අප එතැනින් පිටත්ව එන විට එහි සිටි පිරිස් මට “ආලෝක සර්” යැයි සුහදව අමතනු ලැබුවේ මා දැල්වූ ඉටිපන්දම් සිහි කරමිනි.

    ​දහවල් වන විට අපි ආරක්ෂිතව නිවසට පැමිණියෙමු.

    ​ජීවිතය ගලා යන්නේ වැස්ස සහ සෙවණ, අහිමි වීම් සහ කරුණාව අතරය. අපි සිතුවම් මකා දමමු, දුරකථන නැති කර ගනිමු, බස් රථවල නිදා ගනිමු—නමුත් ඒ හරහා නොමියෙන මතකයන්, ඇදහිල්ල සහ අමතක නොවන මිනිස් උණුසුම ලබා ගනිමු.

    අපි ජීවත් වෙමු, වෙහෙසෙමු, සිහින දකිමු,

    සැම අයෙකුටම ඇත තමන්ගේම වූ පුංචි අරමුණු…

    සමහර විටෙක අපි සිනාසෙමු, තවත් විටෙක හඬන්නෙමු,

    ගෙවී යන්නේ ඒ අයුරින්මයි අපේ ජීවිතයේ දවස්…

  • පාරවල් අතුරුදහන් වූ රාත්‍රිය (The Night The Roads Disappeared)​සැබෑ කෙටි කතාවක්කර්තෘ: එන්.බී. කොඩිතුවක්කු​අපේ වැඩිමහල් පුතා, ලොක්කා, කුඩා කල සිටම සුවිශේෂී චරිතයකි. ඔහු ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලටද එක හා සමානව දක්ෂතාවයක් දැක්වීය. ඔහුගේ මවට ඔහු තමන් මෙන් වෛද්‍යවරයකු වනු දැකීමට අවශ්‍ය වුවද, දෛවය සතු වූයේ වෙනස්ම සැලසුමකි. අද ඔහු සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකු වුවද, සායනික කටයුතුවලට එතරම් උනන්දුවක් නැත. ඒ වෙනුවට ඔහු සිය ජීවිතයට නව මාර්ග එකතු කර ගත්තේය. ඔහු කීර්තිමත් ‘චෙවනිං’ (Chevening) ශිෂ්‍යත්වය දිනාගෙන, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ (LSE) පශ්චාත් උපාධිය හැදෑරීමට එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේය. දන්ත වෛද්‍ය කථිකාචාර්යවරියක වන ඔහුගේ බිරිඳ නිම්නාට ද බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ විදේශ පුහුණුවක් ලැබීමට වාසනාව හිමි විය. ඔවුන්ගේ ගමන අදෘශ්‍යමාන හස්තයකින් මෙහෙයවන ලද්දක් සේ දැනුනි.​ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන විට, පිළිමතලාව ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි කුලී නිවස නොවැම්බර් අවසානයට පෙර භාර දිය යුතුව තිබුණි. එසේ නොවුවහොත්, මාසයක කුලිය අත්තිකාරම් මුදලින් අඩු කර ගැනීමට ඉඩ තිබුණි. ඔවුන්ගේ බඩු බාහිරාදිය පේරාදෙණියේ අලුත් නිල නිවසට ගෙනයාමට සිටි එකම නිරෝගී පුද්ගලයා මම පමණි. ලොක්කා කිසි විටෙකත් මට අණ කරන්නේ නැත; ඔහු සැමවිටම ඉතා විනීතව ඉල්ලීමක් කරයි. ඔහුගේ ඒ ගුණය නිසාම ඔහුට උදව් කිරීමටත්, ඔහුගේ මුදල් ඉතිරි කිරීමටත් මම අධිෂ්ඨාන කර ගත්තෙමි.​එහෙත් එක් නිහඬ දුකක් මා සිතට බරක් විය. අපගේ කුඩා මිනිබිරිය අසේලී, එම නිවසේ බිත්තියේ පැස්ටල්වලින් ලස්සන සිතුවමක් ඇඳ තිබුණි. මම මගේ දරුවන්ගේ එවැනි කුඩා කල සිතුවම් දශක ගණනාවක් තිස්සේ මොනරාගල සහ රදවාන නිල නිවාසවල සුරක්ෂිතව තබා ගත්තෙමි. එහෙත්, කිසිවක් සදාකාලික නොවේ. ඇයගේ ඒ සුන්දර නිර්මාණය මකා දැමීමට සිදුවන බව දැන දැනම මම සුදු තීන්ත බාල්දියක් මිලදී ගත්තෙමි. වැඩ ආරම්භ කිරීමට නියමිත දිනය නොවැම්බර් 27 වැනිදාය.​කාලගුණය අපට එරෙහි විය. නොකඩවා ඇද හැලෙන වර්ෂාව, සුළි කුණාටු අනතුරු ඇඟවීම් සහ එම කාර්යය කල් දමන ලෙස සැමගෙන් උපදෙස් ලැබුණි. නමුත් කාලය මගේ සතුරා විය. බදු ප්‍රශ්න, වන්දනා ගමන් සහ විවිධ අවසාන දින වකවානු මා වටා තිබුණි. පෙර දින රාත්‍රියේ මට නින්ද ගියේ නැත. බොහෝ කල්පනා කිරීමෙන් පසු මම යාමට තීරණය කළෙමි.​අලුයම, කුඩයක් සහ ජංගම දුරකථනයක් පමණක් රැගෙන රාසු සහ මම නිවසින් පිටත් වීමු. තද වැසි මධ්‍යයේ අපි පිළිමතලාවට ගියෙමු. වැසි නොකඩවා ඇද හැලෙද්දී අපි පොත්පත්, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම් සහ ගෘහ භාණ්ඩ සියල්ල ඇසුරුම් කළෙමු. අපට දැඩි බඩගින්නක් දැනුණද නගරයම පාලුවට ගොස් තිබුණි. විදුලිය විසන්ධි වී ඇත. කඩසාප්පු වසා දමා ඇත. ගංගාවල ජල මට්ටම ඉහළ යමින් තිබූ අතර නායයෑම් ද වාර්තා විය.​මම ආහාර සොයමින් පේරාදෙණිය දෙසට පයින් ගිය අතර කුඩා කඩයක් සොයා ගත්තෙමි. බත් පාර්සල් දෙකක් සහ වතුර බෝතලයක් ද රැගෙන මම අසරණව බලා සිටියෙමි. මාර්ග අවහිර වී තිබුණි. දුරකථන සංඥා බිඳ වැටී තිබුණි. මම සිතින් ‘ඉතිපිසෝ’ ගාථාව සජ්ඣායනා කළෙමි. හදිසියේම ලොරි රියදුරා මට කතා කර මා බේරා ගත්තේය. සමහර විට ඇදහිල්ල පරීක්‍ෂාවට ලක්වන මොහොතේම උපකාරය පැමිණේ.​සවස් වන විට, ලේ උඩැක්කන්, තෙමුණු ඇඳුම් සහ අන්ධකාරය මධ්‍යයේ වුවද බඩු ප්‍රවාහනය අවසන් කළෙමු. හැමතැනම පාරවල් වැසී තිබුණි. අවසානයේදී අපි මහනුවරින් පිටවීමට තිබූ එකම මාර්ගය වූ කුරුණෑගල අධිවේගී මාර්ගය හරහා කොළඹ බලා යන බසයකට ගොඩ වීමු. එදින රාත්‍රියේ ගලගෙදර අසලදී බසය නතර විය. ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබුණි. ඉදිරියට යාමට මගක් නැත. අපි එදා රාත්‍රිය බසය තුළ ගත කළෙමු.​රාත්‍රියේදී මුත්‍රා කිරීම සඳහා බසයෙන් බැසීමට උත්සාහ කළ රාසුගේ ජංගම දුරකථනය ගංවතුරට වැටී අතුරුදහන් විය. ඔහු තදින් හඬන්නට විය. ඔහු එම දුරකථනයට කෙතරම් ඇලුම් කළේදැයි මම දැන සිටියද, දුක් නොවන්නැයි මම ඔහුට කීවෙමි. සියල්ලට පසු, එදින රාත්‍රියේ ජීවිතය අපට විශාල පාඩම් ඉගැන්වීමට සැලසුම් කර තිබුණි.​පසුදා අලුයම උදා වූයේ කුරුලු නාදයකින් තොරවය—ඇසුණේ කපුටන්ගේ හඬ පමණි. මාර්ගය මඩ, ගල් සහ කැඩුණු ගස්වලින් වැසී තිබුණි. නිවාස ඉරිතලා තිබුණි. කාලය නැවතී ඇති සේ දැනුනි. සංචාරකයින් පිරිසක් අප පසුකර ගිය අතර, ඔවුන් තම අත්දැකීම්—බිය, වික්‍රමය සහ ශ්‍රී ලාංකික ජනතාවගේ කරුණාව—අප සමඟ බෙදා ගත්හ. ට්‍රැක්ටරයකින් ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට මම උදව් කළෙමි. පසුව ත්‍රිරෝද රථයක් රුපියල් 3000ක් අය කරමින් අපව මහනුවර දෙසට රැගෙන ගියේය. මම එය පැකිලීමකින් තොරව පිළිගත්තෙමි.​මහනුවරදී, තෙතබරිතව සහ වෙහෙසට පත්ව සිටි අපි ඇඳුම් සොයා ගියෙමු. එක් මුස්ලිම් රෙදිපිළි වෙළඳසැල් හිමියෙක් අපව ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය. ඔහු මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළේ, අල්ලාහ් දෙවියන් අපව එවා ඇත්තේ ඔහුට පිනක් කර ගැනීමට මිස මුදල් ඉපයීමට නොවන බව පවසමිනි. මම රහසින් ඔහුගේ පොත් අතර මුදල් තබා ආවෙමි. ඔහුගේ ඒ කරුණාව මගේ හදවතේ සදාකාලිකව රැඳෙනු ඇත.​අස්ගිරි විහාරස්ථානයේදී භික්ෂූන් වහන්සේලා සහ කාර්ය මණ්ඩලය කොත්තමල්ලි කෝප්පයකින් අපව පිළිගත්හ. විහාරස්ථානය ගංවතුරෙන් අවතැන් වූවන්ගෙන් පිරී තිබුණද, ඔවුන් අප වෙනුවෙන් නිස්කලංක කාමරයක් පිළියෙළ කර දුන්හ. විදුලිය නොතිබුණද තේ, ආහාර, ජලය සහ අනෙකුත් මූලික අවශ්‍යතා නොමසුරුව ලබා දුන්හ. මම කලින් මිලදී ගත් ඉටිපන්දම් දැල්වූයෙමි. ඒ කුඩා ආලෝකය ශාලාවේ අන්ධකාරය පමණක් නොව බොහෝ දෙනාගේ හදවත් තුළ තිබූ බිය ද අඩු කළේය. පසුව දළදා මාලිගාවෙන් රාත්‍රී ආහාර පාර්සල් ලැබුණි.​එහි රැඳී සිටි කාලය තුළ මාතලේ තරුණ හිමිනමකගෙන් මට ‘පවර් බෑන්ක්’ එකක් ලැබුණු අතර, එය මගේ දුරකථනය ක්‍රියාත්මක කර ගැනීමට මහත් උපකාරයක් විය. මේ අතර මගේ නිවසේ සිටි මෙවන් සහ අම්මා ඇතුළු පිරිස අපගේ තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටියහ. මා පුදුමයට පත් කරමින්, එම හිමිනමගේ පියා මගේ පැරණි පාසල් මිතුරෙකු බව දැනගන්නට ලැබුණි. තවත් හාස්කමකි. ඒ අතරම, මෙල්බර්න් හි සිටින මගේ පුතා, මට අවශ්‍යම මොහොතේ මුදල් එවා තිබුණි. යසසිගේ දෙමාපියන් ද අපගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් අස්ගිරි විහාරස්ථානයේ නවාතැන් පහසුකම් සම්බන්ධීකරණය කර තිබුණි.​දින දෙකකට පසු විදුලිය නැවත ලැබුණි. එතෙක් විහාරස්ථානයෙන් අපට උණුසුම් ආහාර සහ කරුණාවන්ත වදන් ලැබුණි. මිනිසුන්ගේ මුහුණු දීප්තිමත් විය. දුරකථන පණ ගැන්වුණි. පිටත්ව යාමට පෙර, මම අවතැන් වූවන් සමඟ කතා කර අප ලැබූ පාඩම් බෙදා ගත්තෙමි. එක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මහා සංඝරත්නයට ස්තුති කරමින්, ඉටිපන්දම්වලින් ආලෝකය ගෙනා නිසා මට විහිළුවට “ආලෝක සර්” යැයි නමක් පටබැන්දේය.​මධ්‍යහ්නය වන විට අපි නිරුපද්‍රිතව නිවසට පැමිණියෙමු.​ජීවිතය යනු වැස්ස සහ සෙවණ, අහිමි වීම සහ කරුණාව අතර ගලා යන ගමනකි. අපි සිතුවම් මකා දමමු, දුරකථන නැති කර ගනිමු, බස් රථවල නිදා ගනිමු—නමුත් ඒ වෙනුවට කථාන්දර, ඇදහිල්ල සහ අමතක නොවන මානුෂීය උණුසුම ලබා ගනිමු.

  • මාර්ග අතුරුදන් වූ රාත්‍රිය

    ​අපේ ලොකු පුතා, “ලොක්කා”, කුඩා කල සිටම සුවිශේෂී චරිතයකි. ඉගෙනීමට මෙන්ම බාහිර වැඩවලටද ඔහු එකසේ දක්ෂ විය. ඔහුගේ මවට අවශ්‍ය වූයේ ඔහු ඇය මෙන් වෛද්‍යවරයකු වනු දැකීමට වුවත්, දෛවය සතු වූයේ වෙනස්ම සැලසුමකි. අද ඔහු දන්ත වෛද්‍යවරයෙකි; නමුත් සායනික කටයුතුවලට වඩා ඔහු ප්‍රිය කළේ අලුත් මාවත් සොයා යාමටය. කීර්තිමත් “චෙව්නිං” ශිෂ්‍යත්වය දිනාගත් ඔහු ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලට (LSE) පිටත්ව ගියේය. ඔහුගේ බිරිඳ නිම්නාද දන්ත වෛද්‍ය කථිකාචාර්යවරියක ලෙස බ්‍රිස්ටල් සරසවියේ පුහුණුවකට වරම් ලැබුවාය. ඔවුන්ගේ ගමන නොපෙනෙන බලවේගයකින් මෙහෙයවන්නාක් මෙන් මට දැනුණි.

    ​නොවැම්බර් මස අවසන් වීමට පෙර පිළිමතලාවේ ඔවුන් පදිංචිව සිටි කුලී නිවස භාර දිය යුතුව තිබුණි. නැතහොත් අත්තිකාරම් මුදලින් මසක කුලිය කැපෙනු ඇත. ඔවුන්ගේ බඩු බාහිරාදිය පේරාදෙණියේ නව නිල නිවසට ප්‍රවාහනය කිරීමට සිටි එකම නිරෝගී පුද්ගලයා මමයි. ලොක්කා මට කිසිවිටෙක අණ කරන්නේ නැත; ඔහු සැමවිටම ඉල්ලීමක් කරන්නේ ඉතා ආචාරශීලීවය. මගේ දෑතින්ම එය ඉටු කරදී ඔහුගේ මුදල් ඉතිරි කර දීමට මා තීරණය කළේ ඒ ගුණය නිසාමය.

    ​එහෙත් මගේ හිතේ එක් පුංචි දුකක් තිබුණි. අපේ පුංචි මිනිබිරිය, අසේලි, නිවසේ බිත්තියක ලස්සන පැස්ටල් සිතුවමක් ඇඳ තිබුණාය. මගේ දරුවන් කුඩා කල ඇඳි මෙවැනි සිතුවම් දශක ගණනාවක් තිස්සේ මම මොණරාගල සහ රදාවන නිල නිවාසවල සුරැකිව තබා ගත්තෙමි. නමුත් ලොව කිසිවක් සදාකාලික නැත. ඇගේ ඒ සුන්දර සිතුවම මකා දැමීමට සුදු හුණු බාල්දියක් ද රැගෙන මම නොවැම්බර් 27 වනදා ගමනට සූදානම් වූවෙමි.

    ​කාලගුණය අපට එරෙහි විය. දැඩි වර්ෂාව, සුළි සුළං අනතුරු ඇඟවීම් මැද ගමන කල් දමන ලෙස බොහෝ දෙනා උපදෙස් දුන්හ. නමුත් කාලය මට සතුරෙකු විය. පසුදා අලුයම කුඩයක් සහ ජංගම දුරකථනයක් පමණක් රැගෙන මම සහ රාසු නිවසින් පිටත් වූවෙමු.

    ​පිළිමතලාවට යන විටත් නොකඩවා වැසි වැටෙමින් තිබුණි. පොත්පත්, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම් සහ ගෘහ භාණ්ඩ අපි අසුරා අවසන් කළෙමු. විදුලිය විසන්ධි වී තිබූ අතර නගරයම අඩපණව තිබුණි. ගංගා පිටාර ගොස් මාර්ග අවහිර වී ඇති බව අපට ආරංචි විය. පේරාදෙණිය දෙසට පයින්ම ගිය මට කුඩා කඩයකින් බත් පාර්සල් දෙකක් සොයාගත හැකි විය. අවසානයේ ලොරි රථ රියදුරා මා සොයා පැමිණියේ දෛවෝපගත ලෙසය. විශ්වාසය පරීක්ෂාවට ලක්වන මොහොතේම උපකාරය ද පැමිණෙයි.

    ​සවස වන විට සියලු වැඩ අවසන් කළද, මහනුවරින් පිටවීමට තිබූ සියලු මාර්ග වසා දමා තිබුණි. අප කුරුණෑගල හරහා කොළඹ බලා යන බසයකට ගොඩ වූයේ වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි. ගලගෙදර ප්‍රදේශයේදී මහා ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර විය. එදින රාත්‍රිය අපට ගත කිරීමට සිදු වූයේ බසය තුළය. එළියේ මහා වැස්ස සහ සුළඟ දෛවය සමඟ තර්ක කරන්නාක් මෙන් මට දැනුණි.

    ​රාත්‍රියේදී රාසුගේ ජංගම දුරකථනය ජලයට වැටී අස්ථානගත විය. ඔහු දරුවෙකු මෙන් හැඬුවේය. ජීවිතය එදින රාත්‍රියේ අපට මීට වඩා විශාල පාඩම් කියා දෙන්නට සූදානම් වන බව මම දැන සිටියෙමි.

    ​පසුදා උදෑසන මග දෙපස දර්ශනය වූයේ බිහිසුණු දසුනකි. මඩ, ගල් සහ ගස්වලින් පාරවල් වැසී තිබුණි. නිවාස ඉරිතලා ගොස් තිබුණි. එහෙත් මිනිස්කම මියගොස් නොතිබුණි. පාරේ පයින් ගිය විදේශිකයන්ට උදව් කිරීමටත්, ට්‍රැක්ටර් මගින් ප්‍රවාහනය සලසා දීමටත් අපට හැකි විය. රුපියල් 3000ක් ගෙවා ත්‍රිරෝද රථයකින් අපි නැවත මහනුවරට ආවෙමු.

    ​තෙතබරිතව සිටි අපට ඇඳුම් මිලදී ගැනීමට මුස්ලිම් ජාතික වෙළඳ මහතෙකු තම කඩය විවෘත කර දුන්නේය. ඔහු මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළේ, “මෙය අල්ලාහ් දෙවියන් පිනක් කර ගැනීමට දුන් අවස්ථාවක්” බව පවසමිනි. එහෙත් මම හොර රහසේම ඔහුගේ පොත් අතර මුදල් තබා ආවෙමි.

    ​අස්ගිරි විහාරයේදී අපට උණුසුම් කොත්තමල්ලි කෝප්පයකින් සංග්‍රහ ලැබුණි. විපතට පත් බොහෝ දෙනෙක් එහි සිටියද, අප වෙනුවෙන් සුඛෝපභෝගී කාමරයක් වෙන් කිරීමට හිමිවරු කටයුතු කළහ. විදුලිය නොමැති වූ ඒ අඳුරු ශාලාවේ මා රැගෙන ආ ඉටිපන්දම් දැල්වූ විට, බොහෝ දෙනෙකුගේ මුහුණේ බිය පහව ගියේය. මාලිගාවෙන් ලැබුණු රාත්‍රී ආහාරය සැමට ප්‍රමාණවත් විය.

    ​ඒ දුෂ්කර මොහොතේ මාතලේ තරුණ හිමි නමකගෙන් ලැබුණු පවර් බෑන්ක් එකක් නිසා මගේ දුරකථනය පණ ගැන්වුණි. නිවසේ සිටි මගේ “ආපදා කළමනාකරණ කමිටුව” (බිරිඳ සහ මෙවන්) නොකඩවා අප ගැන සොයා බලමින් අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කළහ. මට උදව් කළ තරුණ හිමියන්ගේ පියා මගේ පැරණි පාසල් මිතුරෙකු බව දැනගැනීම තවත් ආශ්චර්යයකි. මෙල්බර්න්හි සිටින මගේ පුතාද ඒ මොහොතේ මගේ ගිණුමට මුදල් එවා තිබුණි. යසසිගේ දෙමාපියන් අපට අස්ගිරියේ නවාතැන් පහසුකම් සලසා දීමට මහත් වෙහෙසක් ගෙන තිබුණි.

    ​දින දෙකකට පසු විදුලිය ලැබුණි. අප එතැනින් පිටත්ව එන විට එහි සිටි සිසුන් මට “ආලෝක සර්” යැයි සුහදව අමතනු ලැබුවේ මා දැල්වූ ඉටිපන්දම් සිහි කරමිනි.

    ​ජීවිතය ගලා යන්නේ වැස්ස සහ සෙවණ, අහිමි වීම් සහ කරුණාව අතරය. අපි සිතුවම් මකා දමමු, දුරකථන නැති කර ගනිමු, බස් රථවල නිදා ගනිමු—නමුත් ඒ හරහා නොමියෙන මතකයන්, ඇදහිල්ල සහ මිනිස් උණුසුම ලබා ගනිමු.

    අවසානයේ ඉතිරි වන්නේ මිනිස්කම පමණි.

  • සිරි මාමා

    මතක ආවර්ජනයක් ලෙස (පවුලේ සැමට)
    ​”පරපාවෙන් බදුල්ලට — අපේ සිරි මාමාගේ අමමරණීය මතකය වෙනුවෙන්.”
    ​නමුණුකුල කඳු පාමුල සුන්දර පරපාව ගම්මානයෙන් ඇරඹී, ජීවිතය ජයගත් අපේ සිරි මාමාගේ නිහතමානී ජීවන චාරිකාව පිළිබඳ සොඳුරු මතක සටහනකි මේ. ඔහුගේ සරලකම, කරුණාව සහ අපට ලබා දුන් ආදරය සැමදා අපේ හදවත් තුළ රැඳෙනු ඇත

    පරපාවෙන් බදුල්ලට — අපේ සිරි මාමාගේ ජීවන චාරිකාව
    ​ඌව පළාතේ පස්සර නගරයට ආසන්නව, නමුණුකුල කන්ද පාමුල පිහිටි පරපාව යනු ඉතා සුන්දර කුඩා ගම්මානයකි. එය එම ප්‍රදේශයේ ඇති මනරම්ම ස්ථානවලින් එකකි. මගේ මවගේ සීයා වූ පරපාවේ කිරිඅප්පා, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවිය හැකි, උස, කඩවසම් පුද්ගලයෙකි. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අයත් නමුණුකුල තේ වත්තේ ‘කන්කානම්’ (අධීක්ෂක) ලෙස සේවය කළේය. නිතරම කැකී ඇඳුමෙන්, ජෝන් වයිට් බූට් සපත්තු, තොප්පිය සහ සාක්කු ඔරලෝසුවෙන් සැරසී සිටි ඔහු, අභිමානයෙන් හා ගෞරවයෙන් පිරුණු රුවක් විය.
    ​ඔහුගේ බිරිඳ වූ පරපාවේ කිරිඅම්මා, මිටි, කරුණාවන්ත හදවතක් ඇති, සැමටම ඉතා සුහදශීලීව සැලකූ කාන්තාවකි. පරපාව විහාරස්ථානය ගොඩනැගීමට දායක වූ ඇය, ඇගේ පරිත්‍යාගශීලී බව නිසාම ප්‍රසිද්ධියට පත්ව සිටියාය. සෑම වසරකම සිංහල අලුත් අවුරුද්දට පෙර කිරිඅප්පා බෝට්ටුවෙන් මදුරාසිය බලා සංචාරය කරන අතර, ආපසු එනවිට නෑදෑයින්ට සහ ගම්වාසීන්ට තෑගි බෝග, ඇඳුම් පැළඳුම් සහ රසකැවිලි රැගෙන ඒමට අමතක නොකළේය.
    ​ඔවුන්ට දරුවන් කිහිප දෙනෙකු සිටියහ. බාල පුතා වූ පරපාවේ ධම්මජෝති හිමියන්, ධර්මරාජ විද්‍යාලයේ සහ අස්ගිරිය පිරිවෙනේ ඉගෙනුම ලැබූ දක්ෂ ශිෂ්‍යයෙකි. ඔහු පැවිදි දිවියට ඇතුළත් වූ අතර පසුව නැවත ගිහි ජීවිතයට පැමිණිය ද, සැමගේ ගෞරවයට පාත්‍ර වූ කල්පනාකාරී පුද්ගලයෙකු විය. ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ සුදු මැණිකේ මගේ මිත්තණියයි. දෙවන දියණිය විවාහ වූයේ බද්දේගම වතු නිලධාරියෙකු වූ වීරසිංහ මහතා සමඟයි. ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා අපේ ආදරණීය සිරි මාමා විය.
    ​සිරි මාමා පරපාව සිට පස්සර මධ්‍ය මහා විද්‍යාලයට දිනපතා සැතපුම් දොළහක් පමණ පයින් ගමන් කළ දක්ෂ මෙන්ම අධිෂ්ඨානශීලී ශිෂ්‍යයෙකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු වාද විවාදවලට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටද දස්කම් දැක්වීය. වරක් ඔහු ඉංග්‍රීසි කථිකත්වය වෙනුවෙන් ‘Plantation Shield’ සම්මානය ද දිනා ගත්තේය. අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහු බදුල්ලේ ධර්මදූත විද්‍යාලයට ගුරුවරයෙකු ලෙස සම්බන්ධ විය. එහිදී ඔහු සිය ඉගැන්වීමේ රටාව සහ පිරිසිදු සුදු ජාතික ඇඳුම නිසා කාගේත් ආදරයට පාත්‍ර විය.
    ​සන්සුන්, ගෞරවනීය සහ යහපත් ගතිගුණවලින් පිරිපුන් ඔහුට කවුරුත් ආදරය කළහ. පරපාව ගෙදර එන සෑම අවස්ථාවකම ජෑම් ටින්, ටොෆි සහ වැඩිහිටියන් සඳහා බ්‍රිස්ටල් දුම්වැටි වැනි කුඩා තෑගි රැගෙන ඒමට ඔහු පුරුදුව සිටියේය. ‘අයිනොනා ආච්චි’ විසින් විවාහ යෝජනා කිහිපයක් ගෙන ආවද, එකල ඒවා සාර්ථක වූයේ නැත.
    ​දිනක් දුම්රියෙන් ගමන් කරමින් සිටියදී ඔහු හදිසි අනතුරකට ලක්ව රෝහල්ගත කෙරිණි. එහිදී ඔහුට කල්‍යාණි නන්දා නම් කරුණාවන්ත හෙදිය මුණගැසුණි. ඔවුන්ගේ මිතුදම පසුව ආදරයකට පෙරළුණු අතර කෙටි කලකින් ඔවුන් විවාහ විය. පසුව දෙදෙනාටම පස්සරට ස්ථාන මාරුවීම් ලැබුණි – ඔහු දිගටම ගුරු වෘත්තියේ යෙදුණු අතර ඇය රෝහලේ සේවය කළාය. කොටමුදුන ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ අලුත් නිවස සිනහවෙන් හා මිත්‍රත්වයෙන් පිරී පැවතුණි. සෑම ඉරිදාවකම අමුත්තන්ගෙන්, රසවත් කතාවලින් සහ රසවත් ආහාර වේලවල්වලින් ඒ නිවස ජීවමාන විය.
    ​වසර කිහිපයකට පසු, ඔවුන්ට මැණිකේ නමින් ලස්සන දියණියක ලැබුණි. පවුලේ කුඩා කුමරිය වූ ඇය ආදරය හා උණුසුම මැද හැදී වැඩී පසුව ගුරුවරියක බවට පත් වූවාය. ඇය සැවොම අතර ප්‍රසිද්ධ වූයේ “ජපන් ටීචර්” යන ආදරණීය නාමයෙනි.
    ​කාලය ගෙවී යද්දී කල්‍යාණි නන්දා හදිසියේම මෙලොවින් සමුගත්තාය. එය මුළු පවුලටම දැඩි ශෝකයක් විය. එසේ වුවද, සිරි මාමා තම ජීවිතයේ අවසන් දිනය දක්වාම නෑදෑ හිතමිතුරන් සමඟ සුහදව කතාබහ කරමින් ඉතා ගෞරවනීය ලෙස ජීවත් විය. ඔහුගේ මෘදු හඬ, නැණවත් අදහස් සහ කරුණාවන්ත හදවත අපගේ මතකයේ සදාකල් රැඳී පවතිනු ඇත.
    ​නමුණුකුල කඳු සෙවණේ පරපාවෙන් ඇරඹි ඔහුගේ ඒ සුන්දර ජීවන චාරිකාව බදුල්ලේදී නිසලව නිම විය. ඔහුගේ ජීවිතය ඔහුව හඳුනන සැමට ආශිර්වාදයක් විය. සරලකම, කරුණාව සහ පවුල කෙරෙහි වූ අපිරිමිත ආදරය නිසා ඔහු සැමදා අපේ හදවත් තුළ ජීවත් වනු ඇත.

  • From Parapawa to Badulla The Journey  of our Siri Mama

    From Parapawa to Badulla — The Journey of Our Siri Mama

    Parapawa is a beautiful small village at the foot of Namunukula Mountain near Passara in the Uva Province. It is one of the most scenic places in the area. My mother’s grandfather, Parapawe Kiriappa, was a tall, handsome man who could speak Sinhala, Tamil, and English fluently. He worked as the Kankanama (supervisor) at the British-owned Namunukula Tea Estate. Dressed always in a khaki suit, John White boots, hat, and pocket watch, he was a picture of pride and dignity.

    His wife, Parapawe Kiri Amma, was a short, kind-hearted lady who treated everyone with warmth and generosity. She helped build the Parapawa Temple and was well-known for her kindness and generosity. Every year before the Sinhala New Year, Kiriappa would travel by boat to Madras, returning with gifts, clothes, and sweets for relatives and villagers alike.

    They had several children. The youngest, Parapawe Damma Jothi Thero, was a brilliant student at Dharmaraja College and Asgiriya Pirivena. He became a monk, later returned to family life, and was a respected and thoughtful person. Their eldest daughter, Sudu Manika, was my grandmother. The second daughter married Mr. Weerasinghe, an estate officer from Baddegama. Their eldest son was our beloved Siri Mama.

    Siri Mama was a bright and determined student who walked nearly twelve miles daily from Parapawa to Passara Central College. He studied in English, was active in debating, and played football for his school. He once won the Plantation Shield for English speech. After completing his education, he joined Dharmadutha College in Badulla as a teacher, where he became popular for his teaching style and neat white national dress.

    He was loved by everyone — calm, respectable, and full of good manners. Whenever he came home to Parapawa, he brought small gifts — jam tins, toffees, and sometimes Bristol cigarettes for the elders. Marriage proposals were arranged by “Ayi Nana Achchi,” but none seemed to work out at the time.

    One day, while travelling by train, he had a sudden accident and was treated at the hospital. There he met a kind and caring nurse, Kalyani Nanda. Their friendship slowly turned into love, and soon they were married. Both received transfers to Passara — he continued teaching, and she worked at the hospital. Their new home at Kotamuduna was full of laughter and friendship. Every Sunday, the house was alive with visitors, stories, and delicious meals.

    A few years later, they were blessed with a beautiful baby girl named Manike — the little princess of the family. She grew up surrounded by love and warmth, later becoming a teacher herself, known affectionately as “Japan Teacher.”

    Sadly, one day Kalyani Nanda passed away suddenly, leaving deep sorrow in the family. Yet Siri Mama continued to live gracefully, speaking daily with friends and relatives until his final day. His gentle voice, wise thoughts, and kind heart remain in our memories.

    His journey began in Parapawa, beneath the shadow of Namunukula, and ended peacefully in Badulla. His life was a blessing to all who knew him — a man remembered for his simplicity, kindness, and lasting love for family.